තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 14:14

කට ගඳ ද? හේතු දැනගෙනම වළක්වා ගන්න විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(1 මනාපය)
මුඛයෙන් පිටවන දුර්ගන්ධ ශ්වාසයට බොහෝ විට හේතුවන්නේ මුඛයේ වියළි බවයි. ඔබ දුර ගමනක් යනවා නම් හෝ බොහෝ වේලාවක් නිදාගත්තා නම් ඔබට ජලය පානය කරන්නට ලැබෙන අවස්ථාව ඉතා ම අඩු යි.

 

මේ නිසා මුඛයේ ඛේට නිෂ්පාදනය අඩාල වී මුඛයේ වියළි බව ඇති වෙනවා. මුඛය වියළි වුණා ම දිවේ සෛල මරණයට පත් වෙනවා. හරියටම කිව්වොත්, බැක්ටීරියා විසින් සෛල මරණයට පත් කරවනවා. ඒ සමඟ තමයි දුගඳ හැමීම ඇරඹෙන්නේ.

දිව නිසා දුර්ගන්ධය ඇති වෙනවා වගේම ඉහත ක්‍රියාවලිය හරහාම දත්වල රැඳී ඇති ආහාර කැබලි මත ද බැක්ටීරියා ක්‍රියා කරනවා. මේ වගේ සෞඛ්‍ය පුරුදුවලට අමතරව අපි ගන්නා ආහාර වර්ග සහ චර්යා රටාවන් නිසාත් මුඛ දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුදුලූනු හෝ ලූනු වැඩි ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගත්විට මුඛයෙන් දැනෙන සැර ගඳට බොහෝ දෙනක් අකැමැත්තක් දක්වනවා. නිතර ආහාර ගන්නේ නැත්නම්, කෑම වේල් මඟ හැරෙනවා නම් හෝ කිසියම් වෙනත් විශ්වාස ආදිය නිසා ඔබ උපවාස කිරීම් වැනි නිරාහාරව සිටීමේ පිළිවෙත් අනුගමනය කරනවා නම් එයත් මීට බලපානවා.

මොකද, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා මේදය සහ කීටෝන බිඳ හෙළීමේ ක්‍රියාවලිය නිසා ඉන් දුගඳක් ඇති වෙනවා. දුම් පානය, මත්පැන් පානය කිරීමෙන් ද මුඛයේ පමණක් නොවෙයි ඔබේ චරිතයේත් ඇති සුවඳ නසනවා.

මේවාට අමතරව ඖෂධමය හේතු සාධකත් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇතැම් ඖෂධ නිසා හෝ වැඩි කාලයක් මුඛයෙන් හුස්ම ගැනීමෙන් මුඛය වියළීම නිසා ඇතිවන උගුරේ හෝ පෙනහලුවල ආසාදනයන්, වකුගඩු හෝ අක්මාවේ රෝග, දියවැඩියාව සහ තවත් බොහෝ දේ දක්වන්නට පුළුවන්. මෙවන් තත්ත්වයක් නම් වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත්.

 දුඟද නැතිකරන්න පිළියම් නිතර වතුර බොන්න

මුඛ අභ්‍යන්තරය වියළීම වළක්වා ගෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කරගන්නට නම් නිතර ජලය පානය කිරීම අවශ්‍ය වෙනවා. මුඛය තෙත්ව ඇතිවිට ඛේට ජනනයත් ඉහළ යනවා. කෙළ නිතර තිබෙන විට ඒවායේ ඇති බැක්ටීරියා ක්‍රියාකාරීත්වයන් නැවතීමේ හැකියාවන් නිසා මුඛ දුර්ගන්ධය නැතිවෙනවා.

දිව පිරිසුදුව තබාගන්න

මුඛ දුර්ගන්ධය වළක්වා ගන්නට දිව පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා දත් මදින විට දිවේ මැද සහ පිටුපස පෙදෙස හොඳීන් මදින්න. දිවේ සුදු පැහැ ගතිය වැඩි නම් දිව සූරන උපකරණයක් භාවිත කරමින් හොඳීන් පිරිසුදු කර ගන්න. රෝස පැහැති පැහැදිලි දිවක් කියන්නේ නීරෝගී සහ පිරිසුදු බවේ ලක්‍ෂණයක්. එමඟින් වාෂ්පශීලී සල්ෆර් සංයෝග අවම වන නිසා ඒවා නිසා හටගන්න දුර්ගන්ධය වළකිනවා.

 මවුත් වොෂ් එකක් භාවිත කරන්න

අවස්ථානුකූලව, කාර්යාලය වැනි ස්ථානයකදී දත් මැදීමට නොහැකි නිසා ඒ වෙනුවට මුඛය සේදීම සඳහා ඇති දියර වර්ග වෙළෙඳපොළෙන් මිලදී ගන්නට පුළුවන්. මෙය දත් මැදීමෙන් ලැබෙන ප්‍රතිඵලය තරම් දිගු කාලයක් පවතින්නේ නෑ. නමුත් එය තත්පර 30ක් පමණ භාවිතයෙන් පසු විනාඩි 30ක්වත් ගතවන තුරු ආහාර ගැනීමෙන් වැළකුණොත් මුඛයේ නැවුම් බව වැඩි

 වේලාවක් යනතුරු පවත්වා ගත හැකියි.

මෙහි ඇති අවාසිදායක තත්ත්වය නම්, සීනි සහිත මුඛ සේදුම් දියර වර්ග නිසා දත් දිරයාම, ඇල්කොහොල් අඩංගු ඒවා නිසා මුඛ පිළිකා අවදානම වැනි තත්ත්වවලට පසු කාලීනව මුහුණ දීමට සිදු වීම යි. ඒ නිසා වැඩිපුර භාවිතය නම් නුවණට හුරු නැහැ.

මුඛ නැවුම්කාරකයක් කන්න

මුඛය නැවුම් කොට හොඳ සුවඳක් ලබා ගන්නට පුළුවන් ආහාරයක් ගැනීමෙන් ද ශරීර හිතකරව සහ අවස්ථානුකූල වශයෙන් ද පහසුවෙන් දුගඳ නැති කරගන්න පුළුවන්. එවිට නැවුම් සුවඳක් හමන නිසා අපි සමඟ කතා කරන අයටත් ප්‍රියතාවයක් දැනෙනවා.මින්ට් වර්ග, අසමෝදගම් ඇට, එන්සාල්, සුදු දුරු (සූදුරු), මහ දුරු (මාදුරු), කුරුඳු, කරාබු නැටි, ආහාර හැඩ ගැන්වීමට භාවිත කරන පාස්ලි වැනි දේවල් ස්වල්පයක් මුඛයේ තබාගෙන මඳ වේලාවක් විකීමෙන් ද මුඛය නැවුම් කරගන්නට පුළුවන්.

අන්තර්ජාලය ඇසුරිනි

506 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 14:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න