තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:33

තරුණ වියේ සිට තරමක වැඩි වයස දක්වා කාන්තාවන්ට සෑදෙන අකාලයේ පියයුරු එල්ලා වැටීම විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
ටෝසීස් බ්‍රෙස්ට්   ඈ අම්මා ළඟ දණ නමාගෙන සිටියා. මුහුණ වසාගෙන පහතට වැටී තිබුණු හිසකේ පවා ගලා හැලෙන ඇගේ කඳුළුවලට ඇලී තෙත්වී තිබුණා. මොකද මේ කෙල්ල අද....අම්මා ඇයව නැගිට්ටුවන්නට හැදුවා. බැහැ. ඈ අසලම දණ නමාගත් අම්මා විළුඹ මත වාඩිගත්තා.

 

දියණියගේ පහතට බර කරගෙන තිබූ හිස අල්ලාගත් ඇය කැරලි ගැසී තිබුණු හිසකේ ඈත් මෑත් කළා...

“ඔයා අඬලා.... ඇයි ?” “මගෙ යාළුවෝ දැන් හුඟක් උස ගිහින්. එයාලා ලොකුවෙලා. එයාලා හැඩයි. මං හැඩ නෑ. මගේ ඇඟ නෑ. මගෙ පපුව ඇත්තෙම නෑ. මට මුකුත් නෑ කියලා යාළුවෝ විහිළු කරනවා.”

කාලයක් තිස්සේ හිතේ හිරකරගෙන, හිතට වද දෙමින් තිබූ වේදනාව මේ එකොළොස් හැවිරිදි දියණිය අම්මා ළඟදි එළියට දැම්මා. ඊට පස්සේ ඇය හිස ඔසොවා අම්මා දිහා බැලුවා. මේ කතාවට අම්මගෙ හිත රිදිලා අම්මාත් අඬයි ද දන්නෑ කියලා. ඒත් අම්මාගේ මුහුණේ තිබුණේ මන්දස්මිතියක්.

“දුවේ... උඹ ලස්සනයි මගෙ දුවේ.”

අම්මා නොහඬා තම හඬනා දියණිය වැළඳගෙන කිව්වා. මේ කතාව සිද්ධ වුණේ 1946 වසරේ දවසක. එදා 11 හැවිරිදි දියණිය අද 83 වියැති වියේ පසුවන සත්ත්ව හිංසනයට එරෙහි සමාජ ක්‍රියාකාරිනියක්. 1934 වසරේදී ප්‍රංශයේ උපත ලැබූ ඇයගේ ළමාවිය බොහෝ කටුක සහ අසුන්දර මතකයන්ගෙන් පිරී පැවතුණා. නමුත් ඇය තම අතිශය සුන්දර තරුණ අවදියේ දී නැටුම් ශිල්පිනියක, මෝස්තර නිරූපිකාවක, ගායිකාවක හා නිළියක ලෙසින් බටහිර සිනමාව තුළ තම අනන්‍යතාවය ගොඩ නංවා ගත්තා. නමින් ඇය බ්‍රිජට් ඇනී මේරි බාඩෝ. නමුත් කවුරුත් දන්නා නම බ්‍රිජට් බාඩෝ ය.

පොළොවට හොඳට බර දැනෙන්න ඇවිදින්න... මුළු ලෝකයම ඔයාගේ කියලා ආඩම්බරයෙන් ඇවිදගෙන යන්න.. ඔයා ලස්සනයි දුවේ... අද ඔයාට විහිළු කරන අය දිහා නෙමෙයි, මිනිස්සු ඔයාගෙ දිහා හැරිලා බලයි. ඒත් ඔයා හැරෙන්න එපා... දිගටම ඔයාගෙ ගමන යන්න.. “ කියලා අම්මා තමාට කියා දුන් වග ලෝක ප්‍රකට නිළියක වූ බ්‍රිජට් බාඩෝ පසු කලෙක පැවසුවා. අනෙකුත් දක්ෂතාවන්ට හා විශේෂ චර්යාවන්ට අමතරව බටහිර සිනමාවේ සුන්දරතම පියයුරු යුවල හිමි නිළිය හැටියට ඇයගේ කාලයේ දී බාඩෝ විචාරක හා පේ‍්‍රක්ෂක අවධානය දිනාගෙන සිටියා.

නීරෝගිමත් හැඩ පියයුරු කාන්තාවකට ආභරණයක්. කෙනෙකුගේ ශරීරයේ උස, මහත, දේහ ස්වභාවය අනුව පියයුරු වෙනස් වෙනවා. ඒවාහි තරම, ප්‍රමාණය හා ස්වභාවය මොනවගේද යන්න එතරම් වැදගත් වන්නේ නැහැ. ඔබේ රූපය එයයි. ඔබේ සලකුණ එයයි. ඔබේ අනන්‍යතාවය එයයි. ඔබට ලැබුණු ශරීර හැඩය අනුව වූ පියයුරු යුවළක් ඔබට ලැබී තිබෙනවා. එයයි වැදගත්. එම නිසා පියයුරුවල හැඩය හා ස්වභාවය කෘත්‍රිමව වෙනස් කරගැනීම කිසි විටෙකත් කරන්න එපා. පියයුරුවල හැඩය වෙනස් කරගෙන රොබෝ කාන්තාවක මෙන් කෘත්‍රිම අංගෝපාංග සහිත සත්ත්වයකු නොවී ඔබගේ සැබෑ රුව මතුකර ගන්න. ඔබගේ පියයුරේ හැඩය තමයි හොඳම හැඩය. හොඳම ප්‍රමාණය. ඔබගේ ශරීරය ඉල්ලා සිටින හැඩය ලැබෙන්නේ එවිටයි. ප්‍රථමයෙන් ඒ සත්‍යය වටහා ගන්න.

ඕනෑම නීරෝගී පියයුරු යුවළක් එක්තරා ප්‍රමාණයකට පහතට යොමුවීමක් සිදුවෙනවා. ඒක ඇත්ත. නැතුව ඕවා ප්ලාස්ටික් නෙමෙයි. ගල් ගෙඩි නෙමෙයි. නමුත් අසාමාන්‍ය ලෙස පියයුරු එල්ලා වැටීම රෝගී තත්ත්වයක්. එල්ලා හැලෙන පියයුරුවලට කවුරුත් කැමැති නැහැ. ඇත්තටම ඒක තරුණ බවේ ලක්ෂණයක් නෙමෙයි. ඉතින් ඒ පිළිබඳව කතා කළ යුතුයි. කාන්තාවකගේ පියයුරු ළාබාල වයසේ පටන් ඕනෑම වයසකදී වූවත් එල්ලා වැටීම සිදුවිය හැකියි. ඉතාමත්ම තරුණ වියේ දී හෝ එතරම් වැඩි වයසකට පත්වී නොමැති විටදී ඔබගේ පියයුරු අසාමාන්‍ය ලෙස එල්ලා වැටීමක් සිදුවෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මෙම රෝග තත්ත්වය ස්තන එල්ලා වැටීම නමින් හඳුන්වන අතර බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ර්‍ථබධඵඪඵ ඕපඥචඵබ යන නමින් හඳුන්වනවා.

සාමාන්‍යයෙන් පියයුරු ඉතා මොළොක් හා මෘදු බවක් ගන්නේ එය සෑදී තිබෙන සිනිඳු ග්‍රන්ථිමය හා පටක රාශිය නිසායි. එහි මාංශ පේශීන් ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ස්තන ග්‍රන්ථි, කිරි නිපදවන නාළ, මේද ස්ථර හා මේද පටක යන ආදියෙන් පියයුරක් සමන්විත වෙනවා. මීට අමතරව පියයුරෙහි ශක්තිමත් බව රඳවා ගැනීම සඳහා කූපස් කන්ඩරා ඇදෙන සුළු ඝනකම් රෙදි කඩක් හා සමානයි. මෙම කූපස් කන්ඩරා ක්‍රියාකාරීත්වය මඳක් අඩුවුවහොත් හෝ පියයුරු වටා පිහිටි සමෙහි ඇදෙන සුළු බව දුර්වල වුවහොත් පියයුරු ඉබේම කඩා වැටීමට ලක්වෙනවා.

අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන්ට හා අධිකව දුම් පානය කරන කාන්තාවන්ට ඉතා පහසුවෙන් ස්තන එල්ලා වැටීමේ රෝගය සෑදිය හැකියි. පියයුරු තදින් තෙරපීමට ලක්කිරීම, ප්‍රමාණය ඉක්මවා විශාල තන ආවරණ පැලඳීම, වෛද්‍ය උපදෙස්වලින් තොරව ශරීරයේ බර අඩුකර ගැනීමට යාම ආදී හේතූන් නිසා ද ස්තන එල්ලා වැටීමට භාජනය විය හැකියි. මීට අමතරව ආර්තවහරණය, ගර්භණීබව, අධික තරබාරු බව ආදිය හේතුවෙන්ද මෙම තත්ත්වය ඇතිවිය හැකියි. ශරීර ක්‍රියාකාරීත්වයේ දී ඇතිවන නොයෙක් වෙනස්කම් හා හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑම් හේතුවෙන් ද මෙම තත්ත්වය ඇතිවිය හැකියි.

පියයුරු එල්ලා වැටීම සඟවා ගැනීම සඳහා කාන්තාවන් ඉතා තදට හා හිරට තන ආවරණ පලඳිනවා. එය හිත රවටා ගැනීමක්. ජීවිතයේ අතිශය පෞද්ගලික හමුවීමක දී ඔබ අපහසුතාවයට පත්වෙනවා. ආත්ම ශක්තිය ගිලිහී යනවා. මම මේවා කියන්නේ මමත් කාන්තාවක් හින්දා. ලස්සනට ජීවත් විය යුතු හින්දා. ඔබ ඒ ලස්සන ජීවිතය විඳිය යුතු හින්දා. අභිමානය ජීවිතය පුරාම දරා සිටිය යුතු හින්දා. තවත් සමහරුන් පියයුරු එල්ලා වැටීමට ප්‍රතිකාර ගැනීමට රූපලාවණ්‍යාගාර වෙතටත් යනවා. මේවා ඇත්තටම හිනා යන දේවල් නෙමෙයි. බය හිතෙන දේවල්. ලංකාවේ තිය හරිහැටි ක්‍රියාත්මක නොවීමේ හිඩැසින් රිංගා යන රූපලාවණ්‍ය ශිල්පයෝ වෛද්‍යවරුන්ගේ කාර්යයභාරය සියතට ගන්නවා. අවසානයේ මහා ඛේදවාචක සිදුකරනවා. රූපලාවණ්‍යාගාර තුළ ප්‍රතිකාර ලබාගන්නා අය ඒ තුළම මියයනවා. ජනමාධ්‍ය තුළින් මේවා අසන දකින අය පවා ඒවාටම යනවා. තමා විසින්ම දැනුවත් වීමෙන් මිස මෙවැනි ඛේදවාචක නතර කළ නොහැකියි.

බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේ දී පියයුරු එල්ලා වැටීම වෙනුවෙන් සැත්කම් සිදුකරනවා. එන්නත් වර්ග ලබා දෙනවා. කම්පන ප්‍රතිකාර සිදුකරනවා. උපත් පාලන පෙති ලබාදෙනවා. නමුත් මේ සියල්ල හරහා කාන්තා සිරුරකට ඇතිවන පසු අනතුරු ඇතිවීමේ ඉඩකඩ පිළිබඳව අප කල්පනා කළ යුතුයි. එන්නත් හා උපත් පාලන පෙති පාවිච්චිය ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකරනවා. මෙහි අවසන් ප්‍රතිඵලය ඉතා භයානක විය හැකියි.. කාන්තාවකගේ මුළු අනාගත සිහින මාලිගාවම බිඳී යා හැකියි. මවක වීමේ සිහිනය සිහිනයක්ම විය හැකියි. සමහරවිට උපදින අහිංසක දරුවා සියලු වැරදීම් හිස දරාගත් අවාසනාවන්තයෙකු විය හැකියි. ඉතින් පියයුරක් එල්ලා වැටීම වෙනුවෙන් මේ තරම් වටිනාකම් පරදුවට තබනවාද ? පියයුරු සැත්කම් සිදුකිරීම මඟින් අතිශය සංවේදී වූ එහි එම සංවේදී බව යම් තරමින් හෝ අඩුවන බව දන්නවා ද? එහි අවසන් ප්‍රතිවිපාක කාට ද ?

අකාලයේ පියයුරු එල්ලා වැටීම හෙවත් ටෝසිස් බ්‍රෙස්ට් රෝගය සඳහා ඉතා පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව බලගතු ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි. පියයුරු වටා පිහිටි චර්මයේ වඩාත් සුනම්‍ය බව අඩුකර එය ශක්තිමත් කිරීමට සහ කූපස් කන්ඩරාවේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පෝෂණීය ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැකියි. අභ්‍යන්තර හා බාහිර වශයෙන් සිදුකෙරෙන ප්‍රතිකාරයේ දී කිසිදු පසු අන්තරාකාරී බවක් ඇතිවන්නේ නැහැ. පියයුරුවල අලංකාර බව නිරෝගී බව ලබාගැනීමට නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාරය කෙරෙහි විශ්වාසය තබාගන්න.

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය

වනිගසූරිය මාවත, මොරටුව පාර, පිළියන්දල

627 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 12:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න