රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:53

ආහාර ගන්නා විට ජලය පානය නරකද? විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීර්ණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවන බව දන්නවාද?

 

එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසුයි. ආහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් වතුර උගුරු දෙකක් පමණ පානය කිරීමට මතක තබාගන්න.

ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුළ ඇති හයිඩ්රොලික් අම්ලය දියවන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ නේද? ආහාර ජීරණය නිසිපරිදි සිදු නොවන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්ත්වයන් මේ නිසා ඇතිවෙන්නට පුළුවන්.

කුස තුළ තිබිය යුතු වඩාත් සුදුසු පී. එච්. අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකි.

 

වතුර පානය කරන්න සුදුසුම වේලාව කුමක් ද?

ඔබ දන්නවාද?

ආහර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200 ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්නට පුළුවන්. ආහාර වේල් හැරුණු විට අතරමැද වේල්වලදී හොඳින් වතුර පානය කිරීමට ද අමතක කරන්න එපා. තිබහ ඇති වෙන්නට කලින් ජලය පානය කිරීම පුරුද්දක් කර ගත්විට අපට ලෙඩ රෝග බොහෝමයකින් වැළකෙන්නට පුළුවන් වේවි.

ආහාර ජීර්ණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය නම් පහත උපදෙස් පිළිපැදීමෙන් ද ඔබට වාසි රැසක් අත්කරගත හැකියි.

නිස්කලංකව සිටින විට ආහාර අනුභව කරන්න.

ආහාර හොඳින් හපන්න.

තිත්ත සහ ආම්ලික ආහාර වැඩිපුර අනුභව කරන්න.

ඉහත සඳහන් කරන ලද යහපත් පුරුදු අනුගමනය කිරීමේදී එන්සයිමයන් හොඳින් ශ්‍රාවය වෙන අතර බඩවැල් හොඳින් ක්‍රියාත්මක වී ආහාර ජීර්ණය වැඩිදියුණු වෙනවා.

 

අන්තරජාලය ඇසුරිනි

1185 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න