දත්වල මනා පෙනුම නැති විය හැකි ආකාරයන් කිහිපයකි. ඉන් සමහර ඒවා නොසැලකිලිමත් බව නිසාද සමහර ඒවා උපතේදී සිට ඇතිවෙන ඒවාද වෙයි. උපතේ සිට එන ආවේණිගත විකෘති බව සහ සියළු දන්ත ගැටළු බොහෝ දුරට සාර්ථක ලෙස සකසා ගැනීමට හැකි වන පරිදි තාක්ෂණය හා පහසුකම් දියුණු මට්ටමක පැවතීම සතුටට කරුණකි. ඔබේ පෙනුමට හානි කරන දත් ආශ්රිත ගැටළු සලකා බැලීමේදී දත් දුර්වර්ණ වීම ප්‍රධානම ගැටළුවකි.
දත් දුර්වර්ණව අවපැහැ වීම සුන්දර සිනහවද අසුන්දර කරවයි. මෙසේ වීමට කරුණු කීපයකි. එනම් දත් මැදීමේ අඩුකම, බුලත්විට සැපීම, දුම්පානය, නිතර තද කහට සහිත කෑම ගැනීම හෝ තේ බීම, අරිෂ්ඨ වර්ගපානය, දිගු කල් මුඛ ශෝධක
දියර වර්ග භාවිතය, අධික ලෙස චොකලට් ආහාරයට ගැනීම ආදියයි. මේ හේතු නිසා ඔබේ දත් කහ, දුඹුරු ලෙස අවපැහැ වෙයි. ඒ අවපැහැය දත් බුරුසුවෙන් පමණක් ඉවත් කළ නොහැකියි. දත්වල අවපැහැය දන්ත වෛද්‍යවරයකුට පෙන්වූ විට උපකරණ භාවිතයෙන් දත් ශුද්ධ කරගත හැකි මුත් නැවතත් අවපැහැ නොවන පරිදි කටයුතු කිරීමට වගබලා ගත යුතුය.
දත් මතුපිට කළු පාට තිත් ඉරි වැනි යමක් සමහරුන්ගේ දක්නට ලැබේ. කුඩා දරුවන්ට මෙය බහුලය. මීට හේතුව මුඛයේ ඇති බැක්ටීරියා විශේෂයකි. Black Pigmented Bacteri නම් මෙය නිෂ්චිත ඖෂධයකින් සම්පූර්ණයෙන් නැති කළ නොහැකි මුත් ශුද්ධකර ඉවත් කරන්නට
පුළුවන. දත් දුර්වර්ණ Dental Fluorosis, Chro nological Hypoplasia යනු තවත් සුලභ තත්ත්ව දෙකකි. දන්ත ෆ්ලොරෝසිස් (Fluorosis) තත්ත්වය ඇතිවෙන්නේ පානීය ජලයේ ඇති ෆ්ලොරයිඩ අයන (ජ්) සාන්ද්‍රණය වැඩිවීමෙනි. අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, හලාවත, මාතලේ වැනි ප්‍රදේශවල අයට මෙම තත්ත්වය බහුලය. Chronological Hypoplasain තත්ත්වය ඇති වෙන්නේ දත් සෑදෙන අවධියේ සිදුවන බාධා නිසාය. මෙසේ ඇතිවෙන ආකාරයේ අව පැහැවීමක් සාමාන්‍ය දත් ශුද්ධ කිරීමකින් ඉවත් කිරීමට නොහැක. නියමිත වර්ණය ලබාගැනීමට දතේ අවපැහැ පෘෂ්ටය ආවරණය කළ යුතුය.
මෙය Veneering කිරීමක් ලෙස හඳුන්වයි. LCC පිරවුමක් මගින් හෝ සකස් කරන ලද පෝර්සිලේන් ආවරණය කිරීමක් මගින් මෙය කරයි. මේ ක්‍රමය එනම් porcelain පෝර්සිලේන් ක්‍රමය මඟින් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබේ. මැරුණු දත් සහ ස්නායු පිරවුම් කළ දත් කාලයක් යන විට මෙසේ අවපැහැ වේ. ප්‍රතිජීවක ඖෂධ නිසාද උදා. (Tetracycline) නිසා දත් අවපැහැ වේ. ඉහත කිසිදු කාරණාවක් නැතිවත් දත් දුර්වර්ණ වේ. ඔබේ දත් කහ පාට හෝ දුර්වර්ණ නම් Whitening Bleaching ක්‍රමයක් මඟින් එය ඉවත් කළ හැකියි.
නමුත් මෙයින් අතුරු ප්‍රතිඵල ඇති විය හැකි නිසා වෛද්‍ය උපදෙස් මත කළ යුතුය. මෙහිදී රසායන ද්‍රව්‍ය හා ලේසර් කිරණ තාක්ෂණය මගින් දත් සුදු පැහැ කරගත හැකියි. ඉහත ඕනෑම ප්‍රතිකාරයක් ශ්‍රී ලංකාවේදී කරගත හැකියි. ඔබේ දන්ත වෛද්‍යවරයාගේ උපදෙස්වලට ප්‍රමුඛතාව දී ඔබේ දත් දුර්වර්ණවීමේ ගැටලුව නිරාකරණය කරගන්න. එසේ නම් තවදුරටත් ඔබේ දත් සුදු පැහැ නැතිකම ගැන පසුතැවිය යුතු නැත. නවීන තාක්ෂණය හා ප්‍රතිකාර විධි ඔබේ අවශ්‍යතාවයට සරිලන සේ සැකසී ඇත.
දන්ත ශල්‍ය වෛද්‍ය
ඩී. පී. රොෂාන් කරුණාතිලක