තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2012 අගෝස්තු 06, සඳුදා 16:33

මුහුණ ගැන වගේම අත් පා ගැනත් සැලකිලිමත් වෙන්න

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(12 මනාප)
ලස්සන වෙන්න කරන හැම සත්කාරයක්ම මුහුණට විතරද? ඇයි අත් පා ගැන අඩු සැලකිල්ලක් දක්වන්නේ? මේ වැඩි දෙනකුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඔබ දන්නවද එයට හේතුව? අද වැඩි පිරිසක් තමන්ගේ මුහුණට දක්වන සැලකිල්ල සත්කාර තම දෑත් දෙපා කෙරෙහි දක්වන්නට වැඩි උනන්දුවක් නොගන්නා නිසයි. මෙන්න මේ නිසාමයි. මෙවර තම දෑත් දෙපා පිරිසුදුව නීරෝගිමත්ව තබා ගන්නට සැලකිලිමත් විය යුත්තේ කෙසේද? යන්න ගැන අප කතා කරන්නට සිතුවේ.

දෙපාවල විලුඹ පැලීමට ලක්වීම බොහෝ දෙනෙක් අත්විදින පීඩාකාරී තත්ත්වයක්. සාමාන්‍යයෙන් විලුඹ පැළීමට හේතුවක් වන්නේ විලුඹේ සමට යටින් මේද ස්ථරය ඝන ස්වභාවයක් ඇතිවීමෙන් ඒ මත වන තෙරපුමයි. මේ අවස්ථාවේදී ඔබ නිසි ප්‍රතිකාර නොගතහොත් මෙම පැළීම් සමේ ගැඹුරටම වර්ධනය වී රුධිරය වහනය වීම දක්වා වන තත්ත්වයට පත්වීම හානිදායක විය හැකියි. විලුඹ එසේ පැලීමෙන් පසුව ඒ ඔස්සේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමෙන් වේදනාකාරී බවක් ඇතිවන්නට පුළුවන්.

ඔබේ දෙපාවල විලුඹ ප්‍රදේශයේ මෙම පළමු තත්ත්වය දක්නට ලැබුණහොත් ඉක්මනින්ම Crack Cream  එකක්

භාවිත කිරීමෙන් එය මඟහරවා ගන්නට හැකිවේවි.

මෙහිදී කෝමාරිකා - කොහොඹ – කහ ආදී ස්වභාවික ඖෂධ සාරය අඩංගු නිෂ්පාදන භාවිත කිරීමට පුරුදුවෙන්න.

ඉහත කී තත්ත්වය හැරෙන්නට දෙපාවලට නිතර දහදිය දැමීම දුඟඳ හැමීම ආදී ගැටලු ද දක්නට පුළුවන්. මෙය වළක්වා ගන්නට නම් අවම වශයෙන් දිනකට වරක් හෝ දෙවරක් නියපොතු හා ඇඟිලි හොඳින් සෝදා තෙත මාත්තු කළ යුතුයි. මෙහිදී සමට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන ක්‍රියාකාරකම් නිසා ඇතිවන දුගඳ නැතිකර ගන්නට මනා සේදුමක් (Proper cleansing) කළ යුතුයි. සාමාන්‍ය සේදුමකින් මෙය සිදු නොවන නිසා ක්ෂුද්‍ර ජීවී නාශක අඩංගු Cleanser එකක් භාවිත කිරීම සුදුසුයි.

දෙපා සේදීමට අධික ලෙස උණුසුම් ජලය භාවිත කරන අයද සිටිනවා. මෙයින් දෙපාවල සම ඉක්මනින් වියපත්වීම සිදු කරවයි. මේ නිසා වඩා සුදුසු වන්නේ මඳ උණුසුම් ජලයයි.

දෙපා මත පහසුවෙන් කුණු දූවිලි රැඳීම නිසා මැරුණු සෛල තැන්පත් වීමෙන් එහි පැහැපත් බව අඩුවිය හැකියි. එම අපද්‍රව්‍ය ඉවත්කර ගැන්මට සුදුසු ස්ක්‍රබ් එකක් තෝරගෙන සියුම්ව ස්ක්‍රබ් කරන්න. ඉන්පසුව සමේ තෙතමනය රඳවා ගැන්මත් ඉතාම වැදගත්. කෝමාරිකා, කොහොඹ, කහ සහ විටමින් ඊ ආදී සංයෝග අඩංගුª මොයිස්චර්රයිසර් එකක් භාවිත කර හොඳින් සම්බාහනය කිරීම මෙයට හොඳම විසඳුමක්.

අධික වියළි කාල ගුණය හා සිසිල් දේශගුණික තත්ත්වයන්වලදී සමේ වියළි බවක් ඇතිවීම ඔබ අත්විඳ ඇති. මෙවන් අවස්ථාවලදි Foot crack cream එකක් භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම නිය ආලේපන ඉවත් කිරීමේදීත් සමට අහිතකර ද්‍රව්‍ය (Acetone) අඩංගු නොවන Lemon cleansing hand gel  වර්ගයක් භාවිත කරන්නටත් සැලකිලිමත් වන්න. දෙපාවල නියපොතු වලටත් මනා සත්කාරයක් අවශ්‍යම බව අමතක කරන්නට එපා. නිය කැපීමේදී කිසිවිටෙකත් කතුර භාවිත නොකරන්න. නිය කපන විට සමට තුවාල නොවන ලෙස ක්‍රමවත්ව මුවහත් වූ ඛ්තඪනනඥප එකක් භාවිත කරන්න.

නිය ඝනව වැඩීම – නිය සියුම් පොතු ලෙස ගැලවීයාම, අව පැහැවීම නිය හා සම අතර දිලීර වර්ධනයෙන් නිය කළු හා දුඹුරු පැහැවීම වැනි තත්වයන් වෙත් නම් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම වඩා වැදගත්.

දෙපා සහ දෑත්වල සුරක්ෂිතතාව අප හඳුන්වන්නේ Nail Lacquer Remover වශයෙන්. අප දැන් දෑත් සත්කාරය Clipper ගැන විමසා බලමු.

විශේෂයෙන්ම දෑත් හා නිය පිරිසුදුව තබාගත යුතුයි. ඒ සඳහා විසබීජ නාශක අඩංගු සේදුම් කාරකයක් භාවිත කරන්න. දෑත් මතුපිට සම ඉතා සියුම් නිසා ඉතා පහසුවෙන් රැලි වැටීමට ලක්විය හැකි නිසා තද උණුසුම් ජලය භාවිතයෙන් වැළකෙන්න.

නෑමෙන් පසු හොඳින් වියළාගත් දෙඅත් මත කොහොම, කහ, කෝමාරිකා විටමින් ඊ අඩංගු මොයිස්චර් ක්‍රීම් එකක් භාවිත කරන්න. කෘෂිකාර්මික කටයුතු හෝ ගෙදර දොර වැඩකටයුතු වලදි අත් වැසුම් ග්ලවුස් පාවිච්චි කරන්න. කාර්යබහුල වීම තුළ නිතර දෙඅත් සේදීම අපහසු නිසා අත්බෑගයේ රැගෙන යා හැකි ක්ෂණික දෙඅත් සේදුම් කාරකයක් Pedicure and Manicure  භාවිත කරන්න. පරිපූර්ණ සේදුමකට එය වඩාත් සුදුසුයි.

දෑත් - දෙපා නිතර හිරු එළියට නිරාවරණය වීමෙන් සමේ පිළිස්සීම් ඇතිවී අව පැහැවන්නට පුළුවන්. එය බොහෝ දෙනෙක් අත් විඳින දෙයක්. ඉතින් මෙම තත්ත්වය ඔබ වළක්වා ගන්නට ඕන. Fairness cream  එකක් ආලේප කර ඒ මත සුදුසු SPF අගයකින් යුත් (SPF 30) සන් ස්ක්‍රීන් ලෝෂන් එකක් භාවිතයෙන් ඔබට මෙය මඟ හරවා ගන්නටත් දැත් දෙපාවල පැහැපත් බව රැකගන්නටත් හැකිවේවි.

11464 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 අගෝස්තු 07, අඟහරුවාදා 14:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න