තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 නොවැම්බර් 27, සඳුදා 14:30

ප්‍රමිතියෙන් තොර සැලොන් උපකරණ අනතුරකට අතවැනීමක් . . . විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(1 මනාපය)
සෙඳුරු වූ රූපලාවණ්‍ය කලාවේ අඳුරු වූ කතාවකින් මුළු රටම ඇවිලී යාමට ගත වූයේ නිමේෂයකි. මීරිගම නගරයේ රූපලාවණ්‍යාගාරයක සේවය කළ අවුරුදු 21 ක් වූ දිනේෂා චතුරංගනීගේ මරණය තවමත් අභිරහසකි.

 

රූපලාණ්‍යගාරය තුළ වූ පුටුුවක් මත මිය ගොස් තිබියදී සොයා ගත් මෙම තරුණියගේ මිය යෑමට හේතු පිළිබඳ තවමත් නිශ්චිත තීන්දුවක් ලැබී නොතිබුණ ද ඇය මිය යන්නට ඇත්තේ එම ආයතනයේ තිබූ රූපලාවණ්‍ය උපකරණයක් භාවිතයේදී සිදු වු විදුලි කාන්දුවක් යැයි සැක කරයි. මේ මරණය පිළිබඳ නිශ්චිත තීන්දුවක් නොවූවත් රූපලාවණ්‍යාගාරයක සේවය කිරීමේදී රූපලාවණ්‍ය උපකරණ භාවිතය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවට මෙම සිදුවීම කදිම පාඩමකි. මේ රූපලාවණ්‍ය උපකරණ භාවිතයේදී කෙතරම් ප්‍රවේසමෙන් මෙම උපකරණ භාවිතා කළ යුතුදැයි කල්පනාකාරීව දැනගැනීම සඳහා අප හමු වූයේ ලංකාවේ රූපලාවණ්‍ය උපකරණ අලෙවියේ පුරෝගාමීන් වන මොඩන් සැලොන් ෆර්නිචර් ආයතනයේ සභාපති පාලිත රත්නයි. දිවයින පුරාම රූපලාවණ්‍ය උපකරණ අලෙවි කිරීම පිළිබඳ වසර විස්සකටත් වැඩි ඔහුගේ අත්දැකීම් සමුදාය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සැමටම ප්‍රයෝජනවත්ය.

‘අපේ රටේ රූපලාවණ්‍ය උපකරණ අලෙවියේ ලොකුම වරද තමයි ඒ සඳහා කිසිම ප්‍රමිතියක් නොතිබීමයි. ඒ නිසා විශාලා ගැටලු රැසක්ම ඇති වී තිබෙනවා.

නමුත් ප්‍රමිතියකින් තොරව රට පුරාම මෙම උපකරණ විකිණීම නිසා වඩාත් හොඳ උපකරණයක් තෝරා ගැනීම පිළිබඳ සේවාදායකයන්ට ගැටලුවක් වෙලා.

උදාහරණයක් ලෙස දැන් අපේ රටේ වීදුරු උපකරණ ඕනෑම අයකුට විකිණීිමට පුළුවන්. ඔබ පිටකොටුවෙන් හෙයා ඩ්‍රයරයක් මිල දී ගන්නවා. එහි නිෂ්පාදන ආයතනය, නිෂ්පාදිත රට, විකිණීමේ සහතිකය . . . මේ කිසිම දෙයක් නැහැ. නමුත් මිල අඩුයි. උපකරණය ගත්තා, ගෙදර ගෙනිච්චා, පාවිච්චි කළා. මේ උපකරණ පාවිච්චි කරන්නේ කොහොමද? ඒ සඳහා ඇති ආරක්ෂිත ක්‍රම මොනවාද, මේ උපකරණයේ වටිනාකම සඳහා ඇති සහතිකය ගැන කිසිම සහතිකයක් නැහැ. නියම වටිනාකම ඇති හොඳම වර්ගයේ උපකරණයක් තෝරා ගැනීම දැන් තරමක් අපහසු කටයුත්තක්. හරියට වාහනයකට අමතර කොටස් තෝරා ගැනීම වගේ දුෂ්කර වැඩක්.

සැලෝන් උපකරණ මිල දී ගැනීමේදී වඩාත්ම වැදගත් දෙය තමයි විශ්වාශනීයත්වය. ඒ සඳහා වඩාත්ම සුදුසු කුමන ආයතනයක් ද ඔවුන්ගේ උපකරණවල කල් පැවැත්ම, ඔවුන්ගේ සේවා කාලය ගැන ඔබ මුලින්ම සොය බලන්න. සාමාන්‍යයෙන් මෙවැනි උපරණයක් ගන්නා විට ඒ සඳහා උපදෙස් හා භාවිතය පිළිබඳ පුහුණුවක් විකුණන ආයතනයෙන් ලබා දිය යුතුයි. බොහෝ විට මෙම උපකරණවල උපදෙස් අඩංගු පත්‍රිකා ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති නිසා ඒවා කියවා වටහා ගැනීම තරමක් අපහසුයි.

ඒ වගේම තමයි හොඳ ගුණාත්මක බවෙන් ඉහළ උපකරණ සෑම එකක්ම හදිසි විදුලි කාන්දුවකදී ස්වයංක්‍රීයව විසන්ධි වෙන ආකාරයටයි සකසා තිබෙන්නේ.

උදාහරණයක් ලෙස අපි සැලොන් එකක පාවිච්චි කරන හෙයා කටරයක් ගමු. එහි වේග සීමා කිහිපයක්ම තිබෙනවා. එම වේග සීමා අනුව කොණ්ඩය කැපීමට හැකි අයුරින් තමයි එය සකස් කර තිබෙන්නේ. අපට අතපසුවීමකින් මෙය විදුලිය විසන්ධි කරන්න නොහැකි වූ අවස්ථාවක එය වැඩි වෙලාවක් පැවතුණොත් රත් වූ විට විසන්ධි වන අයුරින් තමයි එය සකස් කර තිබෙන්නේ.

කුඩා දරුවන්ට මෙම උපකරණ හසුවන ආකාරයට තැබීම වඩාත්ම අවදානම්.

බොහෝ විට නිවෙසක තනි පාවිච්චියට ගන්නා උපකරණත් සැලොන් එකක ඇති උපකරණත් අතර වෙනසක් තිබෙනවා. සාමාන්‍යයෙන් සැලොන් සඳහා පාවිච්චි කරන උපකරණ ඉතා ඉක්මනින් කාර්යක්ෂමතාව වැඩි උපකරණ තමයි යොදා ගන්නේ. උදාහරණයක් ලෙස සැලොන්වල ඇති හෙයා ඩ්‍රයරය තනි පුද්ගලයකු පාවිච්චි කරන උපකරණයකට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් ඇති එකක් විය යුතුයි.

ප්‍රමිතියෙන් හොඳ උපකරණ අලෙවි කරන ආයතනයක් සැම විටම ඒ සඳහා තත්ත්ව සහතිකයක් ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි, විකිණීමෙන් පසුවත් අමතර කොටස් ආදිය ලබා ගැනීමට, නඩත්තුව සඳහා තම සේවය සලසනවා. එහෙත් අපේ බොහෝ දෙනෙක් වැඩිපුරම හිතන්නේ උපකරණයේ මුදල ගැන විතරයි. එහි කල්පැවැත්ම, නිෂ්පාදන වටිනාකම ගැන අවබෝධයක් නැහැ.

සැලොන් උපකරණ භාවිතයේදී එම උපකරණ නඩත්තුවේදී එවා කාලයක් පාවිච්චියට නොගෙන සිටීම ආයතනයේ විදුලි පරිපතයේ විදුලි කාන්දුව ගැනත් වඩාත් හොඳින් සැලකිලිමත් වීම වැදගත්.

නමුත් අපේ රටේ මේ සඳහා කිසිම පාලනයක් නීතියක් නැහැ. ඕනැම අයකුට ඕනෑම උපකරණයක් විකිණීමට පුළුවන්. ඒ වගේ අපේ රටට ගෙන්වීමටත් අවස්ථාව තිබෙනවා. සමහර විට අපේ රටේ විදුලි ධාරාවට ඔරොත්තු නොවන උපකරණ පවා ගෙන්වන අවස්ථා තිබෙනවා. එවැනි උපකරණ අපේ රටේ පාවිච්චි කළ හැකි උපකරණ වීමත් වඩාත් වැදගත්. මෙවැනි දේ පිළිබඳ අපි අවධානය යොමු කළොත් මෙවැනි උපකරණ මඟින් ඇති විය හැකි අනතුරු අපට පාලනය කිරීම හරිම පහසුයි.”

 

උපදෙස්

නුගේගොඩ මොඩන් සැලොන් ෆර්නිචර් හි

පාලිත රත්න

 

 

 

1388 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 27, සඳුදා 14:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න