තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 නොවැම්බර් 15, අඟහරුවාදා 12:01

එයා මට මං එයාට ගැළපෙනවද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
දෙදෙනකු එක්වීමට කලින් පොරොන්දම් ගැළපීම් ගැන සැලකිලිමත්වීම කෙතරම් වැදගත් ද යන්න අප පසුගිය සතියේ කී කරුණුවලින් ඔබට පැහැදිලි වන්නට ඇති. අප එහි සඳහන් කළේ පොරොන්දම් කීපයක් පමණයි.

 

එහි ඉතිරි පොරොන්දම් ගැනත් එහි ගැළපීම් කෙසේද යන්න ගැනත් අපි අද විමසා බලමු.

අප මෙහිදී 3 වැනි පොරොන්දම වශයෙන් ගැනෙන මහේන්ද්‍ර යන පොරොන්දම විමසා බැලුවොත් එහි ගැළපීම මෙහිදී ඉතාමත් වැදගත් වනවා. අප ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 4 - 7 - 10- 13 - 0 - 9 - 22 - 25 වුවහොත් දරුඵල - දීර්ඝායු ලැබීමට එය හේතුවක් වෙයි. එය අන්‍ය නැකතකට වැටුණහොත් සුබඵල හීනයි.

 අප නැකැත් ගණිනු ලබන්නේ ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්‍යායි, වද මෛත්‍රී, පරම මෛත්‍රී වශයෙන්.

මෙහිදී ගැනගෙන යන විට ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත වඳ නැකතකට හසුවීම අසුබයි. මේ නිසා මෙම තත්ත්වයන් මඟහැරගෙන විවාහ ජීවිතයට පිවිසිය හැකිනම් විවාහයේ සතුට සාමය රඳාපවත්වා ගන්නට පුළුවන්.

මීළඟට අපට ස්ත්‍රී දීර්ඝ පොරොන්දම විමසා බැලිය හැකියි. මෙම පොරොන්දම වැදගත් කාර්යයක් සිදුකරන පොරොන්දමක්. මේ දෙදෙනාගෙන් ස්ත්‍රිය පුරුෂයා සතුටු කරනවාද, පුරුෂයා ස්ත්‍රිය සතුටට පත් කරනවා ද යන්න රඳා පවතින්නේ ස්ත්‍රී දීර්ඝ පොරොන්දම ගැළපීම මතයි. මේ හා සම්බන්ධ තවත් දේ පැවතුණත්

  මෙහිලා මෙයද වැදගත්කමක් දරයි.

අප කලින් සඳහන් කළ මහේන්ද්‍ර පොරොන්දම මෙන්ම මෙය ද ගැණගත යුතුවෙයි.

 

ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 1 - 2 - 3 - 4 - 5 - 6- 7 - 8 - 9 නම් මින් එකකට හසුවූවේ නම් එය අසුබයි. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම 10 - 11- 12 - 13 වී ඉන් එකකට හසුවේ නම් උපක්‍රමයෙන් ස්ත්‍රිය සතුටු කිරීමට පුරුෂයාට හැකිවෙයි. ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 නම් මෙයින් නැකැත් එකකට හසුවේ නම් ඉක්මනින් ස්ත්‍රිය සතුටු කිරීමට හැකිවීම නිසා එම පවුල් ජීවිතය තුළ සාමය සතුට රජකරයි.

තවත් එක් පොරොන්දමක් වන යෝනි පොරොන්දම ගැන ඔබ අසා ඇති.

එකම වර්ගයට අයත් සතකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත් ස්ත්‍රී යෝනි ස්ත්‍රියටත් හිමි වී නම් අසුබයි. එකම වර්ගයට අයත් සතුන් දෙදෙනකුගේ පුරුෂ යෝණි පුරුෂයාටත් ස්ත්‍රී යෝනි ස්ත්‍රියටත් හිමිවේ නම් අසුබයි.

එසේම එකම වර්ගයේ සතකුගේ ස්ත්‍රී යෝනි ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමි වී නම් ඉතා සුබයි.

එකම වර්ගයේ සතුන් දෙදෙනකුගේ පුරුෂ යෝනිය ස්ත්‍රියටත් ස්ත්‍රී යෝනිය පුරුෂයාටත් මාරු වී නම් මධ්‍යස්ථයි.

දෙදෙනාම එකිනෙකාට වෛරයෙන් පසුවන පිරිමි සතුන් දෙදෙනකුගේ යෝනිවල ඉපදී තිබේ නම් එය ඉතාම අසුබ වෙයි.

උදා. නයි - මුගටි. මෙහිදී සුබ තත්ත්වයක් ලෙස සිතිය හැක්කේ එසේ නොවී තිබීමයි.

දැන් බලන්න රාශි පොරොන්දම

මෙහිදී උපන් ලග්න දෙකේ සහ චන්ද්‍ර රාශි දෙකෙහි ගැලපීම ගැන බැලිය යුතුයි.

දෙදෙනාම එකම ලග්නයේ එකම චන්ද්‍ර රාශියේ නම් සුබයි.

දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන රාශිවලින් දෙකක නම් සුබයි. ස්ත්‍රී රාශියෙන් සත්වැනි රාශිය 9 - 10 - 11 රාශියක් පුරුෂයාට හිමිවීනම් එය සුබයි.

ස්ත්‍රී රාශියක් ස්ත්‍රියටත් පුරුෂ රාශිය පුරුෂයාටත් හිමිවී නම් එයද සුබයි. ස්ත්‍රී රාශියෙන් 3 - 4 - 8 - 12 රාශියක් පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි. දෙදෙනාම පුරුෂ රාශියේ වීමද මධ්‍යමයි. මෙයද අත්‍යාවශ්‍ය පොරොන්දමක් වන අතර විශේෂයෙන්ම මෙම රාශි පොරොන්දම ඉතාම වැදගත් පොරොන්දමක් බව කිව යුතුයි.

මීළඟට රජ්ජු පොරොන්දම පිළිබඳ විමසා බැලිය හැකියි.

පාද - කටිය - නාභි - බාහු – ගිපෝ ආදී රජ්ජු පොරොන්දම ගැන අප අසා තිබෙනවා. රජ්ජු පොරොන්දමද ඉතාමත් වැදගත් පොරොන්දමක්. දෙදෙනා විවාහ බන්ධනය නමැති රැහැනින් බැඳෙන ශාරීරික ස්ථාන අනුව ගෙන දෙන ඵල විපාකයන්ය. එබැවින් මෙය ඉතා හොඳින් තිබිය යුතු බැම්මකි.

එකම රජ්ජු පොරොන්දමෙන් දෙදෙනාම ඉපදුණා නම් ස්වාමියාට මාරකයි.

දෙදෙනා රජ්ජු පොරොන්දම වුවහොත් දෙදෙනාම බාහු පොරොන්දම වුවහොත් බෝන්ඩ රජ්ජු වශයෙන් දැක්වෙනවා.

දෙදෙනාම බෝන්ඩ පොරොන්දම වුවහොත් බිරියට නරකයි. දෙදෙනාම නාභි හෙවත් උදර රජ්ජු නම් ලැබෙන දරුවන්ට මාරකයි.

දෙදෙනාම කටීය රජ්ජු නම් දෙදෙනා විවාහ වූ දවසේ සිට දුප්පත්වෙනවා. පාද රජ්ජු නම් තැන් තැන්වල ඇවිද්දවයි.

මේ නිසා දෙදෙනා එකම රජ්ජුවක නම් අසුබ බවත්, දෙදෙනා රජ්ජු පොරොන්දම් දෙකක නම් සුබ බවත් දත යුතුයි.

 උපදෙස් - ආචාර්ය

බී. මංජුල පීරිස්

(විශ්වකීර්ති ඡ්‍යොතිෂ විශාරද දේශමාන්‍ය)

5038 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 15, අඟහරුවාදා 12:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න