තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 නොවැම්බර් 30, බදාදා 09:55

ඇත්තටම... පොරොන්දම් බලන්න ඕනෙමද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
පොරොන්දම් කියන්නේ මොනවාද? පොරොන්දම් ගැළපීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? එය පරීක්ෂා කරනු ලබන්නේ මොන ආකාරයෙන්ද? පොරොන්දම් බැලීම පිළිබඳ මෙවන් කරුණු කාරණා බොහෝමයක්ම සවිස්තරාත්මකව පැහැදිලි කරමින් ඒ පිළිබඳ ඔබටඅවබෝධයක් ගෙන දෙන්නට සිතුවා.

 

 

 එම දැනුවත්භාවය ඔබේ ජිවිතයට වඩාත් වැදගත් කොට සැලකිය හැකි දෙයක් නිසයි.

ඔබ ඡ්‍යෝතිෂය ගැන උනන්දුවක් දක්වන අයකු නම් දෙදෙනාගේ කේන්දරවලට අනුව පොරොන්දම් ගැළපෙනවා ද නැතිද යන්න ගැන ඔබටම බලා ගන්න හැකියි.

පසුගිය සතියේ අප අවසන් වරට කතා කළේ වෘක්ෂ පොරොන්දම ගැනයි.

වෘක්ෂ පොරොන්දමෙන් දෙදෙනාගේ කායික ශක්තිය විශේෂයෙන්ම දරුපල ඇතිවීමට හේතුවන ශක්තිය පරික්ෂාවට ලක් කෙරෙන බව අප සඳහන් කළා. මෙහිදී කිරි වෘක්ෂ හා හර වෘක්ෂ වශයෙන් දැක් වූ අතර දෙදෙනාටම කිරි වෘක්ෂ හිමි වුවහොත් දරුලාභ ලැබීමත් හර වෘක්ෂ හිමි වුවහොත් දරුඵල නොමැති බවත් සඳහන් වූ බව ඔබට මතක ඇති. කිරි වෘක්ෂ සහ හර වෘක්ෂ වශයෙන් පැහැදිලි වන්නේ කුමක් ද යන්න විමසා බලමු.

කිරි වෘක්ෂ වශයෙන් බෝ, දොඹ, නුග, කැලෑ අරලිය, වැටකේ, ඉඹුල්, හෝපලු, කොස්, වරා, මී අඹ දැක්විය හැකියි. හර වෘක්ෂ වශයෙන් ගොඩක, නෙල්ලි, අත්තික්කා, මාදං, කළුවර, කිහිරි, උණ, දිවුල්, බෙලි, කුඹුක්, සපු, මූණමල්, සැවැන්දරා, කොලොම්, කොහොඹ වැනි වෘක්ෂ දැක්විය හැකියි.

ඔබ විවාහක යුවළක් නම් ඔබ දෙපලගේ කේන්දරය අතට ගත් විට ඔබ කුමන වෘක්ෂයකින් උපත ලබා ඇත් ද යන්න ඔබට දැකබලා ගත හැකි වෙයි.

මීළඟට වැදගත් කොට සැලකිය හැකි තවත් පොරොන්දම් කීපයක් විමසා බලමු.

* ආයුෂ පොරොන්දම:

ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත දක්වා අභිජිත් නැකතත් සමඟ ගැණගෙන ගියවිට ලැබෙන ගණන ද පුරුෂයා උපන් නැකතේ සිට ස්ත්‍රිය උපන් නැකත දක්වා ගැණගෙන ගියවිට ලැබෙන ගණන ද ගණන් දෙකට වෙන වෙනම විසි හතෙන් වැඩිකර වෙන වෙනම විසි අටෙන් බෙදූවිට ලැබෙන ශේෂ දෙකෙන් ස්ත්‍රියගේ ගණනට ලැබුණු ශේෂය පුරුෂයාගෙන් ලැබෙන ගණනේ ශේෂයට වඩා අඩු නම් සුබයි. වැඩි නම් අසුබයි.

මෙහි වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජිවත්වන බව ද අඩු ශේෂයක් ඇති අය අඩු කල් ජිවත් වන බව ද හඟවයි.

නමුත් මෙහි එතරම්ම සත්‍යයක් නැත. ඊට හේතුව වන්නේ ආයුෂ සම්බන්ධයෙන් බැලිය යුතු කරුණු ගණනාවක් තිබෙන නිසයි.

* පංච පක්ෂි පොරොන්දම:

රාජාලියාට, බකමූණා ද, මොනරා ද, කුකුළා ද සතුරෙකි.

බකමූණාට - මොනරා ද - කුකුළා ද රාජාලියා ද , කපුටා ද සතුරු වෙති. මොනරාට - කකුළා ද කපුටා ද මිත්‍ර වෙති. කුකුළාට කපුටා සමවේ. කපුටාට රාජාලියා සමවේ.

මෙම පොරොන්දම් ගැළපීමෙන් දෙදෙනාගේ සතුට තවත් වැඩි වෙයි.

* පංච භූත පොරොන්දම:

ලොවේ තිබෙන ශක්තීන් පහකි. පඨවි - ආපෝ - තේජෝ - වායෝ - ආකාශ මෙලොව ජිවත්වන සෑම ප්‍රාණියකුටම බලපවත්වන නිසා පංච භූත පොරොන්දම ගැළපීම හොඳින් තිබිය යුතුයි. මෙය නොගැළපෙන්නේ නම් කායික - මානසික විපත්ති ඇති කළ හැකියි. පඨවි භූතයට තේජෝ භූතය සුබ නැත. හේතුව පොළොවට ඌෂ්ණය වැඩි වී වේළී ඇවිළී යන්නාක් මෙනි. පඨවි භූතයට ආකාශ භූතය ද සුබ නැත.

එවිට දෙදෙනාගේ කායික මෙන්ම මානසික සම්බන්ධය ද අහසට පොළොව මෙන් ඈත්වේ. පඨවි භූතයට පඨවි භූතය වීම ඉතාම සුබයි. ආපෝ භූතයට වායෝ භූතය සහ ආකාශ භූතය මධ්‍යමයි. ආපෝ භූතයට තේජෝ භූතය ඉතා අසුබයි. වතුරත් ගින්දරත් එකතුවීම සුබ නැත.

තේජෝ භූතයට වායෝ භූතයත් ආකාශ භූතයත් සුබයි.

වායෝ භූතයට අකාශ භුතය සුබයි. එක භුතයක දෙදෙනා ඉපදීම ඉතා සුබයි. මෙය ද අවශ්‍ය පොරොන්දමකි.

* ගෝත්‍ර පොරොන්දම:

මෙය එතරම්ම අවශ්‍ය පොරොන්දමක් නොවන නිසා ඒ පිළිබඳ විමසා බැලීම එතරම් වැදගත් නොවේ.

  

උපදෙස් - ආචාර්ය බී. මංජුල පීරිස්

 (විශ්වකීර්ති ඡ්‍යෝතිෂ විශාරද දේශමාන්‍ය)

3126 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 30, බදාදා 09:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න