රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 මාර්තු 19, සඳුදා 16:22

නියපොතු අවලස්සන වෙලා කෑලි කැඩිලා කැතවෙලා විශේෂාංග

Written by 
අගයන්න
(2 මනාප)
“ ඒ දවස්වල නියපොත්තෙන් කඩාගන්න තිබ්බ දේ දැන් ඉතින් පොරොවෙන් තමයි කපලා දාන්න වෙන්නේ...”

 

තරුණ දෝණියන්දෑ ඉලංදාරියෙක් එක්ක තැන තැන කසු කුසු ගානවයි කියලා කන වැටුණු කතාව ගැන ඇහැව්වාම කෙල්ල ලිස්සලා ගියා.

ඒත් පහුගියදාක ජෝඩුව අත්තම්මාගේ දෑහැටම මුලිච්චි වෙලා. එදා හවස ගෙදර ගිනිවිජ්ජුම්බරයක්.

“අද ඉස්සර කාලේ වගේ නෙමෙයි අම්මේ. කොල්ලෙක් එක්ක කතා කර කර හිටියයි කියලා ලෝකේ පෙරළන්න එපා. අපි හෙමින් සැරේ කතා බහ කරලා බලමු” අම්මා දෝණියන්දෑගේ පැත්තට කතා කළාම අත්තම්මාට තවත් කේන්තියි.

“හරි. හරි. අම්මලා දුවලා ඕනෑ එකක්. ඒත් මං ආයෙමත් කියන්නම්. නියපොත්තෙන් කඩාගන්න තිබ්බ දේ තමයි උඹලා ඔය වරද්දගත්තේ”

“අත්තම්මා කොච්චර කිව්වත් මගෙ නියපොතුවලින් නම් කිසිදෙයක් කඩාගන්න බෑ අත්තම්මේ”

“ඒ මොකද දෝණියේ..?”

දෝණියන්ඳෑ අත්තම්මා ළඟට ගිහින් අත්තම්මගෙ ඇඟට හේත්තුවෙලා අත් දෙකේම නියපොතු ඇයට පෙන්නුවා. ඒවාට මොනවා වෙලාද?..”

“ඕකට කියන්නේ නියඹිරිත්තාව කියලා. කෙල්ල කාලෙදි මටත් හැදිලා තිබුණා. ලෙඩේ වැඩි වුණොත් අත් දෙක වස කැතයි. බය වෙන්න එපා. හොඳ කරගන්න පුළුවන්”

දෑත් එකතුකර ආයුබෝවන් කීමේදී, දෑත දිගුකර සුහදත්වය පෑමේදී, අතට අත දීමේදී අපගේ අතැඟිලි අප වෙනුවෙන් කතා කරනවා. කතාවක් කිරීමේ දී හෝ යම් අදහසක් ප්‍රකාශ කිරීමේ දී කරුණු කාරණා වඩාත් ඉස්මතු කරන්නට, උද්දීපනය කරන්නට කෙනෙකුගේ අත එසවෙනවා. යමෙකුට චෝදනා කරන්නේත් අත දික් කරලා. කාර්යාලයේ වැඩ කටයුතු කරද්දී, බසයේ, දුම්රියේ ගමන් බිමන් යද්දී..

පොතක්, පත්තරයක් බලද්දී ඔබගේ අතැඟිලි කාටත් පේනවා. අතැඟිලි වඩාත් හැඩවෙන්නේ නියපොතු නිසායි. මුහුණට පළමුව යොමුවුණු කෙනෙකුගේ දෑස තෙවනුව යොමුවන්නේ ඔබගේ අතැඟිලි හා නියපොතු වෙතටයි. ඉතින් එසේ වූ සුවිශේෂී අනන්‍යතාවක් ලැබෙන නියපොතු පිළිබඳ අවධානය යොමුකර ඒවා මනා නිරෝගිතාවයෙන් යුතුව තබාගත යුතුය. සමහරුන්ගේ නියපොතු හැඩට ලස්සනට කපලා, කියුටෙක්ස් ගාලා බලන්න ආසාවේ දිලිසි දිලිසි තියෙනවා. තවත් සමහරෙකුගේ නියපොතු අවපැහැ ගැහිලා කිසි පිරිසුදුවක් හෝ සාත්තුවක් නැතුව ඔහේ තියෙනවා. ඔය අතරේදී එවන් අය තමන්ගේ හැඩට ලස්සනට තියෙන අතැඟිලි අතරින් එක් ඇඟිල්ලක් දෙකක් හෝ කිහිපයක් නිතරම හංගාගෙන ඉන්න හෝ නවාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ ඇඟිල්ල හෝ ඇඟිලි කිහිපය කාටත් පෙන්නන්න කැමැති නැතුවා වගේ කියලා කොයි කාටත් තේරෙනවා. හේතුව ඒ නියපොත්ත හැඩ නෑ. ලස්සන නෑ.

නියපොතු රෝගයක් හැදිලා. අවපැහැ වෙලා. වල ගොඩැලි හැදිලා. පැත්තෙන් කළු පැහැ වෙලා. අවලස්සන වෙලා. පාදයේ නියපොතු ගත්තත් ඔය වගේ වෙනස්වීම් දක්නට තියෙනවා. ඉතින් ඒ වෙනස හින්දාම එය සඟවා ගන්න ඔබ උත්සාහ කරනවා.

ඉතින් ඔබ වෙනුවෙන් අපි අද නියපොතු ගැන කතා කරනවා. නියපොතුවලට සෑදෙන රෝගයක් ගැන කතා කරනවා. ඔබට නියපොතු පිළිබඳ යම් ගැටලුවක් තියෙනවානම් නියපොතුවල යම් රෝගී බවක් දැනෙනවානම් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඒක අර කතාවට කියනවා වගේ පොරොවෙන් කපාගන්න තරමට කල් යවන්නේ නැතිව මුල් කාලයේ දීම නියපොත්තෙන් කඩාගන්න.

ඒක තමයි හොඳ. ඔබත් ඇඟිල්ලේ නියපොත්තේ නියමූලයේ පිට සිවිය ගැලවී ගොස් රත් පැහැයෙන් යුක්තව ඉදිමීම් ස්වභාවයක් ගන්නේ නම් නියමූලයේ කහ පාටින් සැරව පිරී තියෙනවා නම් නියපොතු දුඹුරු හෝ අවපැහැවී වලගොඩැලි හා මුදුන් වැටිවලින් යුක්ත විකෘති ස්වභාවයක් ගන්නේ නම්, නියපොත්ත පැත්තකින් තරමක් කළු පැහැවී දිගින් දිගටම එසේම පවතීනම්, නියපොත්තේ පිහිටීම් ස්වභාවය වෙනස් වී එය ගැලවීයාමට මෙන් මදක් ඉස්සී තිබේ නම් ඒවා නිසැක රෝගී තත්ත්වයක් බව වටහා ගන්න. එය කිසිවිටෙක නිරෝගී නියපොත්තක් නොවන බවත් වටහා ගන්න. නියපොත්තේ අලුතින් වැඩෙන කොටස් මෙහෙම නොවී හරියයි හරියයි කියලා ඔබ බලා ඉන්නවා. නමුත් නියපොත්තේ වැඩීම සමඟ වෙනස් ලක්ෂණ දිගටම පවතිනවා මිස මඟහැරී යන්නේ නැහැ.

සමහරවිට මෙහිදී ඇඟිලි තුඩු ඇල්ලීමට නොහැකි ලෙසට තද වේදනාවකින් ද යුක්ත වෙනවා. මෙම රෝගී තත්ත්වය නියඹිරිත්තාව හෙවත් නියමූල ප්‍රදාහය ලෙස හඳුන්වනවා. නඛරමූල ප්‍රදාහය නමින් හඳුන්වන්නේත් මෙම රෝගයයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පැරනොකියා නචපචදරජඩඪච නමින් හඳුන්වනවා.

“මගෙ නියපොතුවල කිසිම ලෙඩක් තිබුණේ නෑ. අනේ හරි ලස්සනට තිබුණා. නියපොතුවලට පොඩි ඒපබ එකක් දාලා හැඩකරගන්න හිතුවා. ඇඟිලිවල නියමහ උල් තුඩකින් උත්සලා නියමුල කෙරටින් තට්ටුව සුද්ද කරනවයි කියලා සූරලා දැම්මා. ඊට පස්සේ නියමහට කෙමිකල් එකක් දැම්මා. ඇඟිලි පිච්චුනා වගේ දැණුනා.

ඉවසගෙන හිටියා. පස්සේ නියපොත්තට ආට් එකක් දැම්මා. කිහිප සැරයක්ම මේ විදියට ආට් එක දාගත්තා ඒත් දැන් නියපොත්ත මුල ඉදිමිලා. මිරිකනකොට රිදෙනවා. මට තේරෙනවා. මගෙ නියපොත්තට මොකක් හරි ලොකු ලෙඩක් තමයි කියලා. මාත් එක්ක මගෙ යාළුවෙකුත් එතනට ගියා. එයාගෙ නියපොතුත් කළුවෙලා. අපරාදේ ඒවා කරගත්තේ. සල්ලිත් දීලා ලෙඩක් ගත්තා”

ස්වභාවිකව පිහිටි හැඩ නියපොතුවල හැඩය කෘත්‍රිමව වෙනස්

 

 

කිරීමට නියමූලය සුද්ද කරන කොයි කාටත් අන්තිමේදී අත්වන ඉරණම එකයි. හැඩට නියපොතු කපන්න. කි්‍යුටෙක්ස් ආලේප කරන්න. නියපොතු වල චිත්‍ර ඇඳගන්න. විලාසිතා කරන්න. රූපලාවණ්‍ය කරන්න එහි ගැටලුවක් නැහැ. නමුත් දෑත් හා දෙපා අලංකරණය නියපොතු කැපීමට යාමේදී හෝ වෙනයම් ආකාරයකින් නියමත තුවාලවීම සිදුවුවහොත් එය සුවවනතුරු එම අතැඟිලි හැකි පමණ වියළීව තබාගන්න.

නියමල ප්‍රදාහය හෙවත් නියඹිරිත්තාව රෝගයේ දී ‘සුළු සැත්කමක්’ ලෙස හඳුන්වන සැත්කමක් මඟින් නියපොත්ත ගලවා දැමීම හෝ කපාදැමීම අවශ්‍ය නොවන බව මතක තබාගන්න. ගලවා දැමූ නියපොත්ත වෙනුවට අලුතෙන් වර්ධනය වන නියපොත්ත වඩාත් විකෘති ස්වභාවයක් ගැනීමට ඉඩ ඇති අතර එය ඔබගේ බලාපොරොත්තු කඩවීමක් විය හැකියි.

සමහරවිට එම නියපොත්ත නැවත කිසිදා වර්ධනය නොවීම ද සිදුවිය හැකියි. නමුත් ඔබ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් කිසිදු කැපීමකින් හෝ නියපොත්ත ගලවා දැමීමකින් තොරව නියමූලයට සිදුකරන පෝෂණීය ප්‍රතිකාරය තුළින් නියපොත්තේ කඩතොලු හෝ විකෘති ස්වභාවය මඟහරවා ගත හැකිවනු ඇත.

එය බලාපොරොත්තු කඩවීමක් නොවනු ඇත. එබැවින් ඔබත් විශ්වාසයෙන් යුතුව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මඟින් නියඹිරිත්තාව රෝගය සුවකර ගන්න. පෝෂණීය හා අලංකාර අතැඟිලි නියපොතු සමඟ ජීවිතයට මුහුණ දෙන්න.

 

 

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

AMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය-පිළියන්දල

2289 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 19, සඳුදා 16:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න