රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 නොවැම්බර් 06, සඳුදා 13:00

තැනට සුදුසු ලෙස මහන්සිවී වැඩ කරන්න විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
සාර්ථකත්වය ගැන කතා කරද්දී ඒත් එක්කම කතා නොකරම බැරි දෙයක් තමයි අවදානම් දැරීම. ගොඩක් අය අහන දෙයක් තමයි ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවද කියන එක. ඇත්තම කියනවනම් සාර්ථකත්වය සඳහා එහෙම විශේෂ ක්‍රමවේදයක් එහෙම නැත්නම් කිසියම් ආශ්චර්යමත් ක්‍රියාදාමයක් නෑ.

 

නමුත්, ඒ සඳහා අපි සැවොම කළ යුතු දේවල් දෙකක් තියෙනවා. එකක් තමා මහන්සිවෙලා වැඩ කරන එක. අනෙක් දේ තමා තැනට සුදුසු අන්දමට ක්‍රියා කරන එක.

ඉතිං අද අපි මේ උත්සාහ කරන්නේ මහන්සි වෙලා වැඩ කරලා ඒ වගේම තැනට සුදුසු අන්දමට කටයුතු කරලා තම සාර්ථකත්වය ළඟා කරගත් පුද්ගලයන් දෙදෙනකුගේ කතා පුවත ඔබ හමුවේ තැබීමටයි.

මෙම කතා පුවත උපුටා ගන්නේ දේවගැතිවරයකු මෙන්ම මනෝ වෛද්‍යවරයකු වූ ආචාර්ය නෝර්මන් වින්සන්ට් පීල් විසින් රචිත ඊඩඥ ඒථචලඪදඨ අඥඵභතබඵ ධට ර්‍ථධඵඪබඪමඥ ඊඩඪදඬඪදඨ නම් වූ ග්‍රන්ථයෙනි. මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛිකාවක් වන ඇනට් මාරි ජසින්තා විසින් ‘ධන චින්තනයේ විස්මිත ප්‍රතිඵල’ හිසින් යුතුව සිංහලයට ද පරිවර්තනය කර ඇත.

අපි දැන් කතාව දෙසට හැරෙමු. සර්කස්කාරයෙක් ලෙස ජීවිතය ආරම්භ කරන ග්‍රාන්ට් අමෙරිකාවට ආවට පස්සේ ප්‍රසංග කණ්ඩායමකට එකතු වෙනවා. එහිදි ඔහු ‘ස්වෝත් ටෑප්’ නම් වූ නැටුම් හා ගායනය ඉගෙන ගන්නවා.

වැඩි කාලයක් යාමටත් පෙරම සුළු සුළු චරිත රඟපාමින් කරලියට එන ග්‍රාන්ට් රසිකයන් අතර ප්‍රසාදය දිනා ගැනීමට සමත් වෙනවා. මෙසේ කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී එක්තරා සැන්දෑවක් උදා වෙනවා.

ග්‍රාන්ට්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන නමුත්, ග්‍රාන්ට් කවදාවත් හිතන්නෑ මේ උදා වෙන්නේ ඔහුගේ ජීවිතය ස්වර්ණමය මාවතකට යොමු කරන ඒ සොඳුරු නිමේෂය බව.

එදින සැන්දෑවේ ඔවුන්ට සුපුරුදු පරිදි දර්ශනයක් වේදිකාගත කිරීමට තිබෙනවා. නමුත් ප්‍රශ්නය කියන්නේ ඒ වන විට ඔහුගේ සගයා හොඳටම බීමතින් වේදිකාවෙන් පිටත බිම වැතිර සිටීමයි. මෙම සිද්ධිය දකින සංවිධායකයන් කෙතරම් භීතියට පත්වෙනවා ද කියනව නම් ඔවුන්ට හීන් දාඩිය දානවා. මොකද මේ වෙලාවේ ප්‍රේක්ෂකයන්ගෙන් කෝපයයි, අවමානයයි හැරෙන්න වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා. ඇත්තටම මේ වෙලාවේ ග්‍රාන්ට්ට වුණත් කරන්න දෙයක් නෑ. ඔහුත් හරි අසරණ වෙනවා. මොකද ග්‍රාන්ට් කියන්නෙ එහි සුළු චරිතයක් රඟ දක්වන පුංචි නළුවෙක් පමණක් නිසා.

නමුත් මේ මොහොතේ කවුරුත් හීනෙකින්වත් හිතන්නෙ නැති දෙයක් සිද්ධවෙනවා. ඒ තමා ග්‍රාන්ට් තීරණයක් ගන්නවා, තමන් තනිවම නරඹන්නන් පිනවන්න ඕනෙ කියලා. ඒ අනුව ඒ මොහොතේම නිර්මාණයකරගත් සර්කස් නැටුම් කිහිපයක් භාවිත කරලා පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිනවන්න ග්‍රාන්ට් කටයුතු කරනවා. පුදුමයකි.

ග්‍රාන්ට්ගේ මෙම ඒක පුද්ගල ප්‍රසංගය නිසා ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්වන්නේ ඔහුවත් කිසිසේත් නොසිතූ විරූ අයුරිනි. විනාඩි කිහිපයක් යනතුරු නොනවත්වාම ප්‍රේක්ෂකාගාරයෙන් ඇසුන කන් බිහිරි කරවන සුළු අත්පොළසන් නාදය ඒ සඳහා සාක්ෂි දරයි.

මේ හේතුවෙන් ග්‍රාන්ට් කොතරම් ජනප්‍රසාදයට පත් වන්නේ ද යත්, ප්‍රේක්ෂකාගාරයේ මුල් පේළියේම වාඩිවී සිටිමින් ඔහුගේ ප්‍රසංගය නරඹමින් සිටි ප්‍රසංග සංවිධායකයන් දෙදෙනෙක් ඔහුගේ මෙම නිසඟ හැකියාව මැනවින් අවබෝධ කර ගන්නවා.

පසුදා උදෑසනම ග්‍රාන්ට්ව හමුවන ඔවුන් තම ප්‍රසංග කණ්ඩායමට බැඳෙන ලෙස ඉල්ලීමක් කරන අතර, ඒ වෙනුවෙන් ඉලක්කම් හතරකින් යුත් මාසික වැටුපක් ලබාදීමටත් එකඟ වෙනවා. ග්‍රාන්ට් ට මෙම සිදුවීම අදහාගන්න බැරි තරම් විස්මයජනක සිදුවීමක් බවට පත්වෙනවා.

මේ හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වය මෙන්ම ආර්ථික තත්ත්වය ද වර්ධන වෙනවා. නමුත් මෙහිදී ඔහු සර්කස්කාරයකු වීමෙන් පමණක් සෑහීමකට පත්වුණා නම් කිසිදිනෙක ග්‍රාන්ට් යන නාමය ලෝකයා අතරට නොයන්න තිබුණා. ඒ තමයි ග්‍රාන්ට්ගේ සාර්ථකත්වයේ කතාව.

අපි දැන් සෑම් බැෂ්ට්ගේ කතාව අහමු. සාමාන්‍ය නාවික සෙබළකු ලෙස නාවික හමුදාවට බැඳෙන සෑම් තම රාජකාරි කටයුතු අවසන් වීමෙන් පසු තම සගයන් සූදුකෙලිමින්, විනෝදයෙන් කල්ගත කරන අතරතුර, ඔහු කළේ නැවේ තට්ටුව මතට වෙලා පියානෝ වාදනය ඉගෙන ගන්න එක. මෙසේ කාලයක් ගතවන විට සෑම් ව අනෙකුත් නාවිකයන් අකැමැත්තක් දක්වන නිලධාරින්ගේ කෑම කාමරයට මාරුකර යවනවා.

මෙහිදී එහි සිටි නිලධාරීන්ගේ කතාබහට සවන්දෙන සෑම් වයින් හා ආහාර ගැන දැනුමක් ලබා ගන්නවා.

මෙසේ කටයුතු කරමින් සිටින අතරතුර සෑම්ට ඔහුගේ අණදෙන නිලධාරිවරයාගේ අතවැසියා නැතිනම් සහයකයා ලෙස සේවය කිරීමට ලැබීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත්වෙනවා.

මේ කාල වකවානුවේදී දිනක් අණදෙන නිලධාරිවරයාගේ ඥාති සොහොයුරකු වූ වෙස්ට් මිනිස්ටර් ආදිපාදිතුමා අණදෙන නිලධාරීන්ගේ භෝජන සංග්‍රහයකට පැමිණෙනවා.

සෑම් ඔහු වෙනුවෙන් ඉතා විශිෂ්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කරන අතර, එහිදි ඔහු ඉතා උසස් තත්ත්වයේ වයින් හා ආහාර පමණක් තෝරා ගැනීමට උත්සුක වෙනවා.

මෙම භෝජන සංග්‍රහයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වෙන ආදිපාදි තුමා අණදෙන නිලධාරිවරයාට තම සතුට හා ස්තුතිය ප්‍රකාශ කරනවා.

නමුත් එම අවස්ථාවේදී අණදෙන නිලධාරිවරයා එහි සියලු ගෞරවය හිමි විය යුත්තේ තමන්ට නොව තම සහයකයාට බව පැවසීමට තරම් අව්‍යාජ වෙනවා.

එමෙන්ම සෑම් පියානෝ වාදනය කිරීමටත් උපන් හපන්කම් ඇති බව ප්‍රකාශ කරනවා.

මේ බස් අසන ආදිපාදි තුමා සෑම්ව නිලධාරි තනතුරකට උසස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. අනතුරුව තම දක්ෂතාවය තවදුරටත් ප්‍රකට කරන සෑම් අවසානයේ ප්‍රංශයේ නාවික හමුදාපතිවරයා බවට පත්වෙනවා. ඒ තමා සෑම් ගේ සාර්ථකත්වයේ කතාව.

ඉතිං මෙම සෑම් ගේ හා ග්‍රාන්ට් ගේ කතාවලින් අපට ගත හැකි ආදර්ශය වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආශ්චර්යයක් වනතුරු බලා නොසිට තම හැකියාවන් නිසි පරිදි හඳුනාගෙන තැනට සුදුසු අන්දමට ක්‍රියා කරමින් මහන්සි වී වැඩ කළ යුතු බවයි. ඔබට ජය නියතයි.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

295 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 13:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න