තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 15, සඳුදා 11:58

සුවය සුරකින ඛනිජ ලවණ විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
සෝඩියම් අපගේ ජීවිතය හා සෞඛ්‍යය පවත්වාගෙන යාමට අවශ්‍ය ඛනිජ පෝෂක අතර මුල් තැනක් සෝඩියම්වලට හිමිවේ. ශරීරය තුළ ජල තුල්‍යතාවය රැකදීමට නැතිනම් නියාමනය කිරීම එහි ප්‍රධානම කාර්යයයි. එපමණක් ද නොව අම්ල, ක්ෂාර තුල්‍යතාව නියාමනය, ස්නායු ආවේග සම්ප්‍රේෂණය, පේශී ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යෑමට, සෛල පටල ක්‍රියාකාරීත්වය ආදී කාර්යයන් රැසක් නිසි ආකාරයෙන් සිදුවීමට නම් සෝඩියම් දායකත්වය අවශ්‍යය. සෝඩියම් ඉටුකරන කාර්යයන් ඉන් නතර නොවේ. සමහර පෝෂක අවශෝෂණයට සහ ප්‍රවාහනයට සෝඩියම් අවශ්‍යය. ඔබ හෙළන දහඩිය සහ කඳුළු තුළ ද සෝඩියම් අඩංගුය.

 

ආහාර තුළ සෝඩියම් තිබේදැයි අමුතුවෙන් සොයායෑම අවශ්‍ය නොවන්නේ සෑම ආහාරයකම පාහේ සෝඩියම් හමුවන නිසාය. ස්වාභාවික ආහාරවල (බිත්තර, කිරි, කැරට්, බීට්, පලාවර්ග ආදිය තුළ සෝඩියම් බහුලය) මෙන්ම පෙර සකස් කළ ආහාර (අච්චාරු, චට්නි, මෝජු, ටින්වල ඇසුරුම් කළ එළවළු සහ පලතුරු, ටින් මාළු) වලද සෝඩියම් විශාල වශයෙන් අඩංගුය. එයට හේතුව එම ආහාර සැමකම පාහේ ලුණු (සෝඩියම් ක්ලෝරයිඩි) එක්කර ඇති හෙයිනි.

බොහෝ පළාත්වල ජනතාව පානය කරන ජලයේ සෝඩියම් අඩංගු අතර දත් බෙහෙත් “මවුත්වොෂ්” ආදියේ ද සෝඩියම් අඩංගුය.

අප බොහෝ දෙනකු අපගේ දෛනික සෝඩියම් අවශ්‍යතාවය ඉක්මවා යන තරමට සෝඩියම් (ලුණු වශයෙන්) ආහාරයට ගන්නෙමු. විශේෂයෙන් ටින්කළ ආහාර, සොසේජස්, මීට්බෝල්ස්, අච්චාරු, චට්නි, සෝස්, කරවල ආදී ආහාර වැඩිපුර ගතහොත් මිලිග්‍රෑම් 4000-5000 ක් තරම් විශාල ප්‍රමාණයක් ශරීරයට ලැබෙනු ඇත. මෙය දෛනික අවශ්‍යතාවය වන මිලිග්‍රෑම් 1000-1100 ප්‍රමාණය ද විශාල වශයෙන් ඉක්මවා යැවෙයි. මිලිග්‍රෑම් 2400ට වඩා ඉහළ සෝඩියම් ප්‍රමාණයක් ගැනීම අහිතකර බව විද්‍යාඥයින්ගේ මතයයි.

ආහාරපාන තුළ ඉතා බහුල වශයෙන් පවතින නිසා සෝඩියම් ඌනතාවයක් ලෙස ඉඟි නොමැත. විජලනය, ඉතා තදින් දහදිය දැමීම නිසා යම් අවස්ථාවලදී තාවකාලික ඌනතා තත්ත්වයක් සෝඩියම් අතිරික්ත ලුණු සහිත ආහාරයක් ගත් සැනින් එය පහව යනු ඇත.

සෝඩියම් වැඩිපුර ගැනීම නිසා ඇතිවන බරපතල තත්ත්වයක් ලෙස අධික රුධිර පීඩනය හැඳින්විය හැකිය. මදුරු ගණයේ සත්ත්වයන් යොදාගෙන මෙන්ම මිනිසුන් සම්බන්ධ කරගෙන කළ පර්යේෂණ මඟින් ද සෝඩියම් බහුලවීම නිසා අධික රුධිර පීඩනය ඇතිවන බව හෙලීවී තිබේ. කෙසේවෙතත් අධික රුධිර පීඩනය සහිත රෝගියෙකු හට ලුණු ආහාරයට ගැනීම නවත්වන හෝ අඩු කරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති.

 ක්ලෝරීන්

සෝඩියම් පිළිබඳව කතාබහ කරන විට ක්ලෝරීන් අමතක කළ නොහැක. ශරීරය තුළ ජල තුල්‍යතාවය, අම්ල තුල්‍යතාවය සහ තරල පීඩනය නියාමනය සඳහා එය අත්‍යවශ්‍යය. ආහාර ජීර්ණය ගැන වගකියන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ද එය පවතී. ආහාර අවශෝෂණය නිසි ලෙස සිදුකිරීමටත් හානිකර බැක්ටීරියා වර්ධනය වීම වැළැක්වීමත් ඉන් සිදුකරන තවත් කාර්යයකි.

ක්ලෝරීන් ඌනතාවයක් වාර්තා නොවන්නේ සියලු ආහාර තුළ ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ්) අඩංගු හෙයිනි.

 

පොටෑසියම්

අපේ ශරීරය තුළ අඩංගු මුළු පොටෑසියම් ප්‍රමාණය ග්‍රෑම් 9 කි. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ශරීරයේ සෛල තුළ හමුවෙයි.

පොටෑසියම්වලින් සිදුවන කාර්යභාරය සෝඩියම් සිදුකරන කාර්යභාරයට බොහෝ සමානය. ශරීරය තුළ ජල තුල්‍යතාවය සහ අම්ල, ක්ෂාර තුල්‍යතාවය රැකගැනීම ස්නායුවල සිට මාංශපේශීන් දක්වා ස්නායු ආවේග සම්ප්‍රේෂණය එම කාර්යයන්ය. ඒ හැරුණ විට කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් පරිවෘත්තියේදී ද පොටෑසියම් විශාල කාර්යභාරයක් ඉටුකරයි.

සිදුකර ඇති බොහෝ පර්යේෂණ පෙන්වා දෙන්නේ පොටෑසියම් බහුල ආහාර ගැනීම නිසා රුධිර පීඩනය පහළ හෙළීමට සහ ආඝාතය ඇතිවීමේ අවදානම පහළ හෙළන බවය. මෙයට හේතුව ලෙස සැලකෙන්නේ ශරීරය තුළට පොටෑසියම් බහුලව ගැනීම නිසා සෝඩියම් ශරීරයෙන් බැහැරව යන නිසා රුධිර පීඩනය පහළ බැසීම සිදුවීමය.

නොපාහින ලද ධාන්‍ය, කෙසෙල්, අර්තාපල්, කිරි, පලා එළවළු වර්ගවල, පියළි ඇට, මාළු හා පලතුරු තුළ පොටෑසියම් බහුලය. පොටෑසියම් දෛනික අවශ්‍යතාව මිලිග්‍රෑම් 1500 ක් පමණය. වකුගඩු රෝග සහිත අයට පොටෑසියම් අඩංගු ආහාර ගැනීමේ තහංචි පැනවෙයි.

ආහාර වර්ග බොහොමයක පොටෑසියම් තිබෙන නිසා ඌනතාවයක් ඇතිවීමට ඇති අවකාශය අවමය. පාලනය නොවූ දියවැඩියා තත්ත්වය සහ දිගින් දිගටම පවත්නා අධික දහදිය දැමීම නිසා පොටෑසියම් අඩුවීමක් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් පේශී දුර්වලතා, තරල තුල්‍යතාවය ඇතිවීමක් නිසා හෘදයාබාධයකට මුල පිරීමක් ඇතිවිය හැකිය.

 සල්ෆර්

හිසකෙස්, සම සහ නියපොතු ආදියෙහි සෞඛ්‍යය රැකගැනීම සඳහා ඉතා සුළු වශයෙන් අවශ්‍ය මෙම ඛනිජ පෝෂක මුළු ශරීරය පුරාම විසිර පවතියි. ශරීර පටක සෑදීමට එය අත්‍යවශ්‍යය. පටක ශ්වසනයේදී ද සල්ෆර් අව්‍යශය. සමස්ත තරල තුල්‍යතාවය රැකීමට එය උදව්වන අතර අක්මාවෙන් පිත ස්‍රාවය කිරීම සඳහා ද සල්ෆර් අවශ්‍යය. ශක්තිය සංචිත කිරීමට සහ නිදහස් කිරීමට සල්ෆර් අවශ්‍යය. සෛල ජාන ද්‍රව්‍යවල අඩංගු සල්ෆර් එන්සයිම ප්‍රතික්‍රියා සහ රුධිරය කැටිගැසීම ප්‍රවර්ධනයට උදව් වෙයි. බයෝටින් සහ තයමීන් හා බී විටමින්වල අඩංගු සල්ෆර් ශරීරයට ඇතුළු වන සමහර ධූලක (විෂ) හා සම්බන්ධ වී මුත්‍ර හරහා ඒවා ශරීරයෙන් පිට කිරීමට ද සලෆර් සමත්වෙයි.

බිත්තර, මාළු, කුකුල් මස්, ධාන්‍ය, ඇටවර්ග, පියලි ඇට, චීස් යනාදිය සල්ෆර් අඩංගු වන අතර ප්‍රෝටීන් තැනීම සඳහා එක්වන ඇමැයිනෝ අම්ල තුළින්ද සල්ෆර් සැපයෙන නිසා එහි ඌනතාවයක්ද දැකිය නොහැක

 

354 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 15, සඳුදා 11:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න