තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:41

උදරය මට්ටු කරන අයිස් ප්‍රතිකාර විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
අපි හැමෝම වගේ ආසයි ලස්සනට ඉන්න. මොකද අපි හැමෝටම මේ සමාජය එක්ක ගනුදෙනු කරද්දී රූපය ඉතා වැදගත්. නමුත් ඔබ හිතුවද අයිස්වලට අපේ රුව වඩවන්න පුළුන් කියලා. මේ කියන්න යන්නේ අයිස්වලින් රුව ලස්සන කරන ක්‍රම කිහිපයක් ගැනයි.

 

සම සිනිඳු කර ගැනීමට

 

සවස් කාලයේ දී හෝ රාත්‍රී නින්දට පෙර මුහුණ සෝදා පිරිසිදුකර, අයිස් බෑග් එකක් ගෙන, මුහුණ හා ගෙල හොඳින් සම්බාහනය කරන්න. මෙය මිනිත්තු 3 ක් පමණ කිරීම ප්‍රමාණවත්. මෙයින් ඔබගේ මුහුණට ප්‍රාණවත් මෙන්ම සිනිඳු බවක් ලැබේවි. මෙයින් ඔබගේ මුහුණේ රැළි ස්වභාවය ඉවත් වන අතර සුව පහසු නින්දක් ද ලැබේ.

කුරුලෑ ඉවත් කිරීමට

 හොඳින් මුහුණ පිරිසුදුකර ගැනීමෙන් පසුව මුහුණ අයිස්වලින් සිසිල්කර තුවායකින් හොඳින් ආවරණය කරන්න. මෙය මිනිත්තු 3-5 ක් අතර කාලයක් මුහුණේ රැඳෙන්නට හරින්න. මෙහි ප්‍රතිඵල ඔබව මවිත කරයි නිසැකවම.

මුහුණේ රැළි ස්වභාවයෙන් මිදීමට

 මෙහිදී අයිස් ඔබගේ රුධිර සංසරණය වේගවත් කරන අතර අකලට මුහුණේ සැදුණු රැළි ස්වභාවයට විසඳුමක් ලබා දෙනවා. ඔබගේ මුහුණට මේකප් භාවිත කිරීමට පෙර මිනිත්තුවක් මුහුණ අයිස්වලින් සම්බාහනය කරන්න පමණයි ඔබට තියෙන්නේ.

මුහුණේ සිදුරු වසා දැමීමට

 අයිස් භාවිතයෙන් ඔබගේ මුහුණ මිනිත්තු 2 - 3 අතර කාලයක් සම්බාහනය කරන්න. දින කිහිපයකින් මෙහි සැබෑ ප්‍රතිඵල අත්විඳිය හැකියි.

ඇස්වල ඉදිමුම් ස්වභාවය අවම කිරීමට

 අධික නිදි වැරීම නිසා ඇස්වල ඇතිවන ඉදිමුම් ස්වභාවය සඳහා මෙම අයිස් තෙරපි ඉතා වැදගත්. පිරිසුදු රෙදි කඩක ඔතාගත් අයිස් කැට දෙකක් මේ සඳහා අවශ්‍යයි. ඔබගේ ඉදිමුම සහිත ඇස් වටා මිනිත්තු දෙකක් පමණ මෙම අයිස් පැක් එක උපයෝගී කරගෙන ඇස් වටා සම්බාහනය කරන්න.

උදරය නෙරා ඒම පාලනයට

 ඔබ උදරය නිසා සිත් තැවුලෙන් සිටින්නෙක් ද ? ඔබට නිවසේදීම ඒ සඳහා අයිස්වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔබ රෙදි කඩක ඔතාගත් අයිස් මල්ල ඔබගේ උදරය මත මිනිත්තු 15 ක් පමණ තබන්න. මිනිත්තු 3 කින් පමණ පසු නැවත එය මිනිත්තු 15 ක් පමණ උදරය මත තබන්න. මේ ආකාරයට ඔබ අවම තරමේ දිනකට පැයක් පමණවත් මෙම තෙරපි එක කරන්න ඕනේ. ඔබට පුළුවන් මෙහිදී ගී‍්‍රන්ටී කෝපි යොදාගන්න. එයින් ඔබේ කාර්යය තවත් පහසු කරනවා. ඒවගේම ඔබ නිරෝගිමත්ව ආහාර පාලනය, ව්‍යායාම කිරීම සිදුකරනවානම් මෙය තවදුරටත් සාර්ථක කරගන්න පුළුවන්.

 

 උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි

ලක් රූ සැලෝන් දළුගම

1470 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න