රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 11:49

රයිස් කුකරයට වැය වන විදුලිය හරි අඩකින් අඩුකර ගනිමුද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
රයිස් කුකරය භාවිතයෙන් බත් පිස ගැනීමට බොහෝ ගෘහණියන් පුරුදු වී ඇත්තේ එහි ඇති පහසුවත්, කාලය හා ශ්‍රමය ඉතිරි කර ගත හැකි වීමත් නිසාය. නමුත් රයිස් කුකරයට වැය වන විදුලිය තරමක ඉහළ අගයක් ගන්නවා.

 

මෙලෙස විදුලි බිල ඉහළ යාම ගෘහණියන්ට ඇති එක් ගැටලුවක්. නමුත් අපි කියන්න සූදානම් වෙන්නේ රයිස් කුකර් එකට වැය වන විදුලිය හරි අඩකින් අඩුකර ගන්න පුළුවන් සාර්ථක උපක්‍රමයක් පිළිබඳ.

අපේ ආත්තම්මලා නම් බතට වතුර තියන ප්‍රමාණය හරි හැටිම දැනගෙන හිටියා. බතට වතුර තියලා ඇගිලි පුරුක් උසට ජලය තියෙනවාද කියලා ඒ අය ඇඟිල්ල තියලාත් බලනවා. ඔබත් එය සිදු කරනවා ඇති. එක එක සහල් වර්ගයට මේ ප්‍රමාණය සුළු වශයෙන් වෙනස් වුණත්, පොදුවේ බතට වතුර තියන්නෙ එක්තරා මිම්මකට. ඒක පළපුරුද්දෙන් ආපු මිම්මක්. නමුත් රයිස් කුකරයේදී නම් එය තරමක් වෙනස් වුණත්, ලොකු හානියක් වෙන්නේ නෑ. ඒකට හේතුව වතුර නැටීම සහ වාෂ්ප වී ඉවත්වීම සහ රයිස් කුකරය ඹචපථ අවස්ථාවට පත්වී, උෂ්ණත්වය අඩු වී සෙමින් බත ඉදෙන ක්‍රියාවලිය ඉබේම සිදුවන නිසා.

නමුත් වැඩිපුර වතුර තියනවා කියන්නේ වැඩිපුර විදුලිය අපතේ යැවීමක්.

මොකද වැඩිපුර තැබූ ජලය පරිමාව ද වාෂ්ප කර ඉවත් කිරීම සඳහා අමතර විදුලියක් වැය වන නිසා.

ඒ නිසා බතට වතුර තියන්න ඕන කොපමණ ප්‍රමාණයකට ද කියලා හරියටම හිතාගන්න පහත දේ අනුගමනය කරන්න.

සහල් මට්ටමට වඩා අඟල් බාගයකට නොවැඩි වන සේ වතුර තියන්න. අලුත් සහල් වර්ගයක් නම් මීට තරමක් අඩුවෙන් තියන්න. මොකද සහල්වලත් ජලය තිබෙන නිසා.

අනතුරුව පියන වසා, පේනුව සවි කර, ස්විච් එක ඔන් කර, රයිස් කුකරයේ ස්වීචය ජධධඬ අවස්ථාවට යොදන්න. මිනිත්තු 8 - 12 අතර කාලයකදී වතුර නටන්න ගන්නවා. වතුර නටන්න පටන්ගෙන ටික වේලාවකින් ස්විචය ක්‍රියා විරහිත කර, පියන හැර, හට්ටිය මදක් ඔසවන්න. එවිට රයිස් කුකරයේ ජධධඬ ස්වීචය ඹචපථ අවස්ථාවට පත්වේවි. දැන් නැවත හට්ටිය ස්ථාන ගත කරන්න. පියන වසා ප්ලග් එකේ ස්වීච් එක ඔන් (ධද) කරන්න. ඒත් රයිස් කුකරයේ ස්වීච් එක ඹචපථ අවස්ථාවේම තබන්න. මෙසේ විනාඩි 12 - 15 ත් අතර තබා, ඉන්පසු රයිස් කුකරයේ ස්වීචය ජධධඬ අවස්ථාවට පත් කරන්න. එවිට මිනිත්තු දෙක තුනකින් එය නැවත ඉබේම ඉහළට එස වී ඹචපථ අවස්ථාවට ඒවි. මේ වන විට බත හොඳින් සකස් වී තිබෙනු ඇති.

මෙයින් අපි සිදු කළේ රයිස් කුකරය අඩු වේලාවක් ජධධඬ තත්ත්වයේ තබා ගැනීමයි. මේ නිසා වැය වන විදුලිය හරි අඩකින් අඩු වෙනවා. මොකද ඹචපථ අවස්ථාවට යන්නේ ජධධඬ අවස්ථාවට යන විදුලියෙන් අඩකටත් අඩු ප්‍රමාණයක් වන නිසා.

 

අන්තර්ජාලය ඇසුරිනි

305 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 11:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න