තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 10:57

සීමාවෙන් ඔබ්බට ගොස් යුග දිවියේ සිහින දකිමු විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
සාම්ප්‍රදායික වෛදික ඡ්‍යොතිෂ්‍යානුකූලව කේන්දරයක ග්‍රහයන් නවදෙනකු පිළිබඳ පලාපල විග්‍රහ කළත් යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් පිළිබඳත් මීට සියවස් ගණනාවකට පෙර නුතන ඡ්‍යොතිෂවේදීන් හා බටහිර ඡ්‍යොතිෂවේදීන්ගේ අවධානය යොමුව ඇති බව මේ ලිපිය හරහා ඔබට පසක් කරගත හැකිය.

 

මෙම ග්‍රහයන් පිළිබඳ එකී බටහිර ඡ්‍යොතිෂ විශාරදයන් පමණක් නොව මීට වසර දෙදහසකට පමණ පෙර ජීවත් වූ කාක බුජන්දර සෘෂිවරයා පවා ඒ විග්‍රහයේ වැදගත්කම පිළිබඳ කරුණු දක්වා තිබේ. ඒ කෙසේ වෙතත් හුදු සම්ප්‍රදායටම කුදුවීම නිසා සහ අලුත් දැනුම යාවත්කාලීන නොවීම නිසා අපේ බොහෝ ඡ්‍යොතිෂවේදීන්ට යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා පලාපල කථනයට යොදා ගන්නේ නැත.

එහෙත් තත්ත්වාකාරයෙන් කරුණු සලකා බලන විට මැනවින් පෙනී යන්නේ විවාහ ගැළපීම් වැනි කාරණාවලදී මෙකී ග්‍රහයන් දෙදෙනාගේ බලපෑම අනෙක් සියලු ග්‍රහයන් අභිබවා බලවත් වන බවයි.

බටහිර ලෝකයේ ජීවත් වූ කීර්තිමත් ඡ්‍යොතිෂ විශාරදයකු වූ විවියන් ඊ රොබ්සන් ඇලන්ලියෝ, ලින්විල් ජෝර්ජ් වැනි අය මේ ග්‍රහයන් දෙදෙනා පිළිබඳ ඉතා විශිෂ්ට ලෙස කරුණු දක්වා තිබේ. එකී සොයා ගැනීම් කෙනකු පුදුමයට පත්කරවන තරමටම ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවැරැදි වෙයි.

අපේ බොහෝ දෙනා සිතා සිටින්නේ විවාහය සඳහා බාධා ඇති කරන ප්‍රධාන ග්‍රහයන් වන්නේ සෙනසුරු කුජ හා රාහු බවයි. එහෙත් එකී සියලු ග්‍රහයන්ට වඩා විවාහය කෙරෙහි මෙන්ම මානව ලිංගිකත්වය කෙරෙහි යුරේනස් හා නෙප්චූන් විසින් ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. අපි දැන් ඒ පිළිබඳ කරුණු ස්වල්පයක් විමසා බලමු.

ඕනෑම ස්ත්‍රියක හා පුරුෂයකුගේ කේන්දරයේ 7 වැන්නේ යුරේනස් හෝ නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනාගෙන් එක් අයකු පීඩිතව සිටීම ඔහුගේ හෝ ඇයගේ විවාහ ජීවිතයට කනකොකා හැඬීමක් ලෙස සැලකේ. එසේම කේන්දරයේ 1, 6, 7, 8 සහ 12 යන ස්ථානවල ද යුරේනස් හෝ නෙප්චූන් අසුබ ලෙස පිහිටීම නිසා විවාහය සහ යුග දිවියේ අසාර්ථක නීරස භාවයක් පෙන්නුම් කරයි. විවාහයක් ඇතිකර ගැනීමට පමණක් නොව ඇති වූ විවාහයේ බිඳ දැමීමට ද බොහෝ අවස්ථාවල දී මේ ග්‍රහයන් දෙදෙනා මුල්වන බව ප්‍රත්‍යක්ෂ වී තිබේ.

නිදසුනක් ලෙස,

පාප පීඩිත වූ නෙප්චූන් යම් කෙනකුගේ කේන්දරයේ 7 වැන්නේ පිහිටා සිටින්නේ නම් ඔහු හෝ ඇය විවාහය සම්බන්ධයෙන් බලවත් රැවටීමකට සහ විවාහය ආශ්‍රිත දැඩි කලකිරීමකට පත්වීමට වැනි ඉඩකඩක් පවතී. එමෙන්ම පාප පීඩිත නෙප්චූන් ලග්නයේ සිට 7 වැන්න දැකීම ද එබඳුම තත්ත්වයකි. යම් කෙනකුගේ කේන්දරයේ යුරේනස් 7 වැන්නේ තැන්පත්ව සිටින්නේ නම් මතභේද කලහකාරි ගැටුම් සහ අවුල වියවුල් මැද විවාහ බන්ධනය බිඳ ගැනීමට ක්‍රියා කරයි.

එකී යුරේනස් ලග්නයේ සිටින අස්ථාවලදී ද එබඳුම ප්‍රතිඵල අත් කරවයි. 7 වැන්න අධිපති හෝ විවාහ කාරක සිකුරු හෝ යුරේනස්, නෙප්චූන් ග්‍රහයන් විසින් පීඩාවට පත් කිරීම ද විවාහය බිඳ දැමීමට හේතුවකි. එමෙන්ම යම් යම් පුද්ගලයන් තුළ සැඟව පවත්නා මනෝ ලිංගික විකෘතිතාවන් ද ලිංගිකමය හිංසනය සිදු කිරීමේ ප්‍රවණතාවක් ද, විපරිත කාමුක ක්‍රියාකාරකම් ද බොහෝ විටම යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා සම්බන්ධ වේ.

සාමාන්‍යයෙන් නෙප්චූන්ගෙන් ස්වපීඩා කාමුකත්වය ද යුරේනස්ගෙන් පරපීඩා කාමුකත්වය ද නිවේදනය වෙයි. ඕනෑම පුද්ගලයකුගේ කේන්දරයේ පවතින එවැනි විපරිත තත්ත්වයන් හඳුනාගැනීම යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් දෙදෙනා නැතිව බැරි බව අවධාරණය කළ යුතුව තිබේ.

මේ කරුණු සලකා බලන විට විවාහය, යුග දිවිය, පිළිබඳව සුබ සිහින මවන සියලු දෙනාගේම අවධානය සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගොස් පවතින අලුත්ම දැනුම කෙරෙහි යොමුවීම සාර්ථක විවාහයකට අත්වැලක් වනු නිසැකය.

 

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

253 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 10:59
මේ යටතේ එන අනෙකුත් ලිපි: « විවාහ නැකත අතපසු වුණොත්?
අදහස් එක් කිරීමට ලොග් වෙන්න