රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 දෙසැම්බර් 05, සඳුදා 14:49

‘වශ්‍ය’ පොරොන්දම ගැළපේවි නම්අඹු සැමි බැඳීම් හැමදාමත් පවතීවි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(2 මනාප)
විවාහයට පෙර පරීක්ෂාකර බලන පොරොන්දම් මොනවාද?දෙදෙනාගේ කේන්දරවලට අනුවඑම පොරොන්දම්වල ගැළපීම් නොගැළපීම් සිදුවන්නේ කෙසේද? ඒ ඒ ග්‍රහ පිහිටීම් අනුව ගෙන දෙන ඵල විපාක ආදී දෑ පිළිබඳ ඔබට දැනුවත් බවක් ලබාදෙන්නයි මේ වෑයම.

 

එවැනි පොරොන්දම් කීපයක් පිළිබඳ අප පසුගිය සතිවල කතාකළා. අද විමසා බැලෙන්නේ එයට අදාළව අනෙකුත් පොරොන්දම් මොනවාද ඉන් ගෙන දෙන ප්‍රතිඵල කෙසේද යන්නයි.

වශ්‍ය පොරොන්දම

මෙම වශි්‍ය පොරොන්දමෙන් පෙන්වන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් වශීවීමයි.

මෙයද අවශ්‍ය පොරොන්දමකි. මනුෂ්‍ය

රාශි - මනුෂ්‍ය රාශිවල වශිය විය යුතුයි.

සිවුපා රාශි සිවුපා රාශිවලට වශීවේ. එය සුබයි.

ජල රාශි ජල රාශිවලට වශීවේ. රාශි 12 රාශි

මිශ්‍ර වූ විට සුබයි.

මේෂයට - මේෂ, වෘෂභ, සිංහ, වෘශ්චික,

ධනු, මකර වශීවේ. සුබයි.

වෘෂභයට - මේෂ, වෘෂභ, කටක, තුලා,

ධනු, මකර වශීවේ. සුබය.

මිථුනයට - මිථුන, කන්‍යා, තුලා, ධනු, කුම්භ

වශී වේ. සුබයි.

කටකයට - කටක, වෘශ්චික, මීන සහ මකර

වශී වේ. සුබයි.

සිංහයට - සිංහ සහ තුලා වශීවේ. සුබයි.

කන්‍යා - - මිථුන, කන්‍යා, තුලා, ධනු, කුම්භ

සහ මීන වශීවේ. සුබයි.

තුලා - මිථුන. කන්‍යා, තුලා, ධනු, මකර සහ

කුම්භ වශීවේ. සුබයි.

වෘශ්චික - කටක සහ වෘශ්චික වශීවේ. සුබයි.

ධනු - (පූර්වාර්ධනයට) මිථුන, කන්‍යා, තුලා,

ධනු, කුම්භ සහ මීන වශීවේ. සුබයි.

ධනු - (අපරාර්ධනයට) ධනුවට මේෂ, වෘෂභ,

ධනු, මීන සුබයි.

මකර - (පූර්වාර්ධනයට) මේෂ සුබයි. මේෂ,

ධනු, මකර, කුම්භ වශීවේ. සුබයි.

මකර (අපරාර්ධනයට) මේෂ, කටක,

මකර, කුම්භ, මීන සුබයි.

කුම්භයට - මේෂ, මිථුන, කන්‍යා, තුලා,

ධනු සහ කුම්භ සුබයි.

මීනයට - කටක, මකර සහ මින වශීවේ. සුබයි.

වේධ පොරොන්දම - අවශ්‍යම පොරොන්දමකි. විවාහයෙන් පසු දෙදෙනා අතර තිබෙන සම්බන්ධතාවය කැඩී බිඳී යයි ද බාධා කරදර ගෙන දෙයි ද යන්න දැන ගැනීමට මෙම පොරොන්දම අවශ්‍ය වෙයි. ‘ස්ත්‍රිය උපන් නැකතට පුරුෂයා උපන් නැකත වේධ වේ නම් පුරුෂයා උපන් නැකත ස්ත්‍රියට වේධ වේ නම් දෙදෙනා අතර ඇතිවන සෑම කටයුත්තකදීම බාධා අවහිරකම් ඇති කරයි. අස්විද නැකතට දෙට නැකත වේධයි.

 උත්‍රපුටක පුවපල්ද - රේවතියට මා

නැකත ද වේධයි.

දෙරණට - අනුර

කැතියට - විසා

රෙහෙණට - සා

මුවසිරසට - සිත සහ දෙනට

අද නැකතට - සුවණ

පුනාවසට - උත්‍රසල

පුෂ - පුවසල

අස්ලිස - මුල

මා - රේවති

පුවසල - උත්‍රසල

උත්‍රපල - පුවපුටුප

හත - සියාවස

සිත - මුවසිරස සහ දෙනට

සා - රෙහෙණ

විසා - කැති

අනුර - දෙරණ

දෙට - අස්විද

මුල - අස්ලිස

පුවසල - පුෂ

උත්‍රසල - පුනාවස

සුවණ - අද

දෙනට - සිත සහ මුවසිරස

සියාවස - හත

පුවපුටුප - උත්‍රපල්

උත්‍රපුටුප - පුවපල්

රේවතියට - මා වේධයි.

 

උපදෙස් - ආචාර්ය බී. මංජුල පීරිස්

(විශ්වකීර්ති ඡ්‍යෝතිෂ විශාරද දේශමාන්‍ය)

4687 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 දෙසැම්බර් 05, සඳුදා 15:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න