රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 18, සඳුදා 11:48

මහ ලෙඩ දනවන සුළු ඉඟි විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
සිරුරේ ඇතිවිය හැකි දරුණු රෝග තත්ත්වයන් සමහරවිට බාහිරට දක්වන සුළු ඉඟියකින් ඉඟිකළ හැකිය. ඒ නොසලකා සිටියහොත් තත්ත්වය උග්‍රවීම නොවැළැක්විය හැකිය. මේ එවැනි ඉඟි කිහිපයකි.

 

 

හුස්ම ගැනීම අමාරුයි? නියුමෝනියාවද?ඉඳ හිට සුළු වශයෙන් ඇතිවන හුස්ම ගැනීමේ අපහසුවක් ගණන් ගතයුතු තරම් නොවේ. විශේෂයෙන්ම සෙම්ප්‍රතිශාව, පීනස වැනි සොටු දියර ගලන තත්ත්වයකදී එය ඇතිවීම ගැටලුවක් නොවේ.

එහෙත් ඔබට හුස්ම ගැනීමට තදින්ම අපහසු බවක් ඇතැයි දැනුනහොත් එය නොසලකා සිටීම ජීවිතය අත්හැරීමට සූදානම්වීමක් බඳුය. විශේෂයෙන්ම ඒ හා සමඟ හතිය (වීසින්ග්) තිබීමටද පුළුවන.

හුස්ම ගැනීම අපහසුවන තත්ත්වයන් කිහිපයක් එකම උරයකට දමන වෛද්‍යවරු එය නාලිකා බාධාකාරී පුප්ඵුසීය ආබාධය හෙවත් සී. ඕ. පී. ඩී. ලෙස හඳුන්වති.

එයට ඇතුළත් රෝග තත්ත්වයන් වන්නේ නාලික ශ්වාසනාල ප්‍රදාහය නැතිනම් ක්‍රොනික් බ්‍රොන්කයිටිස්, තද ඇදුම, හෘද ගැටලු, කාංසාව, පෙනහළු තුළ රුධිර කැටියක් තිබීම, පෙනහලු තුළ ගර්තකොහුවිම, පුප්ඵුසීය අධි රුධිරපීඩනයට සහ නියුමෝනියාවය.

නියුමෝනියාව හඳුනාගත හැකි තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ හුස්ම ගැනීමේ වේගය ඉහළ යාමය. පපු ඇට කූඩුව දෙස බලා සිට එය කොතරම් වේගයෙන් උස් පහත්වේදැයි ඔරලෝසුවක ආධාරයෙන් මනින්න. සාමාන්‍යයෙන් වැඩිහිටි අයකු මිනිත්තුවකට 16 වාරයක් හුස්ම ගැනීම සාමාන්‍ය වුවද එය බොහෝ සේ ඉහළ යාම නියුමෝනියා තත්ත්වයේදී ප්‍රධාන ලක්ෂණයක් ලෙස සැලකෙයි.

සති දෙකක් ඉක්මවා පවතින කැස්ස ක්ෂය රෝගයද?

සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි රෝග තත්ත්වයන් හා සම්බන්ධ කළ හැකි කැස්ස ඔබට හඳුනාගැනීම අපහසු නොවේ. බොහෝවිට එවැනි තත්ත්වයකට ඔබ බියවීමද අවශ්‍ය නැත. මුල් රෝග තත්ත්වය නිවී ගිය පසු කැස්සද අවරට යනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් කැස්ස තත්ත්වය විශේෂයෙන්ම වියළි කැස්ස දිගින් දිගටම පැවතීම වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යකරයි. කැස්ස සමඟ කැඩී එන සෙම පටල සමඟ ලේ මිශ්‍රව ඇත්නම් එය ක්ෂය රෝගය වීමට හෝ පෙනහලු පිළිකාවක් හෝ වීමට පුළුවන් බැවින් එවැනි තත්ත්වයක් කිසිසේත්ම නොසලකා නොසිටින්න.

මුත්‍ර හා මල සමඟ ලේ මිශ්‍රයි. පිළිකාවක්ද?

මුත්‍ර සමඟ ලේ මිශ්‍රව තිබීමට හේතු ගණනාවකි. වකුගඩු හා මුත්‍රාශයේ ගල් තිබීම, මුත්‍ර මාර්ගීය ආසදනයක්, මුත්‍ර පද්ධතියේ හෝ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් හෝ වෙනත් ගෙඩියක් ආදී වශයෙන් විවිධ හේතු ඒ සඳහා දැක්විය හැකියි.

ඩෙංගු රක්තපාත උණ ඇතිවීමද මල හා මුත්‍රා සමඟ ලේපාට පැවතිය හැකිය. මල සමඟ ලේ මිශ්‍රව තිබීමද අනතුරුදායක තත්ත්වයන් ගණනාවක් අඟවයි. මල සමඟ තද රතුපැහැයක් මිශ්‍රව තිබුණහොත් මහබඩවැලේ පහළ කොටසේ හෝ ගුද මාර්ගයේ ගැටලු තත්ත්වයක් ඉන් ඇඟවෙයි. මහ බඩවැලේ යම් උත්තේජනයක්, අහිංසක වර්ධනයක් හෝ සුළු අර්ශස් තත්ත්වයක් නිසා එසේ වීමට පුළුවන. එහෙත් ප්‍රධානතම කරුණ නම් මේ ලේ බැහැරවීමට හේතුව මහ බැඩවැලේ හෝ ගුදමාර්ගයේ පිළිකාවක් වීමට ඉඩ තිබීමය. එහෙයින් මල සමඟ රත් ලේ මිශ්‍රව ඇති බව දුටුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම පමා නොකළ යුතය.

මේ අතර මල සමඟ මිශ්‍රව ඇති ලේ කළු පැහැයක් ගනී නම් ආබාධය පැවතිය හැක්කේ ආමාශය වැනි ආහාර මාර්ගයේ ඉහළ කොටසේය. එයට හේතුව ආමාශ වණ හෝ ග්‍රහණි වණ හෝ වීමට බොහෝ ඉඩ ඇත. මෙහිදීද වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ එය ආහාරමාර්ගයේ යම් තැනක පිළිකාවක් වීමට ඉඩ ඇති නිසාය.

ඔසප් නැවතී අවුරුදු කිහිපයකි. එහෙත් යෝනි මාර්ගයෙන් ලේ ගලයි. හේතුව ගර්භාෂ පිළිකාවක්ද?

ඔසප් නතරවීමට වෛද්‍ය විද්‍යාත්මකව ලබාදෙන නාමය ආර්තවහරණය යන්නය. හරණය යන්න අවසානය යන තේරුම දෙයි. මේ නිසා අවසන් වූ දෙයක් නැවත ඇතිවන්නේ නම් එය ගැටලුවකි. ආර්ථවහරණයෙන් පසු මෙසේ රුධිරවහනය වීමට හේතුව ආසාදනයක් හෝ පිළිකාවක් හෝ විය හැකිය. වහාම වෛද්‍යවරයකු හමුවන්න.

පපුවේ කැක්කුම අතදිගේ. හෘදයාබාධයක්ද?හෘදයාබාධයක් ඇතිවන ලක්ෂණ එමටය. ඒ අතරින් එක් ලක්ෂණයක් වන්නේ පපුවෙන් ඇරඹෙන කැක්කුම ගෙල හරහා අතදිගේ (විශේෂයෙන් වම් අත දිගේ) ඇදීයනවා. මේ සමඟ හිසරදය, දහඩිය දැමීම වැනි ලක්ෂණද පැවතිය හැකිය.

මෙවැනි ලක්ෂණ ඇත්නම් ඉක්මනින් රෝහලකට යාම ගුණදායකය.

සුව නොවන තුවාලයක්

ඔබට දියවැඩියාව නොමැති නම් ශරිරයේ කොතනක හෝ ඇතිවන තුවාලයක් කැපුමක් සුව නොවීම ගැටලුකාරිය. සාමාන්‍යයෙන් තුවාලයක් සති 2 ක කාලයක් තුළ සුවවීම ආරම්භ වී සති 4 - 6 කදී සම්පූර්ණයෙන්ම සුවවිය යුතුය. ඔබේ තුවාලය එසේ නොවේ නම් ශල්‍ය වෛද්‍යවරයකු හමුවී උපදෙස් පැතීම ඉතා වැදගත්ය.

974 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 11:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න