තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:59

කාන්තා ඔබේ ආත්ම අභිමානය වැඩිකරගන්න විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ඔබට උවමනා මොහොතේදී සතුට විඳගන්න ඔබට ආත්ම විශ්වාසය ඇති කරගත යුතු මොහොතකදී, ඔබේ සිතේ සතුටක් ඇති කරවන දේවල් තුනක් මතකයට නඟාගන්න. මෙය ඔබේ ජයග්‍රහණයක මතකයක්, ප්‍රියතම සංගීත කණ්ඩයක්, නිවාඩුවක ලද සිහිවටනයක්, ඔබ ආදරය කරන කෙනකුගේ ඡායාරූපයක් විය හැකියි. ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරගත යුතු මොහොතකදී සතුටුදායක දෙයක් මතකයට නඟා ගැනීමට පුහුණු විය යුතුයි. මෙය එදිනෙදා ජීවිතයට ඉතාම වැදගත් වේවි.

 

 

නිරන්තරවම ලස්සනට ඇඳුම් අඳින්න

ගැළපෙන ලස්සන ඇඳුම් ආයිත්තම් පලඳින්න අවස්ථාවට සුදුසු ලෙස මේක් අප් කරන්න. කාන්තාවක් ලෙස නිතරම ප්‍රිය මනාප පෙනුමක් ඇති කර ගන්න. එය අන් අයගේ ප්‍රසාදයට වඩා ඔබේ ආත්ම විශ්වාසය ජනිත කරවන්නට හේතුවක් වේවි. අන් අයටත් ඔබේ දර්ශනය නෙතට ප්‍රිය දසුනක් වේවි.

 

සමබර ආර්ථිකයක්

ඔබේ ආදායමට සරිලන ලෙස වියදම් කරන්න. නුවමනා දේවල්වලට අනවශය වියදම් කිරීමෙන් වළකින්න. ණය බර වැනි ගැටලු ඔබේ මානසික නිරෝගීකම සම්පූර්ණයෙන් නැති කරනවා. හැමවිටම ඉතුරුම් ලෙස කොටසක්, හදිස්සියකදී පරිහරණය කිරීමට ළඟ තබාගන්න.

ධනාත්මක චින්තනය

ජීවිතය කියන්නේ ජයග්‍රහණය, පරාජය සියල්ල කැටි වුණු දෙයක්. කිසිවක් ස්ථිර නැහැ. මොන හැල හැප්පීම් යටතේ වුවත් ඔබේ ආකල්ප සුබවාදීව තබා ගත යුතුයි. ලෝකයේ විශිෂ්ටත්වයට පත්වුණ හැම  කාන්තාවක්ම නොයෙක් කරදර බාධකවලට මුහුණ දුන් අයයි. කරදර බාධකවලින් සැළුණා නම්, ඔවුන් කිසි දිනෙක ශ්‍රේෂ්ටත්වයට ළඟා නොවේ.

හොඳ ආකල්ප ඇති මිතුරන් පමණක් ඇසුරු කරන්න

නරක ආකල්ප ඇති පුද්ගලයන් ඔබේ ජීවිතේට දෙන්නේ නරක මිස හොඳ නොවේ. ඔවුන්ගේ නරක සිතිවිලි, ක්‍රියා සහ වචන නිසා ඔබේ ආත්ම අභිමානය පළුදු වෙනවා. හොඳ ආකල්ප ඇති අය ඇසුරු කිරීමෙන් හොඳ අදහස් ඉබේම ඔබේ ජීවිතේට එකතු වන අතර ආත්ම විශ්වාසය වැඩි වෙනවා.

 විවේචන පිළිබඳ සැලකිලිමත් වෙන්න එපා

බොහෝ දෙනෙක් ඔබේ දියුණුව වළක්වන්න නොයෙක් විවේචන කරාවි. ඔබ කරන්නේ නිවැරැදි දෙය නම් විවේචන ගැන සිතීමට කාලය වෙන් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ සැම විටම ඔබකළ නිවැරැදි දේවල්ම මතකයට නගන්න. එය ඔබේ ආත්ම විශ්වාසයට මනා රුකුලක් වේවි.

අන්තර්ජාලය ඇසුරිනි

571 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න