තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 නොවැම්බර් 21, සඳුදා 14:37

උසස් මැනික්‍යූ සහ පෙඩික්‍යූ සත්කාර ක්‍රම විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
දෑත් දෙපා සුන්දරව තබා ගැනීම කාන්තාවන්ට පමණක් ආවේණික වූවක් යැයි බොහෝ දෙනා සිතති. එහෙත් අපිරිසුදු වී, නිය වැවී, කඩතොළු වූ සමකින් යුත් දෑත් දෙපා පිරිමියකුට වුවද ගෙන එන්නේ පි‍්‍රයජනක පෙනුමක් නොවේ.

 

කොතරම් කඩවසම් පිරිමියකුට වුවත් එවැනි දෑත් හා දෙපා නිසා එකතු වන්නේ අඩුලුහුඬුකම් ඇති පෙනුමක්මයි.

අපි සාමාන්‍ය ආකාරයට මැනික්‍යූ කිරීම හා පෙඩික්‍යූ කිරීම ගැන පසුගිය සතිවල පාඩම්වලින් කරුණු ඉදිරිපත් කළෙමු.

අද අපි තව දුරටත් දෑත් දෙපාවලට සිදු කළ හැකි සත්කාර කීපයක් පිළිබඳ පහදා දීමටත් සාමාන්‍ය රූපලාවණ්‍ය සත්කාරවලට එහා ගිය එහෙත් වඩා ප්‍රතිඵලදායක සත්කාර කීපයක් ගැනත් කරුණු ඉදිරිපත් කරන්නෙමු. මැනික්‍යූ සහ පෙඩික්‍යූ සත්කාර ක්‍රමය ඕනෑම දෑතකට දෙපයකට ක්‍රමානුකූලව පියවරින් පියවර නිම කළත්, කෙනකුගෙන් කෙනකුට දෑතේ හා දෙපයේ සම සහ නියපොතුවල ස්වභාවයන් වෙනස් විය හැකියි. මෙලෙස දකිනා වෙනස්කම් තුළ වියළි සම, රැළි ගැසුණු සම, අවපැහැ ගැන්වුණු සම ආදී ලෙස දෑතේ සම - පෙනුම විවිධ ලෙස හානිකර තත්ත්වයන්ට බඳුන්ව ඇති බව ඔබට පෙනේවි. එලෙසම විවිධ හානිකර තත්ත්වයන්ට භාජනය වූ නියපොතු ද ඔබ දැක ඇති. පතුරු ලෙස කැඩී යන නිය, ඉතා සිනිඳු නියපොතු, විවිධ දිශාවන්ට පැලී යන නියපොතු, ඉතා ඝන වූ නියපොතු, නියපොතු කෑමේ පුරුද්දට භාජනය වූ සම තුළට වැවුණු නියපොතු ආදී විවිධ අක්‍රමිකතාවන් සහිත තත්ත්වයන් ඔබගේ සේවාදායකයන්ගෙන් ඔබට දකින්නට හැකි වේවි.

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස ඔබේ කාර්යය වන්නේ මෙම තත්ත්වයන් වහා පාලනය සඳහා සුදුසු සත්කාරයන් සැපයීමයි.

Oil Manicure - Pedicure

නිතර කැඩී පතුරු මෙන් ගැලවී යන, ඝනව ඉරි වැටුණු, ඉතා වියළි නියපොතු සහ වියළි සම සහිත දෑත් දෙපා සඳහා කළ හැකි ඉතාම ප්‍රතිඵලදායී සත්කාරයකි. මෙමඟින් නියපොතුවල සහ සමේ වියළි බව වහා පාලනය කෙරේ. මේ සඳහා මුලින්ම සාමාන්‍ය මැනික්‍යූ හෝ පෙඩික්‍යූ ක්‍රමය අනුගමනයකර දෑත් දෙපා හොඳින් පිරිසුදු කරගත යුතුය. ඉන් පසුව ඔයිල් හීටර් උපකරණයක් තුළ ඔලිව් තෙල් මිලි ලීටර 100 ක් පමණ දමා සමාන්‍ය උෂ්ණත්වයක ඉතා ස්වල්ප වශයෙන් රත්කර ගත යුතු වේ. මෙම උෂ්ණත්වය දෑතට ඉතා සනීපයක්, සුවතාවක් දැනෙන ප්‍රමාණයට පමණක් රත් කිරීමට තරයේ වග බලා ගත යුතුය.

පසුව මෙම උපකරණයේ විදුලිය විසන්ධිකර කීප වතාවක් උණුසුම හොඳින් පරීක්ෂාකර බලා දෑඟිලි එය තුළ බහා විනාඩි 5-7 ක් පමණ කාලයක් තිබිය යුතු වේ.

ඉන් අනතුරුව ඇඟිලි, නිය, මැණික් කටුව ආශි‍්‍රත ප්‍රදේශය සහ දෑතේ සම යන සියලුම කොටස් ආවරණය වන පරිදි හොඳ සම්බාහනයක් සිදු කළ යුතු වේ. දෙපයේ ද වළලුකර හෝ දණහිස දක්වා මෙම සත්කාරය සිදු කළ යුතුය. මෙහිදී ක්‍යූටිකල් රිමූවර්, ක්‍යූටිකල් ඔයිල් හෝ ක්‍යූටිකල් ක්‍රීම් වැනි කිසිවක් අවශ්‍ය නොවේ.

සම්බාහනයෙන් අනතුරුව උණුසුම් ජලයෙන් පෙඟවූ තුවායක් ගෙන දෑත් හා දෙපා හොඳින් ම පිසදමා ගන්න. ඉන් පසුව ස්කින් ෆ්‍රෙෂ්නර් ආලේපනයක් දෑත් හා දෙපා පුරා ආලේප කරන්න.

නේල් පොලිෂ් රිමූවර් ටිකකින් පොඟවා ගත් පුළුං කැබැල්ලක් ගෙන නිය පොතු වටා හොඳින් පිස දමා නිය ආලේපන තැවරීමට සූදානම් කළ යුතුය.

පළමුව බේස් කෝට් ආලේප කරන්න. එය වියළෙන්නට හැර නිය වර්ණ ද ඉන්පසුව ටොප් කෝට් එක ද ආලේප කරන්න.

   උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

5123 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 21, සඳුදා 14:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න