තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:08

උපත් පාලන කොපුවේ අසාත්මිකතා නිසා ගර්භාෂයේ නිතරම ආසාදන

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
සුමාලියි පහනුයි දියණියක සහ පුතණුවකුගේ සුරතලය අත්විඳින යුවළක්. අවුරුදු හතළිහේ සීමාවේ සිටින නිසාත්, පුංචි පවුල රත්තරන් තේමාවට අනුගත වෙමිනුත් ඉන්නට තීරණය කළ නිසා උපත් පාලන ක්‍රමයකට යොමු වන්නට ඔවුන් දෙවරක් සිතුවේ නැත.

 

වඩාත් ආරක්ෂාදායි, පාවිච්චිය පහසු ක්‍රමයක් ලෙස ඔවුන් තෝරා ගත්තේ උපත් පාලන කොපු භාවිතයයි. එහෙත් සති කිහිපයක් ගතවීමෙන් පසු සුමාලිට යටි බඩේ ඉවසාගත නොහැකි අන්දමේ වේදනාවක් දැනෙන්නට විය.

පවුලේ වෛද්‍යවරයා ඔවුන්ව යොමු කළේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු වෙතයි.

වෛද්‍යවරයා ගර්භාෂය ඇතුළුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව කළ පර්යේෂණයන්ට අනුව අනාවරණය වූයේ ගර්භාෂයට විසබීජයක් ඇතුළුවී ඇති බවයි. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුව වුවත් එය නැවත නැවත හට ගැනීමේ හේතුව මන්දැයි ඇයටත් ප්‍රශ්නයක් විය.

ඒ අනුව සුමාලිට ඉතාම කලාතුරකින් කෙනකුට මතුවිය හැකි තත්ත්වයක් වූ රෝගී ස්වභාවය අනාවරණය විය. ඒ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් සඳහා සුමාලිගේ සිරුර යම් අසාත්මිකතාවක් දැක්වීමයි. එහිදී යෝනි මාර්ගයේ ඇතිවන තුවාල ඔස්සේ ගර්භාෂයට විසබීජ ඇතුළු වෙයි.

කොන්ඩම් යනු කෙනකුට පහසුවෙන්ම භාවිත කළහැකි, වාසි බොහොමයක්ම ගෙනදෙන උපත් පාලන ක්‍රමයකි. එසේම ආසාදන අඩුම පාවිච්චිය වැදගත්ම වූවකි.

ඔබේ සහකරුවා හෝ සහකාරිය විදේශගතව සිටීම වැනි කලක් ඔබ වෙතින් ඈත්ව සිටියේ නම් ලිංග්‍රාශ්‍රිත පරීක්ෂණයකට මෑතකදී ලක් නොවූයේ නම් වඩාත්ම ආරක්ෂාකාරි වනුයේ කොන්ඩමයක් පැලඳ එක්වීමයි.

මෙය ගර්භණී මවකට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වූවකි. ඇයටත් කුසහොත් දරුවාට පහසුවෙන්ම විසබීජ යෑමට හැකි බැවින් කොන්ඩමයක් පැලඳීම යහපත් වූවකි. මක්නිසාද ගර්භණියකගේ මුත්‍රා මාර්ගයට පහසුවෙන් විසබීජ ඇතුළු විය හැකි බැවිනි.

සංසර්ගයේ දී ස්ත්‍රියට මෙන්ම පුරුෂයාට ද යම් යම් ස්‍රාවයන් නිකුත්වීම එම කර්තව්‍යය වඩාත් පහසුකරවයි. ගර්භණී සමයේ දී ඇයට මෙවැනි ස්‍රාවයන් නිකුත් වන්නේ අල්ප වශයෙනි. එනිසා එක්වීමකදී ඇයට රිදුම් දෙනු ඇත.

උපත් පාලන කොපුවක් පැලඳීමෙන් කොහෙත්ම ස්‍රාවයක් නිකුත් නොවන නිසා ඇයගේ වේදනාකාරි තත්ත්වය තවත් වැඩිවේ.

එබැවින් ගර්භණියකට උපත් පාලන කොපුවක් නොපැලඳීමෙන් විසබීජ ශරීරගත වීමට ඇති අවස්ථාව වැඩිවීමටත් පැලඳීමෙන් සංසර්ගයේදී වේදනා ඇතිවීම වැනි වාසි අවාසි දෙපැත්තම පැවතීම දක්නට ලැබේ. එසේ නොවුණහොත් මුත්‍රා මාර්ගයට පවා පහසුවෙන් විසබීජ ඇතුළු විය හැකියි.

ලේටෙක්ස් ආසාත්මිකතා

කොන්ඩම් හෙවත් උපත්පාලන කොපු නිපදවා ඇත්තේ ලේටෙක්ස් (ඹ්චබඥය) නමැති අමුද්‍රව්‍ය භාවිතයෙනි. ඉතාම කලාතුරකින් කෙනකුගේ සමට මෙම ලේටෙක්ස් නමැති ද්‍රව්‍ය ආසාදනය වීමට පුළුවන. එහිදි දැවිල්ලක්, බිබිලි හට ගැනීමක් සිදුවුවහොත් එම ආසාදනය හේතුකොටගෙන තුවාල හටගත හැකියි. එම තුවාල හරහා විසබීජ ශරීරගත වීමට පුළුවන.

යෝනි මාර්ගය අවට සම ඉතාම සියුම් බැවින් පහසුවෙන් තුවාල වීමට ද මංපාදයි.

උපත් පාලන කොපු නිසා ඇතිවන ආසාදන ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්ත්වයක් නිසා එසේ ආසාදනය නොවන අයට මෙවැනි කරුණක් උපත් පාලන භාවිතයෙන් ඈත්වීමට කොහෙත්ම හේතුවක් නොවේ.

යම් යම් දිලීර වර්ග හෙවත් ඊස්ට් නිසා ද සමේ ආසාදන ඇතිවීමට පුළුවන. මෙය 10,000 : 1 ට අනුපාතයකට වැලඳිය හැකි තත්ත්වයකි. දිලීර නිසා හටගන්නා මෙම ආසාදන තත්ත්වය සමේ රෝගයක් ලෙස කිහිලි සහ ඉකිලි ප්‍රදේශවල වැඩි වශයෙන් වර්ධනය වේ.

‘කැන්ඩිඩා’ යනු එවන් තත්ත්වයකි. මේ සඳහා ද ඖෂධ තිබේ. මෙවැනි තත්ත්වයක් හරහා ද ගර්භාෂය කරා විසබීජ යෑමට පුළුවන. ලේටෙක්ස් අමුද්‍රව්‍ය ආසාදනයවන කෙනකුට එය එක් වරම හඳුනාගත නොහැකි නිසා ඊට පරිබාහිර නිගමනවලට එළැඹීමට ද පුළුවන.

දිගින් දිගටම උපත් පාලන කොපු සඳහා හුරුවූ අයෙකුට යම් යම් අවාසිසහගත තත්ත්ව ඇතිවීමට පුළුවන.

උපත් පාලන කොපුවකින් තොරව එනම් ඉන් මිදී සංසර්ගයේ යෙදෙද්දී දුර්වල ශුක්‍රාණු ඇතුළු වුවහොත් ඊට එරෙහිව ප්‍රතිදේහ (ඒදබඪ ඡධඤඪඥඵ) නිකුත් කිරීමේ හැකියාව නොමැති වනු ඇත. ශක්තිමත් ශුක්‍රාණු තෝරා ගැනීමටත්, දුර්වල ශුක්‍රාණුවලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව නොමැතිවීමට උපත් පාලන කොපු භාවිතය සෘජුවම බලපාන බව ඉන් ගම්‍ය වේ.

හාවඩ් විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයන්ට අනුව ලිංගික ක්‍රියාවලියේ යෙදීම හා උපත් පාලන කොපු භාවිතය පිරිසුදුව නොකරන අයට ද විසබීජ ශරීරගත වීමේ හැකියාව වැඩිය. විශේෂයෙන්ම නාඳුනන සහකරුවකු සමඟ නාඳුනන පරිසරයක එක්වීම වැනි කාරණා මේ කෙරෙහි බලපායි.

පිරිසුදු බව

එසේම දෑත් පිරිසුදු නොකොට කොන්ඩමය පැලඳීම නිසාවෙන් ද විසබීජ තැවරීමට පුළුවන. කොන්ඩමයේ විවරය ඇති කොනේ නොව අනෙක් කොනේ (ශිෂ්නය කෙළවරේ) තැවරෙන විසබීජ සංසර්ගයේ දී සෘජුවම ගැබ්ගෙලේ තැවරේ. එවිට ගර්භාෂයට විසබීජ එක්වීම අරුමයක් නොවේ.

ඔබ පලඳින කොණ්ඩමයේ කල් ඉකුත්වීමේ දිනය පිළිබඳ සැලකිල්ලෙන් සිටීම අත්‍යවශ්‍යයෙන්ම සපුරාලිය යුතුවේ.

පිළිගත හැකි වෙළෙඳ ආයතනයකින් නිකුත් කළ පිළිගත හැකි වෙළෙඳ නාමයකින් යුතු කොන්ඩමයක් පැළඳීමට කිසිවිටෙකත් ඔබ අමතක නොකරන්න. එවන් කොපුවක් සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළය.

  උපදෙස්

විශේෂඥ මමෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර 

771 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න