තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 මාර්තු 24, සිකුරාදා 14:43

මනාලියන් සිහින මැඳුරට කැන්දන සෆ්නා විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සෆ්නා කාදර් ඇය රූපලාවණ්‍ය කේෂේත්‍රයේ ජනප්‍රියතම රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඒ වගේම රූපලාවණ්‍ය කේෂේත්‍රයට මහත්වූ මෙහෙවරක් කරන්නට නිරතුරුවම ඇප කැප වන ශිල්පිනියක්. මනාලියක් තම සිහින මැඳුරට කැන්දන්නට සෆ්නා මේ දිනවල සූදානම් වන බවක් අපට දැනගන්නට ලැබුණා.

  

* අලුත් වෙනසක් කරන්නට ඔබ සූදානම් වෙනවා වගේ?

ඇත්තටම ඔව්. රූපලාවණ්‍ය කියන්නේ හැමදාම එකම තැන තියෙන එකම විදියට කටයුතු කරන කේෂේත්‍රයක් නෙමෙයි. රූපලාවණ්‍ය කේෂේත්‍රයට දිනෙන් දින අලුත් දේවල් එකතු වෙනවා. ඒ දේවල් එක්ක අපිත් අලුත් වෙන්න ඕන. රූපලාවණ්‍ය ශිල්පිනියක් වශයෙන් අපි අපේ සේවාදායකයන්ට හොඳ සේවයක් ලබාදෙන්නට ඕන. ඔවුන්ට අවශ්‍ය පහසුකම් අප ආයතනය තුල තිබිය යුතුයි. මේ නිසා මම මගේ සැලෝන් එකේ හොඳ වෙනසක් කරන්න සිතුවා. මනාලියන්ගේ සිහින මැඳුර නවීකරණය වෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි.

 * ඔබ රූපලාවණ්‍ය කේෂේත්‍රයට පිවිසිලා සෑහෙන කාලයක්. ඒවගේම රූපලාවණ්‍ය පිළිබඳව දැනුම් සම්භාරයක් අති. ඒ උදෙසා ඇගයුමට සම්මානයට පාත්‍ර වූ රූපලාවණ්‍ය ශිල්පිනියක්....?

මම රූපලාවණ්‍ය කේෂේත්‍රයට පිවිසිලා දැනට වසර පහළවකටත් වඩා වැඩියි. ලංකාවේදී මා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් යටතේ දැනුම ලබාගත් පසුව විදේශ ගත වී තමන්ම රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳව දැනුමක් ලැබුවා. ඒ ශිල්පීය දැනුමත් සමගයි මා මහබාගේ සහ මාබෝලේ යන ප්‍රදේශවල සැලෝන් සෆ්නා ආරම්භ කළේ.

මේ වන විට අප ආයතනය ව්ඍQ ඹ්ඡ්ඍඡ්ඹ් - 4 ඛ්ඪබර චදඤ ඨභඪතඤඵ වෘත්තීය සුදුසුකම් ලබා තිබෙනවා. අප ආයතනයේ දැනුම ලබන මෙන්ම දැනුම ලබා පිටව ගිය සිසුවියන් බොහොමයි. ඉදිරියේ ඔවුන් සමඟ එක්ව දීප ව්‍යාප්තව රූපලාවණ්‍ය වැඩමුළු පැවැත්වීමට මා බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ ප්‍රමුඛ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයක් වන පබා සංගමයේ ප්‍රධාන කමිටු සාමාජිකාවක් ලෙස කටයුතු කරන සෆ්නා ඒ තුළින් රූපලාවණ්‍ය කේෂේත්‍රයට මහත් වූ මෙහෙවරක් ඉටුකරලීමට තම දායකත්වය ලබා දෙයි.

මනාලියන් හැඩගැස්වීමේ දී ඔවුන් වෙතින් ඉතාමත් ආකර්ශණීය පෙනුමක් වැඩි සුන්දරත්වයක් මතු කර ගන්නට සෆ්නා තුළ ඇත්තේ සුවිශේෂී හැකියාවකි. මේ නිසාම තම මංගල දිනයේ දී සෆ්නා අතින් හැඩවන්නට ඇයගේ සේවය ලබාගන්නට දුරබැහැර ප්‍රදේශවල සිට පවා පැමිණෙන යුවතියන් බොහෝ වෙති.

මනාලියක් වන්නට සූදානම් වන හැම යුවතියක් ම කැමැති අනෙක් අයට නොදෙවැනි වෙන විදිහට හැඩවෙන්නටයි. ඇය සෑහිමට පත්වන ආකාරයෙන් ඒ අයගේ කැමැත්තට අනුව හැඩගැස්වීම් කරන එක රූපලාවණ්‍ය ශිල්පීන්ගේ වගකීමක්. සමහරුන් මනාලියක් සේ හැඩගැස්වූ පසු ඔවුන්ට ඔවුන්වම හඳුනාගන්නට බැරිතරම් වෙනසක් ලස්සනක් ඉස්මතු වෙනවා. මෙහිදී සමහරුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු නැගෙන අවස්ථාවක් තිබෙනවා.

මනාලියක් හැඩගැන්වීමේ දී ඇයගේ මංගල ඇඳුම්, ආභරණ, කොන්ඩා මෝස්තරය , මේක් අප් , මල්කලඹ ආදී සියල්ලක්ම හොඳින් ගළපා ගැන්ම අවශ්‍යයි. හුගාක් වෙලාවට මම හැඩගන්වන මනාලියන්ගේ මංගල ඇඳුම්, ඔවුන්ගේ සිරුරේ හැඩය ඉස්මතු වන ආකාරයට නිර්මාණය කරන්නේ මා විසින්මයි.

 * ඔබ අතින් මුස්ලිම් ජාතික මනාලියන් හැඩගැන්වෙන අවස්ථාවන් බොහොමයි නේද?

ඔව්. මුල්ම කාලයේ මුස්ලිම් මනාලියන්වම විශේෂ වූ මංගල ඇඳුමක් තිබුණේ නෑ. මම තමයි මුල්ම වරට ඒ අයට ගැළපෙන මංගල ඇඳුමක් නිර්මාණය කළේ. මුස්ලිම් මනාලියන් තමන්ගේ සිරුර නිරාවරණය වන ආකාරයෙන් මංගල ඇඳුම අඳින්නේ නෑ. එමනිසා ඇයගේ සිරුර හොඳින් ආවරණය වන ආකාරයටයි මංගල ඇඳුම නිර්මාණය කළ යුතු වන්නේ.

 * කොහොමද ඔබේ රූපලාවණ්‍යාගාරයේ කටයුතු සිදු වන්නේ?

ඉතාමත් හොඳින් සිදුවෙනවා. කාන්තාවන් අවශ්‍ය සියලුම රූපලාවණ්‍ය කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම සම පැහැපත් කරන ෆේෂල් ස්ක්‍රීන් ට්‍රීට්මන්ට්, හෙයා ට්‍රීට්මන්ට්, හෙයාකට් රීබෝයින්, කලර් , ඔයිල් මසාජ්, හෙයා මසාජ්, ආදී සියල්ලකම සිදු කෙරෙනවා.

මේ දිනවල මා නවතම රූපලාවණ්‍ය පාඨමාලාවක් වගේම මාස හයක පාඨමාලාවක් පවත්වනවා. මෙහිදී ඉතාමත් හොඳ දැනුමක් පුහුණුවක් මේ අයට ලබාදෙනවා. මගේ අරමුණ මෙම සිදුවියන් අතරින් රූපලාවණ්‍ය කේෂේත්‍රයට දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියන් පිරිසක් බිහි කරවීමයි. ස්වයං රැකියාවක් වශයෙන් මෙය කරන්නට බලාපොරොත්තු වනවා නම් ඉතාමත් හොඳින් ඉතාමත් සාර්ථකව තම දැනුම පුහුණුව ලබා ගැන්ම අත්‍යාවශ්‍ය බව අමතක නොකළයුතුයි.

මෙම කේෂේත්‍රයට පිවිසෙන්නට සූදානම් වී සිටින නවක පිරිසට අවශ්‍ය උපදෙස් ලබාදීම. නිවැරැදි මඟ පෙන්වීම ප්‍රවීණයින් වෙතින් ඉටුවිය යුතු වගකීමක් වගේම ලොකු සේවයක් නේද?

ඇත්තටම ඔව්. නවකයින්ට මගේ උපකාරය ලබාදෙන්නට මම සූදානම්

  011 4 953 468

4495 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 24, සිකුරාදා 14:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න