රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 16, සඳුදා 12:55

නිය අලංකරණයේදී විශේෂ තැනක් ගන්නා ඇක්‍රලික් නේල් සහ ජෙල් නේල් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
නිල අලංකරණය කිරීම සඳහා අප වැඩි දෙනෙක් මුලින් භාවිත කරනු ලැබුවේ විවිධ වර්ණයේ නිය ආලේපන පමණයි. නමුත් නවීන තාක්ෂණයත් සමඟ දැන් නිය අලංකරණයට යොදාගත හැකි ඇක්‍රලික් නේල් සහ ජෙල් නේල් රුව අලංකරණ කටයුතුවලදී විශේෂ තැනක් ගන්නවා.

 

මෙය භාවිත කරනු ලබන්නේ මොන ආකාරයෙන්ද මෙහි විශේෂත්වය කුමක්ද යන්න අප මෙවර විමසා බලමු.

නියපෙළ ක්‍රමවත්ව පිහිටා නොමැති යම් යම් හේතූන් නිසා නිය අවලස්සන වී ඇති නිතර කැඩීයන සුළු නිය ඇති අයට එම අඩුපාඩුව වළක්වා ගනිමින් ස්වාභාවික පෙනුමට ආසන්න පෙනුමැති කෘත්‍රිම නිය සවිකර ගැන්මට ඇති හැකියාව නිසා ඇක්‍රලික් සහ ජෙල් නේල් දැන් බොහෝ දෙනෙකු අතරේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

මෙම ඇක්‍රලික් නේල් සහ ජෙල් නේල් අතර තිබෙන වෙනස කුමක්ද?

ඇක්‍රලික් නේල් වැඩි ශක්තිමත් බවකින් යුක්තයි. ජෙල් නේල් ශක්තිමත් බවක් පවතිනවා. මෙහි දිලිසෙන ස්වභාවයක් දක්නට පුළුවන්. නිය අලංකරණය කරන කෙනකුට මේ දෙකෙන් කැමැති එකක් තෝරාගන්නට පුළුවන්. මෙය සවිකිරීම සිදුකරනු ලබන්නේ මේ එකිනෙකට වෙනස් ආකාරයටයි. ඉතාමත් ශක්තිමත් බවකින් යුතුව සහ හොඳ නිමාවක් ගෙන දෙන ආකාරයට මෙය සවිකරලීම සිදුකරන්නට පුළුවන්.

ඇක්‍රලික් නේල් සහ ජෙල් නේල් නියමත නිර්මාණය කරනු ලබන්නේ මොන ආකාරයෙන්ද?

මෙය සවිකරනවාය යන්නෙන් අදහස් කරනවාට වඩා නිවැරැදි වන්නේ මෙය නියමතුපිට නිර්මාණය කිරීමක් කරනවාය යන්න පැවසීමයි. මෙහිදී සිදුවන්නේ මෙය ගම් ගා සවිකිරීමක් නොවෙයි. ඇක්‍රලික් නේල් හෝ ජෙල් නේල් නිය මත සවිකරන්නට කලින් නියපොත්තට අවශ්‍ය සත්කාර සියල්ල ලබාදිය යුතුයි. ඒ ආකාරයෙන් නියපොත්තේ ආරක්ෂාව රැක දෙන ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමෙන් පසුවයි මෙම නිය සවිකිරීම කරනු ලබන්නේ.

මෙම කෘත්‍රිම නිය සවිකරගැන්මේ ඇති වාසිය කුමක්ද?

ඇක්‍රලික් හෝ ජෙල් නේල් අප ස්වාභාවික නිය මත නිර්මාණය කළත් එහි ඇතුළතින් තමන්ගේ නියපොත්ත වැවෙනවා. නියපොතු කෑමේ පුරුද්ද ඇති කෙනකුගේ මෙම කෘත්‍රිම නිය නිසා එම පුරුද්ද මඟහැරී යන්න පුළුවන්.

මය සවිකළ පසු නිය පෙලට ලස්සන නිමාවක් ගෙන දෙන අතර එය වැඩි ශක්තමත් බවකින් ද යුක්තවනවා. අපට අවශ්‍ය වන අවස්ථාවන්වලදී ගල්වා ඇති නිය ආලේපන හෝ නේල් ආට් එක ඉවත්කර නැවත තමන් කැමති අයුරින් නිය අලංකරණය කරගැන්මේ හැකියාව ද තිබෙනවා.

ඇක්‍රලික් හෝ ජෙල් නේල් සවිකරගැන්මෙන් පසුව එහි ආරක්ෂාව සහ කල්පවත්වා ගැන්ම පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද?

ඇක්‍රලික් නේල් සහ ජෙල් නේල් මුල්වරට සවිකර ගන්නා අයෙකු නම් ඊට කලින් කෘතිම නිය භාවිතකර නොමැති කෙනකු නම් මෙය නියමත සවිකළ පළමුවැනි දිනයේ ඇඟිලිවල තරමක් බර ගතියක් දැනෙන්නට පුළුවන්. නමුත් පැය කීපයක් යන විට එම අපහසුතාවය මඟහැරී යනවා. ඉන්පසු එයට හුරුවනවා. මෙම කෘත්‍රිම නිය සවිකරගත් පමණින් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු අතපසු කරගත යුතු නෑ. ග්ලවුස් දෙකක් භාවිත කිරීමෙන් නිවෙසේ හෝ ගෙවත්තේ වැඩකටයුතුවල නිරතවන්නට පුළුවන්. ඔබ මෙම ඇක්‍රලික් හෝ ජෙල් නේල් සවිකරගත් පසුව එම නිය භාවිතකර බෝතල් - ටින් ආදියේ පියන් විවෘත කිරීමට යාමෙන් වැළකිය යුතුයි. එමෙන්ම දොරක් ජනේලයක් වැසීමේදී ඇරීමේදී වුවත්, ඇණයක් වැනි දෙයක් තද කිරීමේදී වුවත් මෙය සවිකරගත් නියවලට හානියක් නොවන ආකාරයට කටයුතු කිරීමට ප්‍රවේශම් වන්න.

මෙම කෘත්‍රිම නිය සවිකරගත් පසු එය ඒ ආකාරයෙන් කොපමණ කාලයක් රඳා පවත්වාගත හැකිද? මෙමගින් ස්වභාවික නියවලට හානිකර බලපෑමක් ඇතිවිය හැකිද?

මෙය අවුරුදු 10 ක් 15 ක් වුවත් තබාගන්නට හැකියාව තිබෙනවා. මෙහිදී නියමිත අවස්ථාවන්හිදී රීෆිල් කිරීමක් කළයුතුයි. අනෙක් කරුණ නම් අප මෙම ඇක්‍රලික් හා ජෙල් නේල් නිර්මාණය කිරීමට යොදාගනු ලබන්නේ තත්ත්වයෙන් උසස්තම උපකරණයි. හේතුව යම් හෙයකින් ආසාදනයක් ඇතිවුවහොත් නියපෙළට මෙන්ම ඇඟිලිවලටත් එය බලපාන්නට ඉඩ ඇති නිසයි. එම නිසා මෙය ඉතාමත් ආරක්ෂාකාරීව ප්‍රවේසමෙන් කළයුතුයි. මේ පිළිබඳව නිවැරැදි දැනුමක් පුහුණුවක් ඇති, ඒ සඳහා පහසුකම් ඇති ස්ථානයක හෝ හැරෙන්නට මෙම කෘත්‍රිම නිය සවිකරලීමේ කාර්යය නොකළ යුතු බව අවධාරණය කිරීම වැදගත්. එමෙන්ම මෙය තමන්ටම නිවෙසේදී කරගතහැකි දෙයක් නොවේ. හේතුව එය ක්‍රමානුකූලව කළ යුතුවීමත් සහ එයට අදාළ වන උපකරණ නිසි දැනුම සහ පුහුණුව අත්‍යාවශ්‍ය වන නිසයි.

මෙම ඇක්‍රලික් හෝ ජෙල් නේල් සවිකළ පසුව යම් හෙයකින් එය නැවත ඉවත්කිරීමට අවශ්‍ය වුණොත් එය තමන්ටම ඉවත්කරගන්නට හැකියාව තිබෙනවද?

මෙය තමන්ට හිතුන විටෙක ඇදදැමීමට හෝ ඉවත්කර දැමීම කළ නොහැකියි. එසේ අපරික්ෂාකාරි ලෙස ඉවත් කරන්නට ගියහොත් ස්වාභාවික නිය නෙල් එකකින් නිය ආවරණය කර තැබූ පසු එම නිය මෘදුවී ඉවත් කළ හැකි ආකාරයට බුරුල්වීමක් සිදුවනවා. ඉන්පසුවයි එය ඉවත් කිරීම සිදුකරනු ලබන්නෙ. මෙය ඉවත් කළ පසු එයට යටින් තිබෙන්නේ තමන්ගේ ස්වාභාවික නියපොත්තයි. ඉන්පසුව එම ස්වාභාවික නියවලට සත්කාර කිරීම වැදගත්. මේ කෙසේ වුවත් සවිකරන ලද නිය නැවත ඉවත් කිරීමක් කරනවා නම් ඒ සඳහා සුසුසුකම් ලත් ස්ථානයකට සහ පළපුරුදු දැනුමක් ඇති අය වෙත යා යුතුයි.

මෙය නිසියාකාරව සිදුකරනවා නම් කෙසේවත් නියවලට හානිකර තත්ත්වයක් ගෙන දෙන්නේ නෑ. සැබැවින්ම අලංකාරව සකස් කළ නිය කෙනකුගේ රුව හැඩකරන ආභරණයක් හා සමානයි. මෙම ඇක්‍රලික් හා ජෙල් නේල් සවිකිරීමෙන් පසුව කිසිම ආකාරයකින් ඉන් කෘත්‍රිම පෙනුමක් ඉස්මතු වන්නේ නෑ. බොහෝ දුරට තමන්ගේ නියපෙළට සමාන බවක් ගෙනදෙන අයුරින් ස්වාභාවික නිය සේ දිස්වන ලෙස සවි කරලීම කළ හැකියි.

 

 උපදෙස

Glamor Nail  ස්ටුඩියෝහි අනූෂී රත්නායක

(Director - Edictor)
තලවතුගොඩ පාර, පිටකෝට්ටේ

599 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 16, සඳුදා 12:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න