රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 නොවැම්බර් 08, අඟහරුවාදා 09:35

රුචියට අනුව මෝස්තර රැසක් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
Short & Sweet Nail Art

 

 

ලස්සන නිය පෙළක් සහිත දෑත ළඳකට ආභරණයක්. ඒ ඇයි දන්නවාද? දෑත තමයි  කෙනකුගේ පිළිවෙළත් පිරිසුදුකමත් ගැන කියන කැඩපත.

ඒ හින්දා පාසල් යන දියණියගේ සිට හැම ළඳක්ම තමන්ගේ දෙඅත් සහ නිය පෙළ ගැන සැලකිලිමත් විය යුතුමයි. මේ නිය පෙළ රටාවකට වර්ණ ගන්වා ගන්නත් සමහර ළඳුන් කැමැතියි.

ඒ අය වෙනුවෙන් තමයි නේල් ආට් කලාව බිහිවී තිබෙන්නේ. බොහොම පහසුවෙන් කළ හැකි ඒත් සුන්දරත්වයෙන් අනූන මේ නිය අලංකරණ මෝස්තර පෙළ ඔවුන් වෙනුවෙන්මයි.

ඔබේ රුචිකත්වය අනුව මෝස්්තරයක් තෝරාගන්නකෝ.

කොහොමද නේල් ආට් එකක් කරගන්නේ?

පළමුව නිය හොඳින් සෝදා පිරිසුදු කරගන්න. නිය කැපිය යුතු නම් කෙළවර කපා ඉවත්කරන්න. පිරිසුදු රෙදි කැබැල්ලකින් දෑත් සහ නිය හොඳින් පිසදා වියළාගන්න. පේපර් ටිෂූවලින් ද පිසදාගත හැකියි.

නිය හොඳින් වියැළුණු පසුව බේස්කෝට් එක ආලේපකරන්න. එය හොඳින් වියැළුණු පසු ඔබ කැමැති වර්ණය ගල්වාගන්න. එය ද හොඳින් වියළී යා යුතුයි. ඉන්පසු අවශ්‍ය වර්ණයකින් ඩොට් හෝ ඉරි ඇඳගන්න. ඒ සඳහා ටූත් පික් එක

මෙන්ම නොම්බර බිංදුව පින්සල ද භාවිත කළ හැකියි.

රටාව සඳහා වර්ණ කිහිපයක් භාවිත කරන්නේ නම් එක් වර්ණයක් ගැල්වූ පසු එය වියළීමට තබන්න. ඉන්පසු ඊළඟ වර්ණය ගල්වන්න. එය වියැළුණු පසු ඊළඟ වර්ණය ආලේප කරන්න. මේ විදිහට අවශ්‍ය රටාව ඇඳගන්න.

නියපොත්තේ පිටත නිය ආලේපන ගෑවී ඇත්නම් කොට්න් බඩ් එකකට නේල් රිමූවර් ගල්වා නියපොත්තේ පිටත පිසදා ඒවා ඉවත් කරන්න. නිය ආලේපන ගල්වා වියළී ගිය පසු කුඩා ගල් හෝ වෙනත් ඕනර්මන්ට් අලවන්නේ නම් ඒවා අලවන ගම් වර්ගය ගල්වා අලවාගන්න. නැත්නම් මෝස්තරය මත ට්‍රාන්ස්පේරන්ට් ටොප් කෝට් එක ගල්වා රටාව සීල්කරගන්න.

මෙහි දැක්වෙන්නේ එලෙස විවිධ රටාවන්ට කළ නිය අලංකාර ක්‍රම කිහිපයකි. ඔබටත් මේ විදිහට ඔබේ නිය පෙළ හැඩකරගත හැකියි.

5125 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 08, අඟහරුවාදා 09:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න