රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 23, සඳුදා 12:49

ඩ්‍රීම්රෝන් පබා රුවැත්තී ඔබ වෙනුවෙන්මයි විශේෂාංග

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(0 මනාප)
ඔක්තෝබර් 28 දා මීගමුව නගර ශාලාවට එන්න   ඩ්‍රීම්රෝන් පබා රුවැත්තී හැඩවැඩ කලාවේ මහා මංගල්‍යයකට මේ වසරේත් ‘පබා’ සංගමය සැරසෙමින් හිඳියි.

 

ආරම්භක සභාපතිනී ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පිනී ඩෝරා අත්තනායක, වත්මන් සභාපතිනී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි ඉන්දු අත්තනායක සහ උප භාණ්ඩාගාරික ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී සෆ්නා කාදර් ඒ පිළිබඳ තොරතුරු ඔබට කියන අයුරුයි; මේ.

‘පබා’ නමින් හඳුන්වන්නේ ශ්‍රී ලංකා වෘත්තිය කේෂාලංකාර හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයයි.

අපේ පබා සංගමය මේ වසරේදී එකොළොස් වසක කාලයක් සපුරනවා. මේ වනවිට රූපලාවණ්‍ය හා කේෂලාවණ්‍ය ශිල්ප ශිල්පිනියන් 2800 ක් සාමාජිකත්වය ලබා ‘පබා’ වටා පෙළගැසී සිටිනවා.

මේ සංගමය පිහිටුවීමේදී මූලික අරමුණක් වුණේ ක්ෂේත්‍රයට අලුතෙන් පිවිසෙන්න බලාපොරොත්තුවන පිරිස හා දැනට ක්ෂේත්‍රයට පිවිසී සිටින අයව ජාත්‍යන්තර මට්ටම දක්වා දැනුමෙන් සන්නද්ධ කරවීමයි.

ඇත්තට ම මේ වන විට රූපලාවණ්‍යය ගැන උනන්දු කවුරුත් ඉස්සරට වඩා දැනුවත් බව රහසක් නොවෙයි. තමන්ට තියෙන්නේ මොන වර්ගයේ කොණ්ඩයක් ද, මොන වර්ගයේ හමක් ද අද රූපලාවණ්‍ය ගැන යාන්තමින් හෝ උනන්දුවක් තිබෙන ඕනෑම ලියක් දන්නවා.

අලුත් අලුත් විලාසිතා, ලස්සන වෙන ක්‍රම, ලස්සන වෙන්න භාවිත කරන දේවල් අද මේ වායේ අඩුවක් නැහැ. ඒත් තමන්ට ගැළපෙන්නේ මොනවාද? හොඳ ප්‍රමිතිය කොතැනද බොහෝ දෙනකුට අවබෝධයක් නැහැ.

කාටත් ඇත්තේ ලස්සන වීමේ හදිසියක් පමණයි. මෙතැනදී ‘පබා’ ලස්සන වෙන්න සිතන අයගේ දැනුවත්භාවය වෙනුවෙන් යම් මෙහෙවරක් කළයුතු බව හඳුනාගෙන තිබෙනවා. මේ අතරේ ජීවිතය ගොඩ නගා ගන්න යමක් කළයුතුයි හිතන බොහෝමයක් තරුණ තරුණියන් රූපලාවණ්‍ය, ක්ෂේලාවණ්‍ය කේෂේත්‍රයේ වෘත්තීන්ට පා නඟනවා.

සැබැවින් ම මේ තීරණය කොතෙක් ඵලදායි ද? හැඩවැඩ කලාවෙන් වෘත්තිය ජීවිතයක් ආරම්භ කිරීමත් බොහොම අවබෝධයෙන් කළයුතු දෙයක්.

මෙහිදී පළමුව තීරණය කළ යුත්තේ තමාට සුදුසු කේෂලාවණ්‍ය ශිල්පය ද? රූපලාවණ්‍ය ශිල්පයද? මනාලියන් හැඩගැන්වීමේ ශිල්පය ද? යන්නයි. ඉන්පසුව ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබා ගැනීම දක්වා තම හැකියාව කළමනාකරණය කරගත යුතුයි.

‘පබා’ නිරතුරුව වෙහෙසෙන්නේ මේ අයට ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන්නයි.

‘ඩ්‍රීම්රෝන් පබා රුවැත්ති - 2017’ උත්කර්ෂවත් ලෙස සංවිධානය වන්නේ මේ අරමුණු වෙනුවෙනුයි. සැබැවින් ම ඔක්තෝම්බර් 28 සෙනසුරාදා දින මීගමුව නගර ශාලාවේදී පවත්වන ඩ්‍රීම්රෝන් පබා රුවැත්තී හැඩවැඩ කලාවේ විසල් වැඩමුළුව හැඩවැඩ කලාව ගැන උනන්දු හා හැඩවැඩ කලාවේ නියුතු කා හටත් සුවිශේෂි අත්දැකීමක් වේවි.

ඒ එදින උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා ගෙවන හැම තත්පරයක් ම මේ කාහටත් බෙහෙවින්ම වැඩදායි වැඩසටහන්වලින් පිරී ඇති නිසයි.

මේ අනුව ඩ්‍රීම්රෝන් පබා රුවැත්ති වැඩමුළුවේදී හැඩවැඩ කලාවේ නියුතු අයට දැනුම වඩා ගැනීමට අවස්ථා මෙන්ම තරගවලට සහභාගි වී කුසලතා එළිදක්වා ත්‍යාග දිනීමේ අවස්ථා ද සැලසෙනවා.

එහිදී මනාලියන් හැඩගැන්වීමේ තරග, ෆේෂල් කිරීමේ තරග වැනි තරග අවස්ථා රැසක් ඔබ හමුවේ තිබෙනවා. ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග සහතිකපත් මෙන්ම ශිෂ්‍යත්ව ද හිමිකරගත හැකියි.

මෙදින ඩ්‍රීම්රෝන් පබා රුවැත්තී වැඩමුළුවට සහභාගිවන හැඩවැඩකලාව ගැන උනන්දු අයටත් විශේෂ වරප්‍රසාද හිමියි. සැබැවින් ම මෙහිදී සහභාගිවන කාටත් රුපලාවණ්‍ය සත්කාර රැසක් නොමිලේ ලබා ගැනීමට අවස්ථා සලසා තිබෙනවා. ඩ්‍රීම්රෝන් කුමරිය තේරීමේ තරගය, නිරෝගී කෙස් කලඹ තේරීමේ තරගය, කුරුලෑ වැඩිම මුහුණ සඳහා ලස්සන වෙන්න තරගය, විවාහ අපේක්ෂිත යුවළ අතරින් නොමිලේ මනාලියක් ලෙස සැරසීමේ වරම හිමිකරගන්නා තරුණිය තේරීමේ තරගය සහභාගිවන්නන් වෙනුවෙන් ඇති විශේෂ තරග අවස්ථායි.

මෙවන් පෙර නොවූ විරූ උත්කර්ෂවත් හැඩවැඩකලාවේ වැඩමුළුවක් සංවිධානය කිරීමට පබාට ශක්තිය දෙන අනිකුත් කමිටු සාමාජිකයනුත් සිහිපත් කළ යුතුයි.

නීති උපදේශිකා කාන්ති කන්නන්ගර, මානෙල් කොටුවේගොඩ, සුසිලා රත්නායක, තුසිත ඇතුගල, මල්කා ෆර්ඩිනෑන්ඩු, නාමල් වාස්, තාරක සංජීව, ප්‍රසන්න විජේවර්ධන, ප්‍රදීප් හේමන්ත, චාමලී කල්දේරා, ක්‍රිෂානි රාජපක්ෂ, නෙරංජලී ජයසේකර, මේනකා ශිරෝමි, අයිශාන් ෆර්ඩිනැන්ඩො, කමිලා පෙරේරා, කුමුදු චතුරානි, පුෂ්පා නෙත්මිණි, නිලන්ති කරුණානායක, චාමින්ද ඉන්ද්‍රජිත්, ගයන්ති කුලන්ගනි, හිරාන් පෙරේරා යන අයට එහි ගෞරවය හිමිවෙනවා.

ඔබත් ඔබේ ජීවිතයත් ලස්සන කරන දැනුවත්වීම් පෙළක් ‘ඩ්‍රීම්රෝන් පබා රැවැත්තී’ වැඩමුළුවේදී ඔබ වෙනුවෙන් ම සූදානමින් තිබෙනවා.

සැබැවින් ම ඔබේ ජීවිතය සුන්දර කරන මේ අපූර්ව අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.

747 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 23, සඳුදා 12:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න