තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 29, සඳුදා 11:59

කිසිවකුටත් වඩා ඔබ ඔබ ගැන විශ්වාසය තබන්න විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
සාර්ථකත්වය ගැන කතා කරද්දී මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වන දෙයක් වන්නේ අප සැම විසින් වර්ධනය කරගත යුතු කුසලතා විශේෂයක් ගැනය. ඒවා හඳුන්වන්නේ “මෘදු කුසලතා” ලෙසයි. ඇත්තටම මොනවාද මේ “මෘදු කුසලතා” එහෙමත් නැතිනම් Soft skills  කියන්නේ.

 

මෙම කුසලතා අතරට ඉංග‍‍්‍රීසි භාෂා හැකියාව, පරිගණක හැකියාව, ඉදිරිපත් කිරීමේ කුසලතා, මිනිසුන් සමඟ කටයුතු කිරීමේ හැකියාව හෙවත් අන්තර් පුද්ගල සම්බන්ධතා ආදිය ඇතුළත් වෙනවා.

වර්තමාන තරගකාරී වැඩ ලෝකයට අවතීර්ණ වන ඕනෑම අයකුට ඉහත කුසලතාවලින් එකක් හෝ කිහිපයක් මනාව ප‍‍්‍රගුණ කර තිබීම සමාජයේ වැදගත් ස්ථානයක් හිමිකර ගැනීමට මනා පිටිවහලක් වෙනවා.

මෙම මෘදු කුසලතාවලින් එකක් වන ඉංග‍‍්‍රීසි භාෂා හැකියාව මනාව ප‍‍්‍රගුණ කිරීම හේතුවෙන් ජීවිතය ජයගත් ලංකා පුත‍‍්‍රයෙක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි අද අපේ කතාබහ. ඒ තමා සුසන්ත රත්නායක මහතා.

ඔහු අන් කවරකුවත් නොව සුප‍‍්‍රකට Jhon Keells Holdings  සමාගමේ වත්මන් සභාපතිවරයායි. මහනුවර ප‍‍්‍රදේශයේ සාමාන්‍ය පවුලකට දාව මෙලොව එළිය දකින ඔහු සය දෙනකුගෙන් යුත් පවුලේ පස්වැනියායි.

කුඩා සුසන්තගේ තාත්තා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙක් වූ අතර, අම්මා නිවසට වී ඔවුන්ව රැකබලාගැනීමේ කාර්යයේ යෙදුණාය. කුඩා කල සිටම ක‍‍්‍රීඩාවට බොහෝ සෙයින් ඇලූම් කළ ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා මහනුවර ටි‍‍්‍රනිටි විද්‍යාලයට ගිය අතර, එහිදී ක‍‍්‍රිකට් සහ රග්බි යන ක‍‍්‍රීඩාවල යෙදීම විනෝදාංශයක් කර ගත්තේය.

සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු සුසන්තව උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට ඔහුගේ පියා පියවර ගන්නා අතර, ඒ හේතුවෙන් මුළු පවුලම කොළඹ පදිංචියට පැමිණෙනවා.

රාජකීය විද්‍යාලයේදීත් සුසන්තගේ හිත ක‍‍්‍රීඩාවට තදින් යොමුවන අතර, එහිදී ද ඔහු ක‍‍්‍රිකට් සහ රග්බි යන ක‍‍්‍රීඩාවල යෙදෙනවා. මේ හේතුවෙන් ඔහු උසස් පෙළ විභාගයට මුහුණදීම ද ප‍‍්‍රතික්‍ෂ්ප කරනවා.

මේ කාලයේ දී එනම් 1978 දී පුංචි සුසන්තගේ ජීවිතයේ ඉතා සුවිශේෂී වූ සන්ධිස්ථානයකට අඩිතාලම වැටෙන දෙයක් සිදුවෙනවා. ඒ තමා ඔහුට “ජෝන් කීල්ස්” සමාගමේ රැකියාවක් ලැබෙන එක. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙනවා.

පුංචි සුසන්තට එම රැකියාව හිමිවීම සඳහා තිබූ එකම සුදුසුකම වූයේ ඔහුට ඉතා චතුර ලෙස ඉංග‍‍්‍රීසි භාෂාව හැසිරවීමට තිබූ හැකියාවයි.

එවකට මෙම සමාගමේ බොහොමයක් සේවකයන් සුදු ජාතිකයන් වූ අතර, ඔවුන් සමඟ හරි හරියට වැඩකිරීමට සුසන්තට තම හැකියාව ආභරණයක් වුණා.

කෙසේ වෙතත් සුසන්ත රස්සාවකට යනවට ඔහුගේ මවුපියන් කිසිසේත්ම කැමැති වුණේ නෑ. රස්සාව කරන ගමන් උසස් පෙළ විභාගෙට මුහුණ දෙනවා කියලා පොරොන්දු වෙලා තමයි ඔහු මෙම රැකියාවට යන්නේ.

නමුත්, එම පොරොන්දුව කඩ කරන ඔහු රැකියාව ගැනම තම සිත යොදවන අතර, මනා කැපවීමකින්, ආශාවකින් වගේම දැඩි උනන්දුවකින් යුතුව එම රැකියාවේ යෙදෙනවා. ඔහුගේ පළමු රැකියාව පුහුණුවන විධායක නිලධාරී තනතුරක් වන අතර, පුහුණු කාලය අවුරුද්දක් වුණා.

නමුත් තමන්ගේ කැපවීම හා උනන්දුව මත මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළදී විධායක ශ්‍රේණියට උසස් වීමට සුසන්තට හැකියාව ලැබෙනවා.

මෙසේ අවුරුදු 19 ක් තරම්වන කුඩා කාලයේ දී පුහුණුවන නිලධාරියෙක් ලෙස “ජෝන් කීල්ස්” ආයතනයේ සේවයට එක්වන සුසන්ත මහතා හය මාසයකින් විධායක ශ්‍රේණියටත්, පසුව කළමණාකාර ධූරයටත්, ඉන් අනතුරුව “මැක් එයාර්” සමාගමේ අධ්‍යක්‍ෂවරයා බවටත් පත්වෙනවා.

ඉන් නොනැවතී ආයතන සමූහයක අධ්‍යක්‍ෂවරයෙක් බවට පත්වන ඔහු වයස අවුරුදු 47 දී සමාගමේ ඉහළම පුටුව වන සභාපති ධූරයට පත්වෙනවා.

සුසන්ත මහතාට උපාධි, පශ්චාත් උපාධි හෝ ආචාර්ය උපාධි ආදී කිසිදු උසස් අධ්‍යාපන සුදුසුකමක් නොවූ අතර, අඩුම තරමේ උසස් පෙළ විභාගයටවත් මුහුණදීමට නොහැකි විය. ඔහුට මේ තත්ත්වයට පත්වීමට ඉවහල් වූ ඔහු සතුවූ එකම සුදුසුකම වූයේ ඉංග‍‍්‍රීසි භාෂාව මැනවින් හැසිරවීමේ හැකියාවයි.

අපට සුසන්ත මහතාගේ ජීවිත කතාවෙන් ගතහැකි ආදර්ශය වන්නේ, තමන් සතුවූ කිනම් හෝ හැකියාවක් හඳුනාගෙන එය මනා කැපවීමකින්, උනන්දුවකින් හා ආශාවකින් යුතුව ඔප මට්ටම් කර ගැනීමෙන් අපට ජීවිතය ජයගත හැකි බවයි. එබැවින් ඔබත් අදම ක‍‍්‍රියාත්මක වන්න. ඔබ තුළ ඇති සැඟවුණු කුසලතාව කුමක්දැයි හඳුනාගන්න. එය නිරන්තරව ප‍‍්‍රගුණ කිරීමෙන් සාර්ථකත්‍වය කරා යන ගමනට ආරම්භක පියවර තබන්න. ඔබට ජය නියතයි. 

“කිසිවකුටත් වඩා ඔබ ඔබ ගැන විශ්වාසය තැබිය යුතුය. ඔබ ජයග‍‍්‍රහණය කරන්නේ එමඟිනි.”

- වීනස් විලියම්ස් 

”තරුණි පාඨක ඔබටත් දැන් ටෙරන්ස් වීරවර්ධන මහතා විසින් පවත්වන “පුද්ගල හැකියා සංවර්ධන” වැඩමුළුවක් ඔබගේ ප‍‍්‍රදේශයේ සංවිධානය කරගැනීමට අවස්ථාව ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ඊමේල් ලිපිනයෙන් විමසන්න. 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

486 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 29, සඳුදා 12:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න