රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 නොවැම්බර් 30, බදාදා 10:25

පෞරුෂයේ සැබෑ රහස දැන්නෙ දන්නෙ... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
ලස්සන දෑතක් දෙපයක් කියූ පමණින් ම ඔබේ සිහියට එන්නේ කාන්තා දෑත් හා දෙපා. ඒත් දෑත් දෙපා පිරිසුදුව ලස්සනට තිබිය යුත්තේ කාන්තාවන්ගේ පමණක් ද? අපිරිසුදු අපිළිවෙළ දෑත් දෙපා පිරිමියකුට වුවද කොතරම් අවලස්සන පෙනුමක් ගෙන දේ දැයි සිතා බලන්න.

 

 

ඒත් පිරිසුදු දෑත් දෙපා මඟින් ඔබ කාන්තාවක වුවත් පිරිමියකු වුවත් ලැබෙන මනා පෙනුම ගැන සිතන්න.

එහෙම නම් මැනික්‍යූ - පෙඩික්‍යූ කිරීම කාන්තාවන්ට පමණක් සීමා වූවක් නොව පිරිමින්ට ද ඉන් ප්‍රයෝජන ගත හැකි බව සිතන්න. ඔබ රූපලාවණ්‍ය ශිල්පියකු හෝ ශිල්පිනියක නම් ඔබේ සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් මේ ගැන දැනුවත් කළයුතු අතරම ඔවුන්ට නිසි සේවයක් ද ලබා දිය යුතුය. ඒ සඳහා මේ පිළිබඳ වඩාත් හොඳින් ඔබ දැනුවත්ව සිටිය යුතුය.

පිරිමින් සඳහා වන මැනික්‍යූ - පෙඩික්‍යූ

කාන්තාවන් මෙන්ම පිරිමි පාර්ශ්වය ද තම දෑතේ හා දෙපයේ මනා පෙනුම රැක ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. ඒ නිසාම ඔවුන් මැනික්‍යූ පෙඩික්‍යූ සත්කාර කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවක් ඇත.

ඔවුන් වැඩි කැමැත්තක් දක්වනුයේ නියපොතු හතරැස්ව හෝ රවුම්ව ෆයිල් කිරීමටයි. එමෙන්ම ඔවුන් දියර නිය පොලිෂ් වෙනුවට වියළි නිය පොලිෂ් (dry polish)  ඒ සඳහා භාවිත කිරීමට කැමැත්තක් දක්වයි.

පිරිමි මැනික්‍යූ සත්කාරය සඳහා භාවිත කරන අනෙකුත් සියලු ම උපකරණ, ආම්පන්න සහ ආලේපන සාමාන්‍ය මැනික්‍යූ සඳහා භාවිත කරන ඒවා ම වේ.

සාමාන්‍ය මැනික්‍යූ සහ පෙඩික්‍යූ ක්‍රමයේ අනුගමනය කරන්නා වූ සියලුම ක්‍රම බේස් කෝට් ආලේප කිරීමේ පියවර දක්වාම කරගෙන ආ යුතුය. ඉන් පසුව නේල් බෆර් උපකරණය ගෙන එය මතට පවුඩර් පොලිෂ් ස්වල්පයක් තවරා නියපොතු එකින් එක පිරිමැදීමක් (බෆර් කිරීමක්) කළ යුතු වේ. මෙම බෆිං ක්‍රමය නිසි ලෙස ක්‍රියා කරන විට ඇඟිලි තුඩු දක්වා රුධිරය ගලා ඒම සිදුවන නිසා නිය රෝස පැහැයක් ගනී. එවිට ස්වාභාවික වර්ණ නේල් පොලිෂ් එකක් ආලේප කිරීමෙන් දෑතේ හා දෙපයේ ඇඟිලි වඩාත් අලංකාරව පෙනෙයි.

මෙවැනි ස්වාභාවික නිය වර්ණයක් ආලේප කරනවා නම් එයට ප්‍රථම බේස් කෝට් එකක් සහ පසුව ටොප් කෝට් එකක් ද ආලේප කිරීමට ද හැකියාව ඇත. නමුත් මෙය සේවාදායකයාගේ කැමැත්ත අනුව සිදු කළ යුතුයි.

දෑත් දෙපා සඳහා හයිඩ්‍රේටිං ට්‍රීට්මන්ට්

අධික ලෙස වියළි ස්වභාවක් ඇති දෑත්වල සමේ සෛලවලට අවශ්‍ය ජලය හා තෙතමනය සැපයීමට සහ පවතින තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට hydrating treatment සිදු කළ හැකියි.

සාමාන්‍ය ලෙස මැනික්‍යූ කිරීමෙන් අනතුරුව සම්බාහනයේ දී ඒ සඳහා මඳක් වැඩියෙන් සම්බාහන ක්‍රීම් ආලේපකර සැලකිය යුතු පීඩනයකින් තෙරපුම්කර සම්බාහනය කළ යුතුය.

ඉන් පසු ‘හයිඩ්‍රේටිං පැක්’ එකක් භාවිත කළ යුතුම වේ. එය විනාඩි 20ක් පමණ වේලාවක් සම මත තිබීමට හැරීමෙන් අනතුරුව සෝදා ඉවත්කර, සමේ තෙතමනය හොඳින් ආරක්ෂා කෙරෙන මොයිස්චර්රයිසර් එකක් ආලේප කළ යුතු වේ.

ස්කින් ලයිට්නිං මැනික්‍යූ - පෙඩික්‍යූ

දුර්වර්ණ වූ දෑත සහ දෙපයට මෙම ක්‍රමය භාවිත කෙරේ. දෑත දෙපය අව්වට පිළිස්සී ඇති නම් චදබඪ බචද ඵජපභඡ එකක් ගෙන හොඳින් සමේ ඉහළ ස්ථරවල ඇති මැරුණු, පිළිස්සුණු සියලුම සෛල ඉවත් කළ යුතුය. සම්බාහන ක්‍රීම්වලට ස්කින් ලයිට්නිං සීරම් ස්වල්පයක් එකතුකර හොඳ සම්බාහනයක් කිරීමෙන් අනතුරුව ස්කින් ලයිට්නිං පැක් එකක් ආලේපකර විනාඩි 20 ක් තබා සෝදා ඉවත් කළ යුතු වේ. හොඳ හෑන්ඩ් ඇන්ඩ් ෆුට් ලෝෂන් එකක් ආලේප කිරීමෙන් පසු හිරු ආරක්ෂිත ආලේපනයක් (සන් ක්‍රීම් එකක්) තැවරිය යුතුම වේ.

උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

4764 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 30, බදාදා 10:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න