රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 13:49

අතින් අරන් කටට ගන්නා නිවෙසේ වස විස විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
වැඩි සුවඳ, වැඩි රසය, වැඩි ලස්සන අද අපට නැතිවම බැහැ. ඒ නිසා සොබා දහමේ සුවඳට කෘත්‍රිම සුවඳ එක් කරනවා. ස්වාභාවික රසට කෘත්‍රිම රස, ස්වාභාවික පැහැයට කෘත්‍රිම පැහැය එක් කරනවා. හැම දේම කෘත්‍රිම වෙලා. ඒ සමඟම ජීවිතවලට වසවිස ද එක් වෙලා. නමක් හොයා ගන්න බැරි රෝග ගණනාවකින් මිනිසා පීඩා විඳිනවා. අවාසනාවකට වැඩිපුරම ගොදුරු වෙන්නේ පවුලේ පුංචිම සාමාජිකයාය.

 

පයිප්පයේ වතුර, සමේ ගල්වන ලෝෂන්, කෙස්වල ගල්වන ෂැම්පු, නිවෙසේ දුවිලි විස ආකරයි. නොදැනුවත්ව ගතට එක්වන මේ විස නැතිකර ගන්නේ කොහොමද? නිවෙසේ ප්‍රධාන විස නාශකයා වන්නේ ගෘහණියයි. ඇයට ඒ සඳහා පියවර ගණනාවක් ගත හැකියි.

* රුව, සුවය රකින නිෂ්පාදන ගැන විමසිලිමත් වන්න.

ඔබ ගන්නා ෂැම්පු බෝතලයේ Methylisothiazolinone (Mit) රසායනය අඩංගු ද බලන්න. එය මොළයට හා ස්නායු පද්ධතියට හානි කරයි. අසාත්මික විය හැකියි.

Toluene ස්නායුවලට විසයි. හුස්ම ගැනීමට බලපානවා. ඔක්කාරයට හේතු වෙනවා. දිගින් දිගට නිරාවරණය වීමෙන් රක්තහීනතාව, රුධිර සෛල එකතුව අඩුවීම, අක්මාවට, වකුගඩුවලට හානිවීම, කලල වර්ධනයේ ගැටලු මතුවීම වැනි සෞඛ්‍ය ප්‍රශ්න පැන නඟිනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුබල වී පිළිකා වැනි රෝගවලට ගොදුරුවීම වැඩි කරනවා.

Triclosan හෘදයාබාධවලට, හෘද අකර්මණ්‍යතාවට, මාංසපේශී ක්‍රියාකාරිත්වයට, හෝර්මෝන ක්‍රියාකාරිත්වය අක්‍රමවත් වීමට බලපානවා. මේවා දන්තාලේප, දහදිය දුඟද නාශක (ඩියොඩ්‍රන්ට්ස්), බැක්ටීරියා නාශක සබන්, බොඩි වොෂස්, රූපලාවණ්‍ය නිෂ්පාදන බොහොමයක අඩංගුයි.

Sodium Lauryl Sulfate (sls), Sodium Laureth Sulfate (sles), Ammonium Lauryl Sulfate (Als) සම කැසීම, ශරීරයේ

 

අවයවවලට විසවීම, ස්නායුවලට විසවීම, හේර්මෝන ක්‍රියාකාරිත්වයට බාධා සිදුවීම, පිළිකා ඇතිවීම වැනි අනිටු පල ගෙන දෙන හිසකේ වර්ණ ගන්වන, බ්ලීච් කරන රසායනවල වගේම හිස් කබලට කරන ප්‍රතිකර්මවලදී භාවිත කරන රසායන, මේක්අප්වල අඩංගු විස රසායන 3 කි. මේවා ෂැම්පු, දත් බේත්, බොඩි වොෂ්, ක්ලෙන්සර්, අත් සෝදන සබන් දියර, නෑමට ගන්නා තෙල්, ලුණු (බාත් ඔයිල්ස් / බාත් සෝල්ට්ස්)වල අඩංගු වී තිබෙනවා.

Propylene glycol වකුගඩු, අක්මා ගැටලු ඇති කරනවා. සෛල වර්ධනය අඩාල කරනවා. මේවා සුවඳැති තෙල්, මොයිෂ්චර්රයිසර්, ෂැම්පුවල අඩංගුයි. උච්චාරණය කිරීමට අසීරු, සංකීර්ණ වාගේම, දිග රසායනික ලැයිස්තු ඇති රූපලාවණ්‍ය නිෂ්පාදන බොහොමයක් විස විය හැකියි.

Oregano oil, Pure Emu oil, Coconut oil, Mild Soap (Try Closan p නැති) නිෂ්පාදන හිතකරයි.

ඇඳුම් ඩ්‍රයි-ක්ලීන් කිරීමට නොදෙන්න. රසායන වෙනුවට ජලය ඩ්‍රයි-ක්ලීන් කිරීමේදී භාවිත කරන්න.

ආහාර, පාන, තුනපහ දැමීමේදි මල නොබැඳෙන ලෝහ වෙනුවට වීදුරු භාජන යොදා ගන්න.

නිවෙසට සායම් තෝරා ගැනීමේදී ලෙඩ් (ඊයම්) නැති රසායන තෝරාගන්න. විනාකිරි, බේකිං සෝඩා පිරිසුදු කිරීම් සඳහා යොදාගන්න.

සත්ව මේදයේ අඩංගු කෑම සීමා කළ යුත්තේ ඒවායේ විස රසායන බහුල නිසයි.

නන්-ස්ටික් භාජන පිරිසුදු කිරීමට පහසුයි. ඒත් අපට මේ වාසිය ලබාදෙන Polytetrafluoroethylene  ආවරණය රත්වීමේදී පිළිකාකාරක වාතය නිකුත් කෙරෙනවා.

කපුරු බෝලවල නැප්තලීන් අපේ රතු සෛල විනාශ කරනවා. ඒ වගේම ඒවා සතුන්ට පිළිකා සාදන බව සොයා ගෙන තිබෙනවා. මිනිසුන් සම්බන්ධවත් පිළිකා අවදානමක් නැති විය නොහැකි බව විද්‍යාඥයන් පවසනවා.

එයාර් ෆ්‍රෙෂ්නර්ස්වල අඩංගු විස විශේෂයෙන්ම දරුවන්ගේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයට හා ප්‍රජනක සෞඛ්‍යයට අහිතකර ලෙසින් බලපානවා.

බැක්ටීරියා නාශක සබන් වර්ග බැක්ටීරියාවලට ප්‍රතිරෝධීතාවක් ඇති කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ වාගේම මේවායේ අඩංගු ට්‍රයික්ලෝසෝන් වගේම ට්‍රයික්ලෝ කාබන් සැබෑවටම හානිකරයි.

පැතලේට් රසායන නිය සායම්වල පවා අඩංගුයි. කෘත්‍රිම සුවඳ ඇති බොහොමයක් නිෂ්පාදනවල ද අඩංගුයි. ඒනිසා ඒවා හැකි තරම් සීමා කළ යුතුයි.

කාන්තාවකගේ සෞඛ්‍ය ගැටලු බොහොමයකට හේතු වන්නේ හෝර්මෝන වෙනස්වීමයි. ඒවාට ද ඔබම මිලදී ගන්නා බොහොමයක් දේ වගකිව යුතුයි. ප්ලාස්ටික් භාජන, රූපලාවණ්‍ය උපකරණ (තොල් ආලේපන, නිය ආලේපන ද ඇතුළුව), සුවඳ විලවුන්, සුවඳ කැවූ ඉටි පහන්, දහදිය දුගඳ නාශක (ඩියොඩරන්ට්ස්), බොඩි වොෂර්ස්, හෙයාර් ජෙල්, ස්ප්‍රේ, නේල් පොලිෂ් සියල්ලකම ඇත්තේ හෝර්මෝන අක්‍රමවත් කරන රසායනයි. පැතලේට් රසායනය අඩංගු නැති රූපලාවණ්‍ය

නිෂ්පාදන, ඉටි පහන් නිතරම තෝරා ගැනීම මීට ඇති විසඳුමයි.

නිවෙසක නිතර දූවිලි පිසදා තැබිය යුතුයි. දූවිලි සමඟ බොහෝ විස ද්‍රව්‍ය එක් රැස්වන අතර ඒවා පහසුවෙන්ම ශරීරගත වෙනවා.

සෝෆාවල, මෝටර් රථ අසුන්වල ඇති රසායන කාන්තාවකට ගර්භණීභාවයට බාධාවක් බව සොයා ගෙන තිබෙනවා. දූවිල්ල සමඟ ශරීරගත වන විස ගැබිනිවීමට බාධාවක්. සබන්, සන්ස්ක්‍රීන්වල, ප්ලාස්ටික් භාණ්ඩවල අඩංගු පැරබීන්ස් ශුක්‍රාණු නිෂ්පාදනය ද අඩු කරනවා. ශුක්‍රාණුුවල හැඩය වෙනස් කරනවා. මේ රසායන ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වයට ද බාධාවක්. ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වය අඩු වූ විට ඩිම්බ සංසේචනය නිසි ලෙස සිදුවන්නේ නැහැ. බැක්ටීරියා නාශක, සේදුම් කාරක, මවුත්වොෂ් ආදියේ පවා නිසරු බව ඇති කරන රසායන අඩංගුයි.

නැති සුදක් ඇතිකර ගැනීමට ගල්වන ආලේපන බොහොමයක වාගේ රසදිය (මර්කරි) අඩංගුය. ඒවා වකුගඩුවලට වාගේම ස්නායු පද්ධතියට ද හානි කරයි. කෙස් කෙළින් කරන (ස්්ට්‍රේට්) රසායන ද විස වර්ග බොහොමයකින් ස්වයංපෝෂිතයි.

බටහිර රටවල ගැබිනි මවුවරුන්ට බැක්ටීරියා නාශක සබන් වතුර භාවිත නොකරන ලෙසට උපදෙස් ලබා දෙන්නේ ඒවායින් කුසේ වැඩෙන දරුවාට අහිතකර ප්‍රතිඵල රැසක්ම අත්විඳින්න වන නිසයි. මෙවැනි දරුවන් මහත්වීමට, වර්ධනය අඩාලවීමට ඉඩ තිබෙනවා.

අලුත්ම පර්යේෂණ වාර්තා ඇසුරිනි

827 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 13:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න