රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2012 මැයි 27, ඉරිදා 11:00

නිය හැඩ කරන නේල් ආට්

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(8 මනාප)
විලාසිතා පි‍්‍රය කරන යුවතියන් වැඩි දෙනෙක් අතර නේල් ආට් දැන් වඩාත් ජනපි‍්‍රය වී තිබෙන විලාසිතාවක්. උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමේදී තමන්ගේ ඇඳුමට වර්ණයට ගැළපෙන ආකාරයේ නේල් ආට් කර ගැන්මට දැන් දැන් යුවතියන් දක්වන්නේ වැඩි උනන්දුවක්. මේ කෙරෙහි දක්වන කැමැත්ත මෙන්ම නේල් ආට් එකක් කිරීමෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණු කාරණා ද තිබෙනවා. අප යම් විලාසිතාවක් අනුගමනය කරනවා නම් ඒ පිළිබඳ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමත් ඉතාමත් වැදගත්.

නේල් ආට් සඳහා යොමුවීමේදී එය තමන් ගේ වයසට ගැළපෙනවද අඳින ඇඳුමේ විලාසිතාවට, වර්ණයට සහ සහභාගිවන අවස්ථාවට ගැළපෙනවද යන්න ගැන සැලකිලිමත්විය යුතුයි.

එමෙන්ම ඔබ නිතර නිතර නේල් ආට් කර නිය හැඩ ගන්වන අයෙක් නම් තමන්ගේ නිය ආරක්ෂාව ගැන සිතීමත් වැදගත්. මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද? නේල් ආට් එකක් කළ පසු එය වැඩි ලස්සනක් පෙන්නුම් කිරීම නිසා වැඩි දින ගණනක් එය එලෙසින්ම රඳවා තබා ගැන්මට ඔබ පෙළඹෙණවා වන්නට පුළුවන්. නමුත් අප එසේ නොකළ යුතුයි.

නේල් ආට් කිරීමෙන් පසු එය තබාගත යුත්තේ දින 3 ක් හෝ පහක් අතර කාලයක් පමණයි. එම කාලසීමාව තුළදී එය ඉවත් නොකොට වැඩි කාලයක් සිටීමෙන් ඔබේ නියමත දුර්වර්ණ බවක් ඇතිවන්නට පුළුවන්. එම නිසා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

විශේෂයෙන් ඔබේ නිය කෙබඳු ස්වභාවයක් දක්වන්නේද යන්න ගැන පරීක්ෂාකාරී වන්න. සමහරුන්ගේ නිය නීරෝගිමත් ස්වභාවයක් දැක්වූවත් තවත් සමහරෙකුට යම් යම් ගැටලුකාරී ස්වභාවයක් ඇති නිය තිබෙන්නට පුළුවන්. මේ නිසා නේල් ආට් වැනි විලාසිතා අනුගමනයේ දී නිය ආරක්ෂාව ගැනත් ඔබ සිතිය යුතුයි.

කැඩෙන සුළු ආකාරයේ නිය තිබෙන අයෙක් නම් නේල් ආට් එක ඉවත් කිරීමෙන් පසු නියමත නේල් ගාඩ්

නර් එකක් තවරා ගන්නට ඔවුන්ට පුළුවන්. එමඟින් නිය ආරක්ෂා කෙරෙයි. කැල්සියම් විටමින් අඩංගු බේස් කෝට් දැන් වෙළෙඳසල්වල තිබෙනවා. නිය ආරක්ෂාවට මෙය ගැල්වීම ඉතාමත් සුදුසුයි.

කරන ලද නේල් ආට් එකක් නැවත ඉවත්කර ගැන්මට අවශ්‍ය නම් කිසි විටෙකත් බ්ලේඩ්,

 උල් පිහි හෝ නේල් කටර්ස් වලින් ඇක්‍රලික් එක කැඩීම, සූරා දැමීම ආදිය කිරීමෙන් වැළකෙන්න. ඉන් ඔබේ නිය පෙළට හානි සිදුවීමේ ඉඩකඩ ඇති බවද මතක තබා ගන්න.

මෙය ඉවත් කිරීමට වෙළෙඳපොළේ තිබෙන නේල් වාර්නිෂ් රිමූවර් භාවිත කළ හැකියි. එය පුළුන් කැබැල්ලකට ගෙන ඉන් නිය පිස දැමිය යුතුයි.

නමුත් ඇක්‍රලික් 2 ඩී ඩිසයින් එකක්කර තිබෙන විට එය තමන්ටම ගෙදරදී ඉවත් කර ගැන්ම අපහසුයි. වඩාත්ම සුදුසු දේ වන්නේ ඔබ නේල් ආට් එක සිදුකළ තැනටම ගොස් එය ඉවත්කර ගැනීමයි. නේල් ආට් එකක් සිදු කෙරෙන ආකාරය වෙත අප දැන් යොමුවෙමු.

ඉන්පසු බේස් කලර් එක තැවරිය යුතුයි. තවරන වර්ණය ළා පැහැති නම් පළවෙනි කෝඩ් එක තවරා වේළෙන්නට තබා දෙවැනි කෝඩ් එක තවරන්න. තමන් කැමැති විලාසිතාවකට අනුව නිය හැඩ කිරීම ඉන්පසු කළ හැකියි.

මංගල උත්සව හෝ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා සහභාගී වීමේදී තමන්ගේ ඇඳුමට ගැළපෙන ආකාරයෙන් හෝ තමන් කැමැති මෝස්තරයක් කැමැති වර්ණයක් තෝරා ගන්නට පුළුවන්. නේල් ආට් එකක් කිරීමට මුලින්ම සිදු කෙරෙන්නේ නියමත බේස් කෝට් එක තැවරීමයි. එයට හේතුව කලර් එකක් තැවරීමට පෙර නිය ආරක්ෂාව පවත්වා ගැනීමයි.

මෙහි දැක්වෙන නේල් ආට් එක බලන්න. මෙම නේල් ආට් එක සඳහා අප යොදා ගෙන තිබෙන්නේ 2 ඩී ෆ්ලවර්ස් විලාසිතාවයි.

මේ සඳහා අප වර්ණ දෙකක් එක්කරගෙන තිබෙනවා. මෙහි මල්මෙන් දැක්වෙන කොටස් නිර්මාණය කර ගැන්මට අප පාවිච්චි කරනු ලබන්නේ වයිට් ඇක්‍රලික් පවුඩර් එකයි.

කුඩා පින්සල් තුඩට ඇක්‍රලික් පවුඩර් බෝලයක් ආකාරයට ගෙන එය නියමත රඳවමින් මල්පෙතිවල හැඩය නිර්මාණය කරගත යුතුයි. ඉන්පසු තව පෙති 3 ක් පමණක් යළිත් උඩට ගත යුතුයි.

මෙම මෝස්තරයම වෙනස් කරමින් ඇඟිලි පහටම යෙදිය හැකියි. මෙහිදී අප වර්ණ 3 ක් පාවිච්චි කර තිබෙනවා.

මුලින් නිර්මාණය කරගත් මල් මෝස්තරයට කොළ තබා ගැන්ම සඳහා කොළ පැහැති ඇක්‍රලික් පවුඩර් එක ගෙන පළමුව කුඩා බෝලයක් ලෙස තබා පින්සලයෙන් කොළයේ හැඩය සකසා ගත යුතුයි.

එය නිම වූ පසු එයට උඩින් බේස් කෝට් එක තවරා වේලීම සඳහා මඳ වේලාවක් තැබීම අවශ්‍යයි. නේල් ආට් එක අවසානයේ ටොප් කෝට් එයට උඩින් තැවරීමෙන් නියමත නිර්මාණකරගත් විලාසිතාව ඒ ආකාරයෙන්ම තබාගත හැකියි.

උපදෙස් -ප්‍රවීණ ශිල්පිනී  වයනී පල්ලියගුරුගේ
Lv’s Neal Studio

10521 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 08:30
මේ යටතේ එන අනෙකුත් ලිපි: මල් මනාලියයි සොඳුරු නිය රටාවයි »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න