තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 දෙසැම්බර් 27, බදාදා 09:52

ඔබත් වයස අවුරුදු 35 සීමාවේ පසුවන්නේ ද? නොපමාව පැප් පරීක්ෂණයට යොමුවන්න විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
“අමායා, මම චූටි දුව ක්ලිනික් එක්කගෙන ගියවෙලේ මිඩ්වයිෆ් කිව්වා පැප් පරීක්ෂණයට එන්න කියලා. දිනයකුත් දුන්නා. අවුරුදු 35 වයස් සීමාවේ ඉන්න හැමෝටම කරන්න කිව්වා. අපි දෙන්නම එක දවසක යමුද?”

 

කාන්තාවන්ට පමණක්ම පොදුවූ මූලික වෛද්‍ය පරීක්ෂණ වර්ග දෙකක් තිබේ. ඒ පියයුරු පිළිකාවක් ඇත්දැයි බලන මැමෝග්‍රෑම් පරීක්ෂණය හා ගැබ්ගෙල පිළිකාවක් ඇත්දැයි බලන පැප් පරීක්ෂණයයි.

මොකක්ද මේ පැප් පරීක්ෂණය

පැප් පරීක්ෂණය යනු ගැබ්ගෙල පිළිකාව හඳුනාගත හැකි පරීක්ෂණයකි. ගැබ්ගෙල පිළිකාව මුල්ම අවධියේදීම හඳුනා ගැනීමට මෙම පරීක්ෂණය ඉවහල් වේ.

පැප් පරීක්ෂණය කෙරෙන්නේ කොහොමද?

ගැබ් ගෙල ඇතුළේ ඇති සෛල ස්වල්පයක් යාන්තමට සූරා ගැනීමක් කොට එම ස්‍රාවය පරීක්ෂණය සඳහා යැවේ. යාන්තමට සූරාගැනීමක් වනනිසා වේදනාවක් නොමැත. ඇතැම් කාන්තා පිරිස් වේදනාවක් ඇතැයි පවසමින් අනෙකුත් කාන්තාවන් ද බිය වද්දති.

පැප් පරීක්ෂණය ඉලක්ක ගතවූවෝ

නවීනතම හෙළිදරවුවලට අනුව අවුරුදු 21 න් පසුව පැප් පරීක්ෂණය සිදුකිරීම අවශ්‍ය වේ. එච්. අයි. වී. වෛරසය ශරීරගත වූවකුගේ මුල සිටම ආසන්න කාලසීමාවන්වලදී පැප් පරීක්ෂණය සිදුවේ. ඒ හැරුණු විට වෙනත් හේතුවක් මත සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩුවූවන්ගේ ද වෙනත් පිළිකාවක් සඳහා ඖෂධ ගැනීමෙන් සිටියදී ප්‍රතිශක්තිකරණය අඩුවී ඇත්නම් එවැන්නන්ට ද පැප් පරීක්ෂණය නිතර සිදුවේ. තවද වකුගඩු බද්ධය වැනි අවයව බද්ධය සඳහා දායක වූවන්ටද ඖෂධ ලබාදෙන නිසා ඔවුන් ද ආසන්න කාලසීමාවලදී පැප් පරික්ෂණය සඳහා බඳුන් වේ.

වයස අවුරුදු 30 ට වැඩි නම් පැප් පරීක්ෂණය තුන්වතාවක් සිදුකර ඇත්නම් එය සාමාන්‍ය වූයේ නම් වසර පහකට වතාවක් පැප් පරීක්ෂණය සඳහා බඳුන්වීම යෝග්‍ය වේ.

ගැබ්ගෙල පිළිකාවෙන් වැළකීම සඳහා දෙනු ලබන හියුමන් පැපිලෝමා වෛරසය ලබාගෙන ඇති අයකු වසර පහකට වතාවක් පැප් පරික්ෂණය සඳහා බඳුන්වීම සුදුසු වේ.

වයස අවුරුදු 65 ට වැඩි අයකු පැප් පරීක්ෂණය සඳහා කලින් මුහුණ දී ඇත්නම්, එය සාමාන්‍ය එකක් වූයේ නම් නැවත පරික්ෂණය සඳහා බඳුන්වීමක් අවශ්‍ය නොවේ.

ලිංගික සම්බන්ධතාව එක් පුද්ගලයකුට පමණක් සීමාවූයේ නම් පැප් පරීක්ෂණය සඳහා බඳුන්වීමට අවශ්‍යතාවක් පෙර දී පැන නොනැඟුණත් වත්මන් තත්ත්වය එසේ නොවේ. කාලයක් තිස්සේ යටපත්ව මතුවිය හැකිවීම ඇතුළු නොයෙකුත් හේතු මත කාන්තාවක් පැප් පරීක්ෂණය සඳහා බඳුන්වීම ඉතාම යෝග්‍ය වේ.

අවුරුදු 21 ට අඩු අයකු ලිංගික එකතුවීමක් සිදු නොවූයේ නම් ඒ අය මෙම පරීක්ෂණය සඳහා මුහුණ දිය යුතුද යන්න කෙනකුට සිතෙන්නට පුළුවන. පිළිතුරු වන්නේ කලාතුරකින් වෙන්නට පුළුවන් යන්නයි. ඒ එච්. පී. වී. වෛරසය ශරීරගත වීම ලිංගික සංසර්ගය හරහා පමණක් නොව වෙනත් අන්දමකට වුව සිදුවිය හැකි නිසා ය.

කන්‍යාවක් මේ සඳහා මුහුණ දිය හැකිද?

කන්‍යාභාවය ඇති අයකු මෙම පරීක්ෂණය සඳහා මුහුණදීම අවදානම් ය. කන්‍යාපටලයට හානියක් නොවන අන්දමින් පැප් පරීක්ෂණය කළ හැකි වුවත් අත්වැරදීමකින් හෝ වෛද්‍යවරයා අතින් ඊට හානියක් සිදුවන්නට පුළුවන් නිසා කන්‍යාවන් මෙම පරීක්ෂණයට යොමු නොවන තරම් ය.

මේ සඳහා සූදානම

ලිංගිකව එක්වූයේ නම් අවුරුදු 21 සිටම පැප් පරීක්ෂණය සඳහා බඳුන්වීම යෝග්‍ය වේ. ඒ වසර තුනකට වරක් බැගින් අවුරුදු 21 ට අඩුව සිටියදී ලිංගිකව සක්‍රීය නොවූයේ නම් පරික්ෂණයට බඳුන් නොවේ.

අවුරුදු 21 සිට අවුරුදු 30 - 35 කාලසීමාව වනතුරු වසර තුනකට වරක් පැප් පරික්ෂණය සඳහා මුහුණ දිය යුතුවේ. වයස අවුරුදු 30 - 35 සිට අවුරුදු 65 වනතුරු සෑම වසර පහකට වරක්ම කළ යුතුවේ. පරීක්ෂණයේ ප්‍රතිඵලය නෙගටිව් නොවූයේ නම් මෙම පරීක්ෂණය සඳහා යොමු වන කාලසීමාවන් වෙනස් වේ.

පැප් පරීක්ෂණය සිදුවන්නේ...

මෙම පරීක්ෂණය සඳහා මුහුණ දෙද්දී සපුරාලිය යුතු කාරණා කිහිපයක්ම වේ. මාසික ශුද්ධවීම සිදුවන දින කිහිපය ඒ සඳහා සුදුසු නොවේ. එවිට ප්‍රතිඵලය වෙනස් වේ.

ඊට පෙර දිනයේ සිට ලිංගිකව එක්නොවී සිටිය යුතුය. යෝනි මාර්ගය සඳහා ඩවුචින් වැනි උපකරණවලින් පිරිසුදු නොකිරීම, ශුක්‍රාණු විනාශ කරන දෑ එකතු නොකළ යුතුයි.

ගර්භණී අවස්ථාවලට පත්වී පළමු සති 24 ඇතුළත දී පැප් පරීක්ෂණය සඳහා යොමුවීමේ වරදක් නැත. දරුවා ඉපදී සති 12 ක් ගතවනතුරු පැප් පරික්ෂණය සඳහා මුහුණ දීම ද සුදුසු නැත.

මේ සඳහා ගතවන්නේ ඉතාම සුළු වේලාවකි. ශල්‍යාගාර ඇඳේ උඩුබැලි අතට හාන්සි විය යුතුය.

ප්‍රතිඵලය

පැප් පරීක්ෂණයේ ප්‍රතිඵලය දෙආකාරය. එනම් සාමාන්‍ය (Normal) සහ අසාමාන්‍ය (Abnormal)  වශයෙනි. ප්‍රතිඵලය අසාමාන්‍ය වූයේනම් එය ගැටලු සහගතය. එහිදී නැවත ගැබ්ගෙල ප්‍රදේශයේ ස්‍රාවයන් ස්වල්පයක් ගෙන Col Pos Copy පරීක්ෂණය සිදු කරයි. මෙය ද සරල පරික්ෂණයකි.

පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටීම

ඕනෑම නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු වෙතින් පැප් පරික්ෂණය සඳහා ඉල්ලීමක් කළ හැකිවේ. ප්‍රසව හා නාරි සායන වෙතින් ද මෙම ඉල්ලීම කළ හැකිවේ. අවුරුදු 35 වයස් සීමාවේ සිටින සෑම කාන්තාවක්ම පැප් පරීක්ෂණයට බඳුන්වීම අත්‍යවශ්‍ය බව පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල දැනුම් දී ඇත්තේ මඟහැරීමක් නොවන පරිද්දෙනි. මේ ඔස්සේ ගැබ්ගෙල පිළිකාවන් සියයට 80 ක් පමණ අඩු වී තිබේ. ඒ මුල්ම අවස්ථාවේ හඳුනා ගත හැකි නිසාය.

ඉදින් ඔබත් වයස අවුරුදු 35 සීමාවේ පසුවේ නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණ පැප් පරීක්ෂණය සඳහා මුහුණදෙන්න. ඊට වැඩි වයස් කාණ්ඩයක හෝ පසුවන්නේ නම්, එහෙත් ඔබ ප්‍රමාද නැත. වහාම පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය වෙත පිවිසෙන්න.

 

 

 

උපදෙස් - විශේෂඥ මනෝ වෛද්‍ය, ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්

එච්. ඒ. බුද්ධි ජයසේකර

 

 

 

1299 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 27, බදාදා 09:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න