රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:30

රූපලාවණ්‍ය වෘත්තියේ දී සෞඛ්‍යය හා ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
සෞ ඛ්‍යය හා ආරක්ෂාව අපගේ ජීවිතවලට බෙහෙවින් වැදගත් වේ. කොතරම් ලස්සන රුවකට කැමැත්තක් ඇතත් සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු පැන නගී නම් රුව ලස්සන කරගැනීමට දෙවරක් සිතීම සාධාරණය.

 

එහෙත් අපේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම රූප සොබාව ද එකසේ ජීවිතයකට වැදගත් වේ.

ඔබ රූපලාවණ්‍ය ශිල්පියකු හෝ ශිල්පිනියක නම් මේ පිළිබඳ දෙයාකාරයක වගකීමක් ඔබ සතුය.

එනම්, ඔබේ ආරක්ෂාව ගැන සිතිය යුතු අතරම ඔබේ සේවාදායකයාගේ ආරක්ෂාව ගැන ද සිතිය යුතුය.

මේ අංශ දෙකෙන් එකක් හෝ ඔබට මඟහැරීමට නොහැකිය. පසුගිය පාඩමෙන් අපි මේ පිළිබඳ ප්‍රධාන කාරණා දෙකක් ගැන දැනුවත් වුණ අතර අද අනෙක් විශේෂ කරුණ ගැන දැන ගනිමු.

රූපලාවණ්‍ය රැකියාවේ දී සිදුවිය හැකි අනතුරක් හෝ අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීමට සුදුසු කාරණා ක්‍රියාත්මක කළ යුතුය. ඒ යටතේ,

* මෙම රැකියාවේ දී භාවිත කරන උපකරණ ආදිය නිසි පරිදි නඩත්තු කිරීම සහ ඒවායෙහි ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ යුතුය.

* භාවිත කරන සියලුම ආලේපන වර්ග කල් ඉකුත්වන දින අනුව අනුපිළිවෙළට ගබඩා කිරීම, එමෙන්ම භාවිත කරන රසායනික වර්ග ආරක්ෂාකාරීව ගබඩා කිරීම සහ ඒවා ආරක්ෂාකාරී ලෙස පරිහරණය කිරීම වැදගත් කරුණක් වේ.

* සේවාදායකයා මෙන්ම ඔබගේ ද ආරක්ෂාව සඳහා භාවිත කළ යුතු පෞද්ගලික ආරක්ෂණ අත්වැසුම්, ශරීරාවරණ ආදී සියලුම දේ භාවිත කිරීම අත්‍යවශ්‍යය.

* හදිසි ගින්නක දී එය මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය ගිනි නිවන උපකරණ සෑම සේවා ස්ථානයකම තිබිය යුතු අතර ඒවා භාවිත කිරීම පිළිබඳ මනා පුහුණුවක් සේවකයන්ට සැපයීම ද ඉතාම වැදගත් කරුණකි.

* ජීවානුහරණය කිරීම හා පිරිසුදු කිරීමේ නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් සැලෝන් එක තුළ භාවිත කරන සියලුම උපකරණ හා ආම්පන්නවල ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම තුළින්, ලෙඩ රෝග පැතිරීමේ හා වැලඳීමේ අවස්ථාවන් අවම කිරීම අවශ්‍යම කරුණකි.

* හදිසි අනතුරක දී වහා ප්‍රතිකාර දීමට හැකියාව ඇති සියලුම දේ අඩංගු අංගසම්පූර්ණ ප්‍රථමාධාර පෙට්ටියක් නිතරම සූදානමින් තිබිය යුතු අතර ඒවා භාවිත කිරීම පිළිබඳ සේවකයන් දැනුවත් කිරීම අනිවාර්යයෙන් කළ යුතු වේ.

* නිසි ක්‍රමයක් අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම මීළඟ වැදගත් කාරණාව වේ.

රූපලාවණ්‍යාගාරයක් තුළින් විවිධ අපද්‍රව්‍ය වර්ග බැහැර කළ යුතු අතර තුවාල සිදු වියහැකි අනතුරුදායක අපද්‍රව්‍ය (ජතඪදඪජචත ඹචඵබඥ) බඳුනකට, විසබීජ පැතිර හෝ එම පළාතේ පවතින නීති රීතිවලට අනුව ඒවා බැහැර කිරීම හා බැහැර කරන තෙක් නිසි ලෙස බඳුන් තුළ රඳවා තැබීම ද කළ යුතුය.

  උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

1333 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න