තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:30

ක්‍රිෂ්ණ මූර්ති ජ්‍යෝතිෂයට අනුව ඔබගේ ප්‍රේමය සහ විවාහය විශේෂාංග

ලිව්වේ  පමිතා කුමාරි ගුණතිලක
අගයන්න
(0 මනාප)
හඳහනක 5 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා වෘෂභ රාශියේ පිහිටි පුරුෂයන් හා ස්ත්‍රීන් ගැන මෙසේ කිව හැකියි.

 

පුුරුෂයන් - තම සහකාරියව වටහා ගැනීමටත් තෝරා ගැනීමටත් දිගු කලක් ගත කිරිම වෘෂභ පුරුෂයන්ගේ ගතියකි. එතරම් කලහකාරී නැත. සතුටුදායක විවාහ දිවියක් ගත කිරීමට උත්සාහ කරතත්, වෙනත් අනියම් සබඳතා ඇතිවීමට ඉඩ ඇති බව සිතන්න. උණුසුම් ආදරබර ප්‍රතිචාර ඇති බිරියක් ලද හැකියි. සිත් ගන්නා සුළු ස්ත්‍රීන්ට පමණි ඔබේ ඇසුර හිමි වෙන්නේ. එසේම වෘෂභය හිමි පිරිමි ඉතා සංවේදීය.

ඉහත පිහිටීම හඳහනේ ඇති වෘෂභ ලග්න ස්ත්‍රීහු ගෞරවනීයව ප්‍රේමයටත් ලිංගික දිවියටත් සලකති. අවංක හිතෛෂී අය වෙති. ඉතාමත් අඩු වයසකදී විවාහය වූ විට බලාපොරොත්තු බිඳී දික්කසාදයක් සිදුවීමේ සම්භාවිතාව වැඩියි. මෙම පිහිටීම ඇති වෘෂභයේ ස්ත්‍රීන් මුදල්වලට ඉතා කැමැති නිසා සමහර විට ප්‍රේමයට වඩා මුදලට මුල්තැන දී විවාහය කරයි. මුදල්, ව්‍යාපාර, මනා ගේ දොර පතන ඔබ ඒවා දිය හැකි සැමියකු ලැබෙන තුරු ඉවසා සිටීමෙන් ජය ලබයි.

වෘෂභ රාශියේ ඔබට හිමිවන විවාහ සහායක පෙනුම, ගතිගුණ, භාව පිහිටීම් අනුව විමසා බලද්දී හත භාව ස්ඵුඨයේ උපස්ථානය අධිපති ග්‍රහයා විනිශ්චය කර බලද්දී රවි ග්‍රහයා හි අධිපතිව හෝ නක්ෂත්‍රය හිමි ග්‍රහයා රවි වූ විට මිටි, තලෙළු, හොඳ ශරීරයක් හිමි පළල් කටක් ඇති ක්‍රීඩාශීලී, වාදශීලී, නිරහංකාර කෙනකු විවාහයට ලැබේ. හත භාව ස්ඵුඨයේ උපස්ථානය අධිපති සඳු නම් හෝ සඳු තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමි ග්‍රහයා සඳු නම් ශක්තිවන්ත, වැඩුණ සිරුරැති, පැහැපත්, යහපත් අයකු විවාහයට හිමි වේ. ජන්ම පතේ 7 භාව ස්ඵුඨයේ අධිපති කුජ නම් හෝ කුජ තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා කුජ නම් එවන් වෘෂභ ලග්න අයට විවාහයට මධ්‍යම උසක්, සවිමත් සිරුරක්, රළු සහ තද හිසකෙස් ඇති ඉතා හිතුවක්කාර, ඉලක්කයකට වැඩ නොකරන අභාග්‍යවන්ත අයකු ලැබේ.

හත භාව ස්ඵුඨයේ උපස්ථානය අධිපති බුධ ග්‍රහයා නම් හෝ බුධ තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා බුධ වූ වෘෂභ අයට සිහින් ශරීරයක් ඇති, කෙටි ගණ කෙස් ඇති, ක්‍රීඩාශීලී, කලාත්මක, ඉදිරියටම යන, ඉතිරි කිරිමට කැමති අයකු විවාහයට උරුම වේ. හත භාව ස්ඵුඨයේ අධිපති ගුරු ග්‍රහයා වේ නම් හෝ ගුරු තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා ගුරු වූ වෘෂභ රාශියේ අයට විවාහයට මධ්‍යම ප්‍රමාණ ගතක් ඇති, දැඩි හා යහපත් සේම හිතවත්, යටත් නොවන, ආගමට බර, විරුද්ධ ලිංගිකයන්ගෙන් තිළිණ ලබන කාර්යශීලී අයකු හිමි වේ. ජන්ම පතේ 7 වැනි භාව ස්ඵුඨයේ අධිපති සිකුරු නම් එවිට වෘෂභයේ ඔබට නිරෝගී, ආකර්ෂණීය, විශ්වාසනීය, නිසි ලෙස සියල්ල කරන මුදල් ඉතිරි කරන අයකු විවාහයට ලැබීම සිදු වේ. හත භාව ස්ඵුඨයේ ශනි අධිපති විට විරූපී, තර, වහා කිපෙන, නිසිව කටයුතු නොකරන, රැස් කිරීමට රුචි, ළඟ මිතුරන්ගෙන් පාඩු විඳින අවාසනාන්ත ගෘහ ජීවිතයක් උරුම අයකු විවාහයට ලැබුම සිදු වේ.

වාෂභ ඔබේ දිවි මඟ සාර්ථකවීමට නම් ඔබට අයහපතම ගෙනෙන වැඩි දැඩිකම මැඬීමෙන් සතුරන් ඇතිවීම වළකා ගන්න. අන්‍යයන්ට උදව් කිරීමත් අලස නොවීමත් කරන්න.

 ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී

ආධ්‍යාත්ම උපදේශක

ඉන්දික තොටවත්තගේ ඉදිරිපත් කිරීමකි

546 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න