තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 දෙසැම්බර් 12, සඳුදා 13:14

දෑත හැඩ කරන නියපොතු රටා විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය ශිල්පයේ විවිධාකාර මානයන් පවතී. ඉන් එකක් ලෙස නේල් ආර්ට් හෙවත් නිය හැඩ කිරීමේ කලාව හැඳින්විය හැකියි.

 

මේ වන විට මෙය ලොව පුරා වැඩි ජනපි‍්‍රයත්වයක් හා ඉල්ලුමක් ඇති සේවාවක් වී ඇත. අලංකාර නිය රටාවන් මඟින් තම දෑතේ සුන්දරත්වය වැඩිකර ගැනීමට කාන්තාවන් තුළ ඇති කැමැත්ත දිනෙන් දිනම වැඩි වෙමින් පවතී.

නිය හැඩ කිරීම පමණක් තම සේවාව කරගත් රූපලාවණ්‍ය ශිල්පීන්ට වැඩි සේවාදායකයන් ප්‍රමාණයක් අඛණ්ඩව තම ව්‍යාපාරය කරා ගෙන්වා ගැනීමට හැකි වන්නේ එම සේවය තුළ තමන් දක්වන දක්ෂතාව, නිසි පුහුණුව හා නිර්මාණශීලී බව හේතු කොටගෙනයි.

නිය අලංකරණය අද ජනපි‍්‍රය මෝස්තරයක් බවට පත්ව තිබේ. වයස් බේදයකින් තොරව නව යෞවනියගේ පටන් මහලු වියේ කාන්තාවන් දක්වා මෙය විශේෂ අවශ්‍යතාවක් බවට දැන් පත්කරගෙන ඇත.

අලංකාර වූ ස්වභාවික නිය පෙළක් ඇත්තේ ස්වල්ප දෙනකුට පමණි. නමුත් ස්වාභාවික ඒවාට සමානව ම කෘත්‍රිම නිය ආදේශ කොටගෙන විවිධ වර්ණ, විවිධ මෝස්තර රටා මැවීමට කාන්තාවන් දක්වන්නේ බලවත් වූ කැමැත්තකි. මේ නිසා කුමන හෝ හේතූන් මත කෘත්‍රිම නියපොතු නිර්මාණය හෝ ආදේශ කිරීම ආරම්භකර ඇත.

එනම්,

* කැඩුණු නියපොත්තක් ආවරණය කිරීම සඳහා

* ඉතා කෙටි නියපොතුවල අවලක්ෂණ පෙනුම නැතිකර ගැනීමට

* නියපොතු සැපීමේ පුරුද්දක් ඇති අයට එයින් මිදීම සඳහා

* ඉක්මනින් කැඩෙන, පතුරු යන, පැලෙන නියපොතු ආරක්ෂාකර ගැනීම සඳහා යන කරුණු මුල් කරගෙනය.

 

Nail Tip Application  (ස්වාභාවික නියවලට කෘත්‍රිම නිය ආදේශ කිරීම)

හොඳ මැනික්‍යූ සේවාවකින් පසු අලංකාර වූ දෑතට, දිගු නිය පෙළක් තිබුණහොත් දෑතේ අලංකාරය දෙගුණ තෙගුණ වේ. ඒ සඳහා කෘත්‍රිම නියපොතු වර්ග රාශියක් වෙළෙඳ පොළේ ඇත. ඉන්, Clear Nails * Natural Nails * White Nails ලෙස ප්‍රධාන වර්ග හඳුන්වා දිය හැකිය. මේවායින් සේවාදායකයාගේ කැමැත්ත මත සහ නිය අලංකරණ ශිල්පියාගේ දැනුම මත සුදුසු වර්ගය තෝරා ගත යුතු වේ. මීට අමතරව විවිධ වර්ණයෙන් සකස් කළ නියපොතු, විවිධ රටා දැමූ නියපොතු, විවිධ හැඩයට සකස් කළ (ready to use)  නියපොතු වර්ග ඕනෑතරම් වෙළෙඳපොළේ දක්නට ඇත. මීට අමතරව,

* Nail Glue (නිය අලවන විශේෂ ගම් වර්ගයක්)

* Nail Cutter  (නිය අලංකරණ ශිල්පීන් භාවිත කරන විශේෂ නේල් කටරය)

* Nail File (නේල් ෆයිල්)

* Nail Buffer (නේල් බෆර්)

* Nail Brush  (නේල් බ්‍රෂ්)

* Nail Vitamin or Primer (නේල් විටමින් හෝ ප්‍රයිමර්)

* සාමාන්‍ය නිය වර්ණ හෝ ජෙල් නිය වර්ණ

* Base Coat – Top Coat යන වර්ග අවශ්‍ය වේ.

මෙම සේවාව සඳහා මැනික්‍යූ සේවාව සපයන මේසය සහ අසුන්ම භාවිත කළ හැකිය.

 Top application ක්‍රමය

පළමුව සේවාදායකයාගේ නිය පරීක්ෂාකර බලා, දිගු නියපොතු තිබේනම් ඒවා කෙටිව කපා ෆයිල් කරගත යුතුය. ඉන්පසුව නිය මත ඇති ස්වාභාවික දිස්නය දෙන කොටස, නේල් බෆර් එක භාවිතකර ඉවත් කරගත යුතුය.

මෙය කිරීමේ දී රූපලාවණ්‍ය ශිල්පියා මාස්ක් එකක් පැලඳ සිටිය යුතුය. ඒවා නේල් බ්‍රෂ් එකෙන් පිස ඉවත්කර සෑම නියපොත්තක් මතම නේල් විටමින් එකක් ආලේප කිරීම අවශ්‍යය.

ඉන්පසු සේවාදායකයාගේ නියවලට ගැළපෙන ලෙස තෝරා ගත් නියපොත්ත බැගින් ගෙන, ගම් භාවිත කරමින් ඒවා එකින් එක අලවා ගැනීම කළ යුතු වේ. මෙහිදී කෘත්‍රිම නියපොත්තට ගම් දැමීමට වගබලා ගන්න.

මෙසේ අලවා ගත් නියපොතු සේවාදායකයාගේ කැමැත්ත අනුව අවශ්‍ය දිගට කපා ගැනීම කළ යුතුයි. මේවා හතරැස් හැඩය, ඕවල් හැඩය, රවුම් හැඩය හෝ උල් හැඩය වැනි ඕනෑම හැඩයකට කපා ෆයිල් කරගත යුතුය. ඉන් අනතුරුව බේස් කෝට්, නේල් කලර්, ටොප් කෝට් ආලේප කිරීම සිදු කළ යුතුය.

ඔබ මෙහි දකින රතුපැහැ නියපොතුවල ජෙල් නිය වර්ණ ආලේපකර ඇත. මේවා ආලේපකර වියළීමට UV ලාම්පුවක් අවශ්‍ය වේ. මෙය නූතනයේ නිය සේවාවන්ට බෙහෙවින් උපකාරී වන නිසා UV lamp  එකක් සඳහා ඔබ කරන ආයෝජනය වඩා හොඳ සේවාවකට හා හොඳ ආදායම් මාර්ගයක් සඳහා කරන වැය කිරීමකි.

ඉදිරි පාඩම්වලින් නේල් එක්ස්ටෙන්ෂන්ස්, ඇක්‍රලික්, ජෙල් නේල් ගැන දැනුම සපයමු.

 

උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

4224 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 දෙසැම්බර් 12, සඳුදා 13:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න