රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 නොවැම්බර් 06, සඳුදා 14:47

ළඳුන් සොඳුරු රුවැත්තියන් කරවන පන්නල ‘ඩිලානි’ සැලෝන්

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
අපේ මේ පුංචි රටේ දක්ෂතා සපිරි ප්‍රතිභාපූර්ණ ශිල්පීන් ශිල්පිනියන් කෙතරම් සිටීද? එහෙත් කැලේ පිපෙන මල් කැලේම පරවී යන්නා සේ ඇතැමුන්ගේ දක්ෂතා කලඑළි දකින්නේ නැතිතරම්.

 

එවැනි ශිල්පීන්, ශිල්පිනියන් රටටම හඳුන්වා දෙමින් තරුණී ‘ප්‍රතිභා’ ඔබේ ඉදිරි ගමනට ලබාදෙන අත්වැලකි මේ.

අද අපි හඳුන්වාදෙනු ලබන්නේ මීගමුව පාර, පන්නල පිහිටි සැලෝන් ‘ඩිලානි’ යි. එහි හිමිකාරිණිය ඩිලානි ලක්මිණි වන්නීය. ඇය හැඩවැඩ කලාවට පැමිණ සිව්වසරකි. ඇය ආ ගමන් මඟ ගැන අපට හෙළි කළේ මෙලෙසිනි.

“මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයටයි. එහි අධ්‍යාපනය ලබන කාලේ කලා උළෙලවල්, විවිධ ප්‍රසංග, උත්සව අවස්ථාවන් සඳහා යෙහෙළියන් හැඩ ගැන්වීම් කළා. පාසල් අධ්‍යාපනයට සමුදීමත් සමඟම වෘත්තියක් ලෙසින් රූපලාවණ්‍ය හැදෑරීමට තීරණය කළේ ඉන් අනතුරුවයි. ඒ සඳහා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් වන චම්පි සිරිවර්ධන, තිරාණි පීරිස් යන අයගෙන් ගුරුහරුකම් ලැබුවා. ඔවුන්ගෙන් ලැබුණු න්‍යායාත්මක දැනුමත්, ප්‍රායෝගික දැනුමත් මෙතෙකැයි කියා නිමා කළ නොහැකියි. අද මා රූපලාවණ්‍ය පිළිබඳ ව්ඍQ ඹ්ඥමඥත - 4 සහතිකලාභිනියකි.

මා ලත් දැනුමත් මා සතු සහජ දක්ෂතාවයත් මතින් මේ වන විට මනාලියන් සිය ගණනක් හැඩ ගන්වා තිබෙනවා. ඔවුන්ගේ ලස්සන දැකීම, ඒ ලස්සන දැක තව කෙනෙක් මාව ඇගයීම තුළින් මා අති මහත් සතුටක් ලබනවා.”

ඇගේ වදන් පෙළේ සතුට ඉමහත්ය.

පන්නල, මීගමුව පාරේ බස් නැවතුම්පොළ ඉදිරිපිට, උඩුමහළේ පිහිටි සැලෝන් ‘ඩිලානි’ වෙතින් ඔබට සේවා රැසක් සිදුකර ගත හැකියි. යුවතියක මනාලියක වන දා ඇගේ රුචිකත්වය අනුව ඕනෑම විලාසිතාවකට හැඩ ගැන්වීම, මනාලියගේ මල් කුමරියන්, යෙහෙළියන් හැඩගැන්වීම, මංගල සාරිය සහ යෙහෙළියන්ගේ සාරි ලබාදීම, කෘත්‍රිම මෙන්ම ස්වභාවික මල් කලඹ සැකසීම හරි අපූරුවට ඈ අතින් ඔබට සිදුකරගත හැකිය.

මනාලියන් හැඩ ගැන්වීමට අමතරව කොණ්ඩා මෝස්තර සැකසීම, තෙල් සත්කාර, ෂැම්පු කිරීම, වර්ණ ගැන්වීම සහ විවිධ ෆේෂල් කිරීම, රුව පැහැපත් කිරිම ඇතුළු හෙයාර්, බියුටි යන සියලු රුව ඔප් නැංවීම් මෙහිදී සිදු කරනු ලැබේ.

සැලෝන් ඩිලානි වෙත පැමිණෙන සේවාදායකයා වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුකරන්නට ඇය නිරතුරුවම වෙහෙසෙයි.

පවුලට දිරිය ශක්තියක් වෙනුවෙන් ද තම වෘත්තීය නිසි ලෙස සිදුකරනා ඩිලානිගේ මේ සියලු කාර්තව්‍යයන් සඳහා සැමියා ප්‍රදීප් නුවන් සම්පත් අති මහත් සහයෝගයක් දැක්වීම ඇයට මහත් ශක්තියකි.

ඔබටත් හෙට දිනයේ ඔබේ රුව ඔප් නංවාලීමේ කටයුතු සඳහා පන්නල ඩිලානි සැලෝන් වෙත පිය නැගිය හැකියි. ඔබේ රුව ලස්සන කරගන්නට නොමිලයේම උපදෙස් ලබා දීමටත් ඇය සූදානම්.

ඩිලානි ලක්මිණි, ‘ඩිලානි’ සැලෝන්, බස්නැවතුම්පොළ ඉදිරිපිට, උඩුමහල, මීගමු පාර, පන්නල.

140 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 06, සඳුදා 14:49
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Chethara beauty saloon
අදහස් එක් කිරීමට ලොග් වෙන්න