තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 14:05

ඔබේ සපත්තුත් ඉවසන්න බැරි තරම් ගඳයි ද? විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
අලුතෙන් සපත්තු දෙකක් අරන් ටික කාලෙකින් ඉවසන්න බැරි තරමට ගඳ ගහන්න පටන් ගන්න එක සපත්තු පලඳින හැම දෙනාටම තියෙන ප්‍රශ්නයක්. කොච්චර හේදුවත්, අව්වේ දැම්මත් මේ ගඳ නම් යවාගන්න හරිම අමාරුයි.

 

ඉතින් ගොඩක් දෙනා කරන්නේ මෙහෙම තත්ත්වයක් උදා වුණාම ඒ සපත්තු දෙක විසි කරලා අලුත් දෙකකට මාරු වෙන එක. මේක කොච්චර වියදම් යන වැඩක් ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒ වගේම ඔබේ සෞඛ්‍යයටත් මේ තත්ත්වය අහිතකරයි.

සපත්තුවලින් ඒ වගේ දුර්ගන්ධයක් හැදෙන්න හේතු ගණනාවක්ම බලපානවා. ඒ අතරින් ප්‍රධානම හා සුලබම හේතු විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ නිතර නිතර එකම සපත්තු කුට්ටමක් පමණක් භාවිත කිරීම, බැක්ටීරියා හා දිලීර වර්ධනය වීම, ප්‍රමාණවත් පරිදි වාතය නොලැබීම ආදියයි. ඉතින් මේ දුගඳ හමන කරදරයෙන් ඔබේ සපත්තු කුට්ටම් පරෙස්සම් කරගන්නේ කොහොමද? අන්න ඒ ගැනයි අපි මේ කතාකරන්න යන්නේ.

ඔබ සපත්තු තෝරාගන්න විට සැමවිටම ඔබට හරියටම හරියන ප්‍රමාණයේ සපත්තු කුට්ටමක් තමයි මිලදී ගත යුත්තේ. ලස්සනයි කියා ඔබට පතුලේ ප්‍රමාණයට මඳක් විශාල හෝ හිර සපත්තු කිසිදා තෝරාගන්නට එපා. එවිට වන්නේ ඔබේ කකුල්වලට වැඩිපුර දහදිය දැමීමට පටන් ගැනීමයි. එමෙන්ම එය විශාල අපහසුවක් දනවන සුලු දෙයක් ද වනවා.

වායු හුවමාරුව හොඳීන් සිදුවන අමුද්‍රව්‍යයකින් සාදා ඇති සපත්තු තෝරාගන්න. දහදිය සපත්තු තුළ නොරැඳීමට එය හේතුවක් වනවා. ඒ වගේම කකුල්වලටත් ඉතාම සුවපහසුයි. ඒ නිසා සපත්තු කුට්ටමක් තෝරාගැනීමට යන විට කපු, ලිනන්, උසස් තත්ත්වයේ හම් හෝ හණවලින් සකසා ඇති සපත්තු තෝරාගන්න වග බලාගන්න.

වැඩිපුර සපත්තු කුට්ටමක් තබාගන්න. එකම සපත්තු කුට්ටම දින දෙක තුනක් එක දිගට පලඳීන්නට එපා. අව්ව සහ සුළඟ මඟින් වේළෙන්නට ඉඩ හරින්න. එවිට බැක්ටීරියා හා දිලීර මර්දනය වීම සිදුවෙනවා.

පෞද්ගලික සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න

ඔබේ දෙපා දිනපතාම බැක්ටීරියා නාශක සබන් වර්ගකින් හොඳීන් සෝදා පිරිසුදු කරගන්න. ඉන්පසු තෙත මාත්තු කර වියළීමට ඉඩ හරින්න. පතුල්වලට අධික ලෙස දහදිය දමනවා නම් ඩියෝඩොරන්ට් එකක් භාවිත කරන්න. සපත්තු පැලඳීමට පෙර දෙපා සේදීමෙන් පසු පතුල්වල බේබි පවුඩර් ස්වල්පයක් තැවරීමෙන් අනතුරුව මේස් දමන්න. කැමැති නම් සපත්තු කුට්ටම ඇතුළෙත් පවුඩර් ස්වල්පයක් ආලේප කර අනතුරුව සපත්තු පැලඳගන්නත් පුළුවන්.

සපත්තුවල දුගඳ දුරලීම

ඔබ නිවෙසට පැමිණ සපත්තු ගලවා ඉවත් කරන විට ඒ තුළට බේකිං පවුඩර් ස්වල්පයක් දමා රැයක් තිබෙන්නට හරින්න. උදෑසන සපත්තු දෙක එකට ගසා වැඩිපුර ඇති බේකිං පවුඩර් ඉවත් කරගන්න.

සපත්තු ප්ලාස්ටික් බෑගයක දමා රැයක් පුරාවට ශීතකරණයේ තබා ඉවතට ගන්න. මෙමඟින් බැක්ටීරියා සහ දිලීර මර්දනය වෙනවා.

 

මේස් භාවිත කිරීම

 

හැකි සෑම විටම මේස් පලඳීන්න. එය ඔබේ පතුල්වලින් පිටවන දහදිය උරාන්නා නිසා දහදිය සපත්තුවල තැවරීම අවම වෙනවා. හැකිනම් දුවන විට භාවිත කිරීම සඳහා විශේෂයෙන්ම සකසා ඇති මේස් පලඳීන්න. සපත්තුවල ඇතුළු අඩිය සහ මැහුම් දාර පිරිසුදු කළ යුතුයි.

සපත්තුවේ ඇතුළු අඩිය ගලවා සේදීමෙන් අනතුරුව හොඳීන් වියළෙන්නට හැරීම කළ යුතුයි.

 

අන්තර්ජාලය ඇසුරිනි

 

 

351 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 14:05
අදහස් එක් කිරීමට ලොග් වෙන්න