රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 15, සඳුදා 12:21

මේ දේවල් හවුලේ එපා විශේෂාංග

ලිව්වේ  සමන්ති වනිගසේකර
අගයන්න
(0 මනාප)
දත් බුරුසු,පනා වගේ දේවල් ගොඩක් අය හවුලේ භාවිතා කරන්නේ නෑ. ඒ වුණාට සමහර දේවල් තියෙනවා ගොඩක් ඒවා ඔයාලා හවුලේ භාවිතා කරනවා.

 

ඔබ දන්නවා වුණත් කවදාවත් මෙවැනි දේවල් හවුලේ භාවිතා කිරීම නම් කරන්නට නම් එපා. එයට හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි.

තොල් ආලේපන වර්ග

මෙය ගොඩක් ගැහැනු ළමුන් ඉතා සුළභව කරන වරැද්දක්. ඔබ මිතුරියන් සමඟ හවුලේ තොල් ආලේපන භාවිතා කරනවනම්එය නොකළ යුතුය. හවුලේ භාවිතා කරන ආලේපන වර්ග නිසාඇතැම්විට ‘හර්පිස්’ වැනි භයානක රෝග වර්ග පවා සම්ප්‍රේෂණය වන්නට පුළුවන්.

එමෙන්ම දද ,කුෂ්ට වැනි වෙනත් ආසානද ඒ හරහා හුවමාරු වීමේ ඉඩ කඩ වැඩියි.

හෙඩ් ෆෝන්

යාළුවෝ එකට සෙට් වුණාම හෙඩ් ෆෝන් එක හුවමාරු කර ගන්න එක සාමාන්‍ය දෙයක් වුණාට හෙඩ් ෆෝනයද රෝග වාහකයක් විය හැකිය. ව්ව්ධ බැක්ටීරියා වර්ග එහි අන්තර්ගත වීමට ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ භාවිතා කරන හෙඩ් ෆෝනය ද සතියකට වරක් හයිඩ්‍රිජන් පොරොක්සයිඩ් පෙඟවූ පුළුන් කැබැල්ලකින් පිරිසිදු කිරීම වැදගත්.

කොණ්ඩ කටු

කොණ්ඩ කටු හුවමාරුව කාන්තාවන් සුලභව කරන දෙයක්. නමුත් ඒ හරහා උකුණන්, ඉස්සොරි ආසාදන සහ වෙනත් ආසාදන තවත් අයෙකුගෙන් ඔබට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

තුවාය

තුවාය නිසැකවම ඔබේ පෞද්ගලික වස්තුවක් විය යුතුය. එහි රැදෙන තෙතමන බැක්ටීරියා හා දිලීරවලට හොඳ නිවහනක් සපයනවා. එම නිසා එය නිරන්තරයෙන් පිරිසිදුව හා වියළිව තබා ගැනීම අත්‍යවශ්‍යයයි.

රූපලාවණ්‍ය උපකරණ

ඔබේ ට්විසර්, රේසරය, නිය කපනය, ආදිය ඔබ පමණක් තනිව භාවිතා කරනවා කරනවා නම් එය හොඳ පුරුද්දක්. ඇතැම්විට ඒවායේ ඇසට නොපෙනන සියුම් ලේ බ්දු අන්තර් ගත විය හැකිය. ඉතින් මේවා හුඟක් දෙනෙක් හවුලේ භාවිතා කරන නිසා රෝග වාහක වන බව පැහැදිලියි නේද/

 

සම ආරක්ෂණ උපකරණ

ස්පොන්ජ්, බ්‍රෂ් වර්ග, ආදිය හවුලේ භාවිතා කිරීම සුදුසු නැහැ, මන්ද යත් ඒවා මඟින් බැක්ටීරියා සම්ප්‍රේෂණය සුලභව සිදුවිය හැකිය,

 

නිවෙස ඇතුලත පලදින සපත්තු, සෙරෙප්පු,

සපත්තු සෙරෙප්පු පළඳින විට ඒවා නිරන්තරයෙන් දහදියෙන් පෙඟී තිබීම සාමාන්‍ය දෙයක්. මෙය බැක්ටීරියා හා දිලීර වර්ධනයට පහසු මාධ්‍යක් බැවින් ඒ හරහා පහසුවෙන් ආසාධනයක් ඇතිවිය හැකිය.

 

( අන්තර්ජාලය ඇසුරින් )

 

 

 

 

1833 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 15, සඳුදා 12:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න