රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 ඔක්තෝබර් 31, සඳුදා 14:33

විවාහ නැකැත්වල වැදගත්ම ‘නැකැත’ උදාවන්නේ මේ වෙලාවටයි... විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
විවාහ කටයුතුවලදී එක් එක් කාර්යය සඳහා සුබ මුහුර්ත හෙවත් සුබ වේලාවන් ගණනාවක් සෑදීමට සිදුවෙයි.   බොහෝ දෙනා සිතන්නේ මෙයින් ප්‍රධානම නැකත වන්නේ පෝරුවේ චාරිත්‍ර සඳහා සාදන නැකත ලෙසයි. එසේ නොව වැදගත්ම සුබ වේලාවක් සෑදිය යුත්තේ යුවළ මධුසමය ගතකරන වේලාවටයි. එම සතුට ලැබිය යුත්තේ ඉතාම වාසනාවන්ත මොහොතකයි. එයින් එම යුවළගේ ආදරය – සෙනෙහස මෙන්ම වාසනාවන්ත දරුවන් ලැබීමටද හේතුවෙයි.

 

විවාහ නැකැත් මාලාව සෑදීමේදී ඡ්‍යොතිෂයට අනුව සැලකිය යුතු කාරණා ගැන සොයා බලමු.

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම චන්ද්‍රයා බලවත් දිනක පුරුෂයාට රවි බලවත් වීමත් ස්ත්‍රියට ගුරු බලවත් කාලයත් ඉතාම සුබවෙයි.

සඳුදා - බදාදා - බ්‍රහස්පතින්දා - සිකුරාදා දිනයන් සුබයි

මීන රාශියට අයත් මාර්තු 15 - අප්‍රේල් 15 අතර කාලයත් මිථුන රාශියට අයත් ජුනි 15 - ජූලි 15 අතර කාලයත් කන්‍යා රාශියට අයත් සැප්තැම්බර් 16 - ඔක්තෝබර් 15 අතර කාලයත් ධනු රාශියට අයත් දෙසැම්බර් 16 - ජනවාරි 15 අතර කාලයත් කෝණ මාස වේ. මෙම කාලය නොගත යුතුයි.

නවම් - මැදින් - බක් - වෙසක් - පොසොන් මාස ඉතා හොඳයි.

උත්‍රසල - උත්‍රපල් - උත්‍රපුටුප - රෙහෙණ - රේවතී - අනුර - හත - සා - මුල - මා - නැකැත් සුබයි.

පුර පක්ෂයේ 1 - 2 - 3 - 5 - 7 - 10 - 11 - 13 තිථි සුබයි.

තත්කාල කේන්ද්‍රයේ 6 - 8 පාපීන්ගෙන් තොරවිය යුතුයි. හත සුද්ධ විය යුතුයි. 11 වැන්නේ රවි සිටීම 1 වැන්නේ ගුරු බලවත්ව සිටීම හොඳයි.

වෘෂභ - මිථුන - කටක - සිංහ - කන්‍යා - තුලා - ධනු - මීන ලග්නවලින් ගැළපෙන ලග්නයක් ගත යුතුයි.

සඳු - බුධ - සිකුරු - ගුරු හෝරාවන් ඉතා සුබ වෙයි.

 

 

පාරම්පරික හෙළ වෙද - ඡ්‍යොතිෂවේදී ඒ. ඩී. යූ. රත්න ශ්‍රී

මාස්පොත- වාරියපොල

දුරකථනය - 0723520090

5522 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 31, සඳුදා 14:36
අදහස් එක් කිරීමට ලොග් වෙන්න