රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 16, අඟහරුවාදා 15:44

රූපලාවණ්‍යාගාරය හැඩකරන ගෘහ අලංකරණය විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
යමක සුන්දරත්වය දෙස බලමින් තෘප්තිමත් විය හැකි අයකු වෙත්නම්, දෑතේ හැකියාව ඇත්නම් එවැන්නකුට පහසුවෙන්ම රූපලාවණ්‍ය විෂයය තෝරාගත හැකියි.

 

ස්ථානය පිළිබඳ හොඳ තේරීමක්

මැනවින් රූපලාවණ්‍ය පිළිබඳ හැදෑරූ ඔබට තමන්ගේම කියා රූපලාවණ්‍යාගාරයක් නිමවීම යනු සිහිනයක් සැබෑවීමකි. එහිදී පළමුව ඔබ කළ යුත්තේ අදාළ ස්ථානය තෝරා ගැනීමයි. මෙහිදී නගරාසන්නයේ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි තැනක්, එවැනි තැනක උඩුමහලක්, පාර අද්දරට වන්නට පිහිටි නිවෙසක් නම් එහි ඉදිරිපස කාමර දෙක තුනක් රූපලාවණ්‍යාගාරයක් සඳහා වෙන්වනු ඇති. ඔබ තෝරාගත් ස්ථානය ගනුදෙනුකරුවන්ට පහසුවෙන්ම ළඟාවිය හැකි ස්ථානයක් වීම අත්‍යවශ්‍ය කරුණකි. ප්‍රධාන මාර්ගයෙන් මීටර් කිහිපයක් ඇතුළට වන්නට පිහිටි රූපලාවණ්‍යාගාරයක් නම් ප්‍රධාන පාරේ රූපලාවණ්‍යාගාරයේ නම, ලිපිනය, දුරකතන අංක සහ එහිදී ගනුදෙනුකරුවන්ට සපයන සේවාවන් ඇතුළත් බෝඩ් එකක් එල්ලා තැබිය හැකියි.

නාම පුවරුවෙන් සියලු දේ

මෙවැනිම බෝඩ් එකක් රූපලාවණ්‍යාගාරය පිහිටි තැනත් එල්ලා තැබේ. මෙය වැඩි විච්චූරණ නැති ඉතා සරල එකක් වීමෙන් ඔබේ සේවය පිළිබඳ පූර්ව ඉඟි දක්වනු ඇත. රූපලාවණ්‍යාගාරයක අභ්‍යන්තර අලංකරණය පිළිබඳ සිතද්දී මේ නාමපුවරුවට ද වැඩි සැලකිල්ලක් දැක්විය යුතුම වේ. වෙනත් රූපලාවණ්‍යාගාරයකට නොව ඔබේ රූපලාවණ්‍යාගාරය වෙතම ගනුදෙනුකරුවන් අද්දවා ගැනීමට තරම් මේ නාමපුවරුව සුවිශේෂී එක්ක විය යුතුවේ.

වාහන නැවැත්වීමේ පහසුකම්

ඔබ තෝරාගත් ස්ථානය ගනුදෙනුකරුවන්ට වාහන ගාල් කිරීමේ පහසුකම් ඇති තැනක් වීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොවීමත් වරක් පැමිණ ගනුදෙනුකරුවකු නැවත නොපැමිණීමට හේතුවකි. පටු මාවතක පිහිටි රූපලාවණ්‍යාගාරයක් නම් ඔබ වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ වාහන එම මාර්ගයේ පදිංචි අයගේ වාහන එහා මෙහා යෑමට කිසිසේත්ම බාධාවක් නොවිය යුතුයි.

පිරිසුදුකම හා පිළිවෙළ

රූපලාවණ්‍යාගාරයක පිරිසදුකම හා පිළිවෙල යනු අත්‍යවශ්‍ය අංගයකි. ඒ අනුව රූපලාවණ්‍යාගාරයකටම ආවේණික වූ උපකරණ තිබේ. (ඉචතධද ඡ්ඳභඪනථඥදබඵ) මෙම උපකරණ තමන්ගේ ආර්ථිකයට සරිලන අන්දමින් සපයාගෙන තිබීම එදිනෙදා කටයුතු කරගැනීමට පහසු වේවි. ගනුදෙනුකරුවන්ට ඉහළ පහසුකම් සපයන තරමට ඔවුන් ඔබේ රූපලාවණ්‍යාගාරය වටා එක්රොක්වනු ඇත.

තේමාවක් කරා

රූපලාවන්‍යාගාරය අභ්‍යන්තර අලංකරණයට අනුව සැකසෙද්දී නාම පුවරුවේ පටන් ම තේමාවක් සඳහා අනුගත වන්නේ නම් වඩාත් පහසු වේවි. එය පැහැයක් විය හැකියි. මෙහිදී කළු, රතු, සුදු යන පැහැයන් තුනම එකතු කළ හැකියි. නැතිනම් කළු, සුදු වර්ණ දෙක ද යොදා ගැනීමට පුළුවන. ස්වභාව ධර්මය තේමාව කරගන්නේ නම් සොබාදහමේ වඩාත් සිත්ගත් දර්ශනයක් එල්ලා තැබිය හැකියි. මෙය හැඩවැඩ කරන කණ්ණාඩිය එල්ලා ඇති බිත්තියටම සවි කළ හැකියි.සොබාදහමේ තේමාවක් නම් ඔබේ තේරීම ගංගාවක්, දිය ඇල්ලක් ගලා යන සියුම් රාවයක්, කුරුල්ලන්ගේ සිහින් කිචිබිචි නාදයක් පසුබිමෙන් ඇසෙන්නට දැමිය හැකියි.

බුදුදහමට වඩාත් අනුගත වූවකුට නම් තම රූපලාවණ්‍යාගාරය තුළ අසපුවක සිරිගත් වටාපිටාවක් ගෙනදිය හැකියි. එහිදී ගනුදෙනුකරුවකුට දැහැන්ගත වූවා වැනි හැඟීමක් ඇතිවිය හැකියි.

සුගන්ධවත් බව කරා

සුගන්ධයක් ඔබේ රූපලාවණ්‍යාගාරය වෙතින් හමන්නේ නම් ඒ කෙරෙහිත් ගනුදෙනුකරුවන් ආසක්ත වේවි. කුරුඳු සුවඳ, හඳුන්කූරු සුවඳ, සමන්පිච්ච වැනි මල් සුවඳ යනාදිය ස්වභාවිකව වහනය වීමට ඉඩ සැලැස්විය හැකියි.

සැලසුම් සහගතව

රූපලාවණ්‍යාගාරයේ සියලු කටයුතුවල සැලසුම් සහගත බව එහි දිගුකාලීන පැවැත්ම කෙරෙහි සෘජුවම බලපාවි. ඒ අනුව කොණ්ඩා කපන තැන වෙනමම තැබීම වැදගත්. එහිදී නියමිත ලෙස කැපූ කොණ්ඩය ඉවතලීම සඳහා ක්‍රම අනුගමනය කළ යුතුවේ. එක් ගනුදෙනුකරුවකුගේ කැපූ කොණ්ඩය එවෙලේම ඉවතලූයේ නැතිනම් ඊළඟ ගනුදෙනුකරුට යම් අප්‍රසන්න බවක් දැනීමට පුළුවන.

මේක් අප්, කොණ්ඩා මෝස්තර, සාරි ඔසරි ඇතුළු ඇඳුම් ඇන්දවීම සඳහා තවත් තැනක් වෙන් කළ යුතුවේ. සාමාන්‍යයෙන් රූපලාවණ්‍යාගාරයක ඇතුළුවන තැනම මෙය සිදුවේ.

ඇඳුම් මාරු කිරීම, සාරි බ්ලවුසය ඇඳීම ආදිය සඳහා ඇඳුම් මාරු කරන කාමරයක් (ඛ්ඩචදඨඪදඨ පධධථ) තිබීමත් ගනුදෙනුකරුවන්ට පහසුවකි.

මේක් අප් කරන තැන මේක් අප් ට්‍රොලි, හෙයාකටිං ස්ටේෂන් ආදිය තැබීම රූපලාවණ්‍ය ශිල්පියාට පවා පහසුවකි.

කණ්ණාඩි සවි කරද්දී

රූපලාවණ්‍යාගාරයක විශාල කණ්ණාඩි එල්ලා තැබේ. මේවා එල්ලා තැබීම ප්‍රවේශම් ලෙස කළ යුතුයි. බිත්ති සුදු පාටින් තැබීම වඩාත් යෝග්‍යයි.

එහෙත් කණ්ණාඩි පිටුපසට බිත්තියට තද පැහැයක් ආලේප කරන්නට පුළුවන. බිත්ති තනි පැහැයෙන් තබා සිවිලිමට මෝස්තරයක් යෙදිය හැකියි. එවිට ෆේෂල් යනාදිය කොට උඩු බැලි අතට සිටින කෙනකුගේ නෙත ගැටෙන්නේ එම මෝස්තරයි.

බිත්ති, සිවිලිම සහ පොළොව

සාමාන්‍යයෙන් බිත්ති සහ සිවිලිම තනි පැහැයෙන් නම් පොළොව වර්ණවත් කරයි. පොළොව සහ සිවිලිම තනි පැහැයෙන් බිත්ති වර්ණවත් කරයි.

වතුර ආදිය අත්‍යවශ්‍යවන නිසා සින්ක් ආදිය නිවැරදි ලෙස සම්බන්ධ කොට තිබීම, නිසි ලෙස වතුර බැහැරවීම අත්‍යවශ්‍ය වේ. කොණ්ඩ සේදීම ආදිය සිදුවන නිසා සින්ක් සවිකරද්දී එහි උස ප්‍රමාණයන් පිළිබඳ ද සැලකිලිමත් විය යුතුවේ.

වඩාත් සුවපහසු රූපලාවණ්‍යාගාරයක නම් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වූවොත් යෑමට වැසිකිලි පහසුකම් සලසා තිබිය හැකියි.

රූපලාවණ්‍යාගාරයට පැමිණෙන පිරිස කොටට ඇඳගෙන එන්නේ නම් පෙඩිකි්‍යු කරන අවස්ථාව යනාදියේදි ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි නොවන වටපිටාවක් තිබිය යුතුයි. ඔවුන් ගෙනඑන අත්බෑග ප්‍රවේසම්ව තැබීමට තැනක් සැකසිය යුතුයි.

පිළිගැනීමේ කවුන්ටරයක්

රූපලාවණ්‍යාගාරයක පිළිගැනීමේ කවුන්ටරයක් සමඟ කැෂියර් කවුන්ටරයක් ඇත්නම් එතැන වඩාත් සම්පූර්ණ එකක් වේවි. ස්වභාවික මලින් නිමවූ මල් බඳුනක් තැබීම, එක් එක් සේවාවන් සදහා මිල ගණන් සඳහන් කළ පත්‍රිකාවක් තැබීම, විසිටින් කාඩ් යනාදිය මෙහි තැබීමට පුළුවන. මිල ගණන් බිත්තියක ගසා ප්‍රදර්ශනය කරන්නේ නම් විනිවිදභාවය වඩාත් වැඩිවේවි.

සුවපහසු ආසන

ගනුදෙනුකරුවන්ට සහ ඔවුන් සමඟ පැමිණෙන්නන්ට අසුන් ගැනීමට සුවපහසු ආසන, කියැවීමට බැලීමට සඟරා, රූපවාහිනි යන්ත්‍ර සවිකර තිබීමත් යනාදියෙන් ඔබේ රූපලාවණ්‍යාගාරයට ඇති ඉල්ලුම තවත් වැඩ්වේවි.

සාමාන්‍යයෙන් රූපලාවණ්‍යාගාරයක විදුලිපංකා සවි කරනු වෙනුවට වායුසමීකරණ යන්ත්‍රයක් සවිකර තිබීම වඩාත් පහසුවේ. ගනුදෙනුකරුවන් සේම රුපලාවණ්‍ය ශිල්පියා ඔහුගේ හෝ ඇයගේ සහයකයින් මෙයින් අපහසුතාවට පත් නොවේවි.

විදුලිය සැකසීමේ දී විදුලිබල්බ භාවිතය රූපලාවණ්‍යාගාරයක දී ඉතාම සැලකිල්ලෙන් කළ යුතු වූවකි.

සාමාන්‍යයෙන් මේක් අප් කරන තැනක ඩේ ලයිට් එකක්, කොන්ඩා කපන තැන වෝම් ලයිට් (කහ පැහැ එළිය) එකක් සුදුසු වේ.

3287 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 16, අඟහරුවාදා 15:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න