තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 ඔක්තෝබර් 31, සඳුදා 14:24

ඔබ දෙදෙනාගේ පොරොන්දම් ගැළපෙනව ද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
දෙදෙනකු විවාහ වීමෙන් පසු එම විවාහය සාර්ථකව පවත්වාගෙන යාම සිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.

 

 

මෙහි බැඳීම් වගකීම් කැපවීම් යුතුකම් හමුවේ නොසැලී කටයුතු කිරීමට තරම් ශක්තියක් මෙන්ම සියල්ල ඉවසා විඳදරා ගැනීමේ ශක්තියක්, බුද්ධියක්

ඔබ සතුනම් සාර්ථක විවාහ ජීවිතයක් පවත්වාගෙන යාම අසීරු නැහැ.

විවාහය කරදරයක් ලෙස සිතන අය මෙන්ම තම කේන්දරයේ විවාහ දෝෂවලට බියෙන් විවාහයට බියෙන් පසුවන අය ද නැතුවා නොවෙයි. විවාහය බිඳීයන යෝග, සංසාර ගත විවාහ දෝෂ, ශනි මංගල යෝග, භෞමදෝෂ ආදී යෝග තිබුණ පමණින් විවාහ නොවී තනිකඩව සිටීම සැලකිය හැක්කේ මෝඩකමක් ලෙසයි.

විවාහ ජීවිතය පිළිබඳ කතා කිරීමේදී අමතක නොවන ග්‍රහයකු වශයෙන් සිකුරු ග්‍රහයා හැඳින්විය හැකියි. සැපවත් ලෞකික ජීවිතයක් ගතකිරීමට සුවිශේෂ අඩිතාලමක් සකස්කොට දෙන එකම ග්‍රහයා වන්නේ සිකුරුයි. කලාව – ආදරය – රාගය ආදියට ජන්මියා නැඹුරු කරලන්නට මුල්වන ග්‍රහයා සිකුරුයි.

අප මේ වන විට ඔබට පැහැදිලි කරමින් සිටින්නේ පොරොන්දම් පිළිබඳයි. මෙහි මුල් කොටසින් මෙහි වන වැදගත්කම සඳහන් කළා. පොරොන්දම් වශයෙන් අප හඳුන්වන්නේ එකින් එක බැඳී පවතින දම්වැලක් හා සමානයි. එහි එක පුරුකක් හෝ ලිහී ගියහොත් එය දම්වැලක් නොවෙයි.

පොරොන්දම් පිළිබඳ කතා කිරීමේදී අප ප්‍රථමයෙන්ම ඔබේ අවධානයට යොමුකරනු ලැබුවේ නැකැත් පොරොන්දමයි. අප අද විමසුමට ලක්කරන්නේ ගණ පොරොන්දම ගැනයි. කුමක්ද මේ ගණය කියන්නේ? දේව ගණය - මනුෂ්‍ය ගණය - රාක්ෂ ගණය ආදී වශයෙන් ඇති ගණ ගැන ඔබ සමහර විට අසා ඇති. බොහෝ දෙනෙක් මේ දේවල් වැරැදි විදිහට වටහාගෙන තිබෙන අවස්ථාවන් අප දැක තිබෙනවා.

“අපේ එක්කෙනා රාක්ෂ ගණේ අනේ. මම දේව ගණේ. දෙවියන්ටයි රාක්ෂයින්ටයි එක වහල යට ඉන්න බැහැනේ. එයාට හොස්ස අගින් මැස්සෙක් යන්න බෑ. රාක්ෂයෙක් වගේ මගේ ඇඟට කඩාගෙන පනිනවා. ඒත් මම ඉවසනවා. ලෝකෙට පේන්න සතුටෙන් සිටියට ගෙදර එකම යුද්ධයක්.”

සැබැවින්ම මේ සඳහන් කරන ආකාරයට රාක්ෂ ගණයට අයත් කෙනා රාක්ෂයෙක් වෙනවද? නැහැ. මෙය වැරැදි වැටහීමක් බව කිවයුතුයි. රාක්ෂ ගණය යන්නෙහි හරි තේරුම ගතහොත් ඉන් ඇඟවෙන්නේ රාක්ෂයා කියන කෙනෙක් නෙමෙයි. මෙතැනින් පැහැදිලි වන දේ නම් රාක්ෂ ගණයේ පුද්ගලයා මනුෂ්‍ය ගණයේ කෙනකු හා විවාහ වුවත් දේව ගණයේ කෙනකු හා විවාහ වුවත් ඕනෑවට වඩා තම බිරිය හෝ සැමියා හෝ ආරක්ෂා කරන්නට යාමයි. සැමියා රාක්ෂ ගණයේ අයකු නම් අධික ලෙස බිරියව ආරක්ෂා කිරීමට යාම, තනිව බිරියට කොහේවත් යන්නට නොදීම ඔහුගේ ගති ලක්ෂණයි. දේව ගණයේ අය නිදහස අගය කරන සාර්ථක සාමකාමී ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නා අයයි. මෙම උත්සාහය තුළ බිරිය රාක්ෂ ගණයේ නම් අනෙක් පාර්ශ්වය ඕනෑවට වඩා ආරක්ෂා කිරීමට යාම තුළ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය හැකියි. එම නිසා මෙම රාක්ෂ ගණය සහ දේව ගණය තුළ වැරැදි අවබෝධයක් ඇතිකර ගැනීම අසාධාරණය. මෙම පොරොන්දම් බැලීමේදී දෙදෙනාම එකම ගණයේ නම් එනම් බිරියත් සැමියාත් දේව ගණයේ නම් මෙය ඉතාම සුබවෙයි. ප්‍රීතිය - සතුට ළඟාකර දෙයි. එම යුවළගෙන් එක් අයෙක් දේව ගණයේ සහ අනෙක් කෙනා මනුස්ස ගණයේ නම් මධ්‍යස්ථයි. එය සුබයි. දේව ගණය සහ රාක්ෂ ගණයේ නම් අප මුලින් සඳහන් කළ ආකාරයට ඉහත කී හේතුන් මත ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ ප්‍රශ්න ඇතිවිය හැකියි. මෙසේ ඕනෑවට වඩා අනෙකා කෙරෙහි සොයා බැලීම ආරක්ෂා කිරීමට යාම නිසා එක් අයකුගේ ජීවියට හානි ගෙන දීමට පවා ඉඩ තිබෙයි. ඔවුන් දෙදෙනාගෙන් කෙනකුට මාරක අපලයක් ලෙස වුවද මෙය බලපාන්නට පුළුවන්. මෙය අහිතකර වන්නේ එම හේතුන් නිසයි.

ස්ත්‍රිය රාක්ෂ ගණයේත් පුරුෂයා මනුෂ්‍ය ගණයේත් නම් එය භයානක ප්‍රතිඵල ගෙන දිය හැකියි. ඔවුන් දුරදිග නොබලා ගන්නා ක්ෂණික තීරණ නිසා එය කොතැනින් කෙළවර වේදැයි කියා සිතිය නොහැකියි. මෙය ස්ත්‍රිය රාක්ෂ ගණයේ වීම සහ පුරුෂයා රාක්ෂ ගණයේ වීමට වඩා භයානක වෙයි.

ස්ත්‍රිය මනුෂ්‍ය ගණයේ සහ පුරුෂයා රාක්ෂ ගණයේ නම් එය ද සුබ තත්ත්වයක් ලෙස පැවසිය නොහැකියි.

මේ ආකාරයට ඔබට ගණ පොරොන්දම පිළිබඳ වටහා ගත හැකියි. හැකිනම් ඔබ දෙදෙනාගේ කේන්දර රැගෙන පරීක්ෂාකර බැලීමෙන් ඔබට යම්කිසි ආකාරයක ඉඟියක් එතුළින් ලබාගන්නට හැකිවේවි. නමුත් එක පොරොන්දමක් දෙකක් බැලූ පමණින් සියල්ල සම්පූර්ණ නොවන බව ද වටහා ගැනීම වැදගත්. හේතුව පොරොන්දම් 20 ක් තිබෙන නිසයි. මෙම පොරොන්දම් 20 න් කොපමණ ප්‍රමාණයක් ගැළපෙනවා ද සඵලවනවා ද යන්න විමසා බැලීමෙන් පසුවයි අප නිගමනයන්ට එළැඹිය යුතු වන්නේ.

 

 

 

උපදෙස් - ආචාර්ය බී. මංජුල පීරිස්

(විශ්ව කීර්ති - ඡ්‍යොතිෂ විශාරද දේශමාන්‍ය)

0112658811

 

 

 

 

3692 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 31, සඳුදා 14:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න