රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 10:43

කේන්දරයෙන් හෙළි වන විරුද්ධ ලිංගික ආකර්ෂණය විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
නිසි කල වයස එළැඹුණු පසුව ගැහැනු සහ පිරිමි ළමයින් අතර ප්‍රේම සබඳතා හටගැනීම ඉතා සාමාන්‍ය සිද්ධියකි. ඕනෑම කෙනකුගේ කේන්දරයේ පස්වැන්නේ පවතින බල දුබලතා අනුව ඔහුට හෝ ඇයට ඇසුරු කිරීමට ලැබෙන පෙම්වතුන් සහ පෙම්වතියන් පිළිබඳ කරුණු සැඟ වී පවතියි.

 

මෙකී පස්වැනි භාවය මත සිකුරු වැනි ග්‍රහයන් තැන්පත්ව සිටින්නේ නම් ඔහුට හෝ ඇයට ජීවිතයේ භද්‍ර යෞවනයේ සිටියදීම විවිධාකාර ප්‍රේම සබඳතා හට ගනී. මෙවැනි අය ඉතා පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වන අතර, ඔවුන් අතර ජනප්‍රියතාවක් ද හිමිකර ගනිති. එහෙත් මේ සිකුරු කුජ, රාහු හෝ යුරේනස් වැනි ග්‍රහයකුගෙන් පීඩිතව සිටින්නේ නම් ප්‍රේම සබඳතා සම්බන්ධයෙන් ඉතා පරිස්සම් විය යුතුව තිබේ.

ඒ මක්නිසාද යත් මෙවැනි අය තම ජීවිතයේ හිරිමල් වියේදීම මතභේදාත්මක සහ තම ප්‍රතිරූපයට හානි කරගන්නා සම්බන්ධතා කෙරෙහි යොමුවීමට ඉඩ ඇති හෙයිනි. එසේම 5 වැන්නේ තැම්පත් සිකුරු සමඟ රවි ග්‍රහයා සංයෝගව සිටියහොත් ඔහු හෝ ඇය සංගීතය සහ එවැනි සෞන්දර්යාත්මක දේ කෙරෙහි මනා සංවේදීතාවයක් දක්වති.

සිකුරු සහ සඳු අතර සංයෝගය 5 වැන්නේ යෙදී තිබෙන්නේ නම් එය අසුබදායක නොවෙතත් ප්‍රේම සම්බන්ධතා කෙරෙහි නම් එතරම් හිතකර පිහිටීමක් නොවේ. සිකුරු හැරෙන්නට 5 වැන්නේ රාහු හෝ කුජ, යුරේනස් ආදී ග්‍රහයකු තැන්පත්ව සිටී නම් එකී කේන්දරය හිමි ජන්මියාට ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැනීම සහ ඇතිකර ගැනීම දුෂ්කර වෙයි.

සෙනසුරු 7 වැන්නේ තැම්පත් වීම ද ඒ හා සමාන තත්ත්වයකි. 5 වැන්න තුළින් ඇතිකර ගන්නා වූ සම්බන්ධතා විවාහ බැම්මක් බවට පත් වන්නේ ද යන්න කේන්දරයේ 7 වැන්නෙන් පිරික්සිය යුතුය. එකී 7 වැන්නේ රාහු, යුරේනස්, නෙප්චූන්, සෙනසුරු, රවි, කුජ වැනි ග්‍රහයන් පිහිටා තිබීම අයෝග්‍ය වන නමුත් ඒ පිලිබඳ අවසන් නිගමනය ගත යුත්තේ සියුම් ග්‍රහ පරීක්ෂාවකින් පමණි. එසේ නැතිව ඉහත කී ග්‍රහයන් 7 වැන්නේ දුටු පමණින් තීරණ ගැනීම වැරැදි සහගතය. පුරුෂ කේන්දරයක 7 වැන්න මේෂ හෝ වෘශ්චික චර රාශියක් නොවේ. 7 වැන්නේ කුජ යුරේනස් වැනි ග්‍රහයන් පිහිටා සිටින්නේ නම් එම පුද්ගලයාට විවාහය සඳහා ලැබෙන්නේ වදක භාර්යාවකි.

එසේම පුරුෂ කේන්දරයක 7 වැන්නේ සඳු, සිකුරු, ගුරු, බුධ වැනි ග්‍රහයකු තැම්පත්ව සිටින්නේ නම් ඔහුට හිමිවන්නේ මෘදු ගතිගුණ ඇති සහකාරියකි. ස්ත්‍රී කේන්දරයක පිහිටීම ද මේ ආකාරයෙන්ම වේ. එහෙත් සාම්ප්‍රදායික ඡ්‍යොතිෂ මතය අනුව ප්‍රචලිත වී තිබෙන මෙවැනි අදහස් ගෙඩි පිටින් බාරගත යුතු නැත. ඒ මක්නිසාද යත් 7 වැන්නේ තැන්පත් ග්‍රහයන් පිළිබඳ නිගමනය කිරීම සඳහා නිවැරැදි භාව කෙන්දරයක් එකී ග්‍රහයන් තැම්පත්ව සිටින නැකැත් සහ සූක්ෂම ශක්ති කලාප ගැඹුරින් පරීක්ෂා කළ යුතු හෙයිනි. 7 වැන්නෙන් පටන් ගන්නා වූ විවාහ බැම්ම ඔවුනොවුන්ගේ ජීවිතයේ යුගදිවි සතුට ළඟාකර දෙන්නේදැයි යන්න පිළිබිඹු වන්නේ දොළොස් වැන්නේය.

12 වැන්න යනු යුගදිවියේ මධුසමය හෙවත් මංගල යහන ලෙස සැලකෙයි. එකී 12 වැන්නේ සඳු, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, කේතු යන ග්‍රහයන් තැම්පත් බව සිටින්නේ නම් ඔහු හෝ ඇයට යුග දිවියේ ලිංගික සතුට අහිමි කරවන බවට පෙරදිග හා අපරදිග ඡ්‍යොතිෂයේ එක්තරා මතයක් පවතී. මෙහි කිසියම් ශක්තියක් ඇති නමුත් කෙනකුගේ කේන්දරයේ 12 වැන්නේ මෙබඳු ග්‍රහයකු තැම්පත්ව සිටිනු දුටු පමණින් ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ සියලුම ග්‍රහයන් මැනවින් පරීක්ෂාකර බලා අවසන් තීරණය ගත යුතුය.

ප්‍රේම සම්බන්ධතාවක සිට එය පවුල් සංස්ථාවක් ලෙස ගොඩ නගා ගන්නා වූ ක්‍රියා පටිපාටිය කේන්දරය තුළින් විග්‍රහ කරනු ලබන්නේ මේ ආකාරයෙනි. එසේ නැතිව කිසිදු ශස්ත්‍රීය පදනමක් නැති විහිළුකාර පොරොන්දම් 20 න් විවාහ ගැළපීම් සිදුකර ගත නොහැකි බව තේරුම් ගත යුතුව තිබේ.

 

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

624 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 10:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න