තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 29, සඳුදා 11:14

සීනිවල සැඟවුණු මාරයා හඳුනාගන්න විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
උදේට නොකා නම් ගෙදරින් යන්න එපා . . .! ‘දවල් බත් එක මතක ඇතිව බෑග් එකට දාගත්තද?’ ‘පුතා තුන්වේලටම කෑම කන්න ගෙදර ආවෙ නැහැ. කරදරයක් ද දන්නෙ නැහැ’

 

ප්‍රධාන ආහාර වේල් තුන, නිවෙස හා අප අතර අතීතයේ තිබුණේ මොන තරම් අපූරු නෑකමක්ද? මේ නෑකම අපේ ඇත්තන්ට ආයුෂ බොහෝ ගෙනාවා.

එහෙත් මේ කලියුග කාලයේ ගෙදර කෑම අපේ වෙලා නොවෙයි අපෝ වෙලා.

බලන බලන තැන ඇති කෑම කඩ අපේ කුස හිස් නොකරන්නේ ජීවිත ඇති තරම් බෝ නොවෙන ලෙඩ රෝගවලින් පුරවමින්.

ලංකාවේ පාසල් යන වයසේ දරුවන්ගෙන් 15% කගේ උසට වඩා බර වැඩියි.  

කාන්තා පක්ෂයට හිත බර කරගන්න සිදු වී ඇත්තේ 22% ක ගේම බර හොඳටම වැඩි නිසයි.

දවසකට මිය යන ගණනින් 65%ක්ම මිය යන්නේ හෘද රෝග, දියවැඩියාව, අංශභාගය වැනි බෝ නෙවෙන රෝගවලින්.

වැඩි බර වගේම අඩු බරත් රටේ දැවෙන ගැටලුවක් වී අවසානයි. මවකට උපදින දරුවන් හය දෙනකුගෙන් එක් අයකු අඩු බර දරුවෙක්.

සියලුම දරුවන්ගෙන් 13% ක් මිටි බවින් පීඩා විඳිනවා. වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 1/4 ක් අඩු බරකින් යුක්තයි. බර අඩු වුණත් වැඩි වුණත් පාර කැපෙන්නේ බෝ නොවෙන රෝගයකටයි. අධිපෝෂණය වගේම මන්දපෝෂණය ද එවැනි රෝගවලට හේතු වෙනවා.

ව්‍යායාම නොකිරීම, මානසික ආතතිය, අධිබර වගේම වැරැදි ආහාර රටාවත් පුද්ගලයන්ගේ රෝගී බව ඉක්මන් කරනවා.

ැණියෙන් ඉතිරෙන සශ්‍රීක ලොවක් සාම්ප්‍රදායිකව පතද්දී ඒ ලොව දියවැඩියාව වැනි රෝගවලින් තොර නිරුදක කාන්තාරයක් කරගත යුත්තේ මේ නිසයි. 

දැන් බීඑම්අයි ගැන වගේම ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් ගැනත් අවදියෙන් ඉන්න ඕන. 

අප යම් ආහාරයක් ගත් විට රුධිරයේ සීනි මට්ටම කොතරම් ඉක්මනින් හා කොතරම් ප්‍රමාණයකින් ඉහළ යනවාද කියා ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් මඟින් දැනගන්න පුළුවන්.

ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් ගැන අවබෝධයක් ඇතිව ආහාර ගැනීමෙන් අපට රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කර ගැනීමට පුළුවන්.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යන විට ඉන්සියුලින් ස්‍රාවය වීම වැඩි වෙනවා. දිගින් දිගටම පැණි රස ආහාර ගැනීමෙන් ඉන්සියුලින් මට්ටම අඛණ්ඩව වැඩිවීමෙන් රුධිරයේ,

* ට්‍රයිග්ලිසරයිඩ්ස් මට්ටම වැඩි වෙනවා

* අහිතකර කොලෙස්ටරෝල් (එල්ඩී එල්) මට්ටම වැඩිවෙනවා

* හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා

* අධික රුධිර පීඩනය ඇති වෙනවා

* ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවක් හට ගන්නවා

* කුසගින්න වැඩිවෙනවා

* තරබාරුකමේ රතු කට්ට පනිනවා

 

දෙවැනි වර්ගයේ දියවැඩියාවට ගොදුරුවීමේ අවදානම එන්න එන්න වැඩි වෙනවා.

 

ලුණු, මේදය, සීනි පිඟානේ සතුරන් බව අප දන්නවා. එහෙත් තවමත් වැඩි දෙනෙක් සතුරන් හඳුනාගෙන නැහැ.

සීනි අඩංගු වී තිබෙන්නේ පැණි රස ආහාරවල පමණක් නොවෙයි. සෝස් වර්ග, කෑමට සූදානම්කර ඇති ආහාර බොහොමයක ද ග්ලූකෝස් නැත්නම් සීනි අඩංගුයි.

සාමාන්‍යනේ වැඩිහිටියකුට දිනකට සීනි කියුබ් දහයකට (සීනි තේ හැඳි 10 කට / ග්‍රෑම් 50 කට) වඩා ගැනීම සුදුසු නැහැ. වැඩිහිටි ළමයින් හා වයස අවුරුදු 5 - 10 ත් අතර දරුවන් ගතයුතු තේ හැඳි ගණන 9 ක් පමණ වෙනවා.

එහෙත් අප සිතන්නේ පැණි රස දරුවන්ගේ ජාතික රස කියායි. උපතින්ම කිසිවකු කිසිම රසකට ඇලී ගැලී නැහැ. පැණි රස ආහාර දරුවන්ට දී ඔවුන්ගේ දිවේ පැණි රසට ඇති ඉල්ලුම වැඩි කරන්නේ වැඩිහිටියනුයි.

ග්ලයිසෙමික් අගය වැඩි ආහාර

මිලිලීටර් 500 ක කෝලා බෝතලයක් පානය කිරීමෙන් ගතයුතු දවසේ සීනි මට්ටම ඉක්මවා යනවා.

සුපිරි නම් ඇති ආහාර අලෙවිසලක මිල්ක්ෂේක් වීදුරුවක සීනි කියුබ් 16 ක් අඩංගුය.

සලාදයකට, කිරි වීදුරුවකට, එළවළුවකට, පලතුරකට එක් කරන සීනි, සීනි කියුබ් ගණන අහස උසට ඉහළ නංවනවා. වැඩි දෙනෙක් නොදැනුවත්වම සීනි කියුබ් 18 ක් (ග්‍රෑම් 90 ක්) පමණ ඇතැම් විට ඊටත් වඩා කෑමට බීමට ගන්නවා. පලතුරු බීම අහිතකර පානයක් වෙන්නේ ඊට එක් කරන සීනි හැඳි වැඩි ගණන නිසයි. 

1279 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 29, සඳුදා 11:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න