රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 මැයි 01, අඟහරුවාදා 11:43

වගකීමෙන් කළ යුතු රූපලාවණ්‍ය සත්කාර

ලිව්වේ  හෙන්රි බෙම්මුල්ල
අගයන්න
(0 මනාප)
තරුණියකගේ විවාහ මංගල්‍යයක දී හෝ විෂේශිත අවස්ථාවන්හි දී රූසපුව රූපශ්‍රීයෙන් බැබළවීමට රූපලාවණ්‍ය සත්කාරය බෙහෙවින්ම වැදගත් වන්නේ ය.

 

එමෙන්ම මෙම රූපලාවණ්‍ය සත්කාරය ඉතාම වගකීමෙන් යුතුව කළයුතු සුවිශේෂී කාර්යයකි. සෞඛ්‍යාරක්ෂිත බව නොනැසෙන අයුරින්ම කළ යුතුවේ. වගකීම ද හරිම වැදගත්. එක අතකින් සලකා බලනවිට වෛද්‍ය වෘත්තියට සමාන වේ. රුව වඩවා ගැනීමට සැරසෙන දායිකාවියගේ ශරීර සෞඛ්‍යය තත්ත්වයට කිසිසේත්ම හානි නොවන අන්දමට වැඩ කටයුතු කිරීමට වග බලා ගතයුතු වේ.

සිරුරේ විවිධ ශාකසාර සංයෝගයන් ගැල්වීමේදී ඒවා අදාළ කාන්තාවගේ ශරීරයට ආසාත්මිකතා (Allegic) ඇති නොකරන ඒවා වීම අනිවාර්යයි. දේශීය සත්කාරයට වඩා විදේශීය ආලේපන ගැල්වීමේ දී ප්‍රවේසම් වීම මැනවි.

තරුණ ඔබේ සිරුරට ගැළපෙන දේශීය ඖෂධීය ආලේපන වර්ග තෝරාගන්න. මේ සියලුම බාහිර රූපලාවණ්‍ය සත්කාර කරන අතරම වැඩිපුර ජලය ප්‍රමාණයක් පානය කිරීමට අමතක නොකරන්න. ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම මෙය පොදුයි. සිරුර වියළී යා නොදී සමේ සිනිඳු බව හා තෙතමනය රැකගැනීමට අවශ්‍ය වනුයේ පවිත්‍ර ජලයයි. වැඩිම දෙනෙක් පානය නොකරන එකම දෙය ද ජලයයි. වීදුරු ගණනින් ලීටර් ප්‍රමාණය වැඩි කරන්න.

අධික කෝපය, තරහව, පලිගැනීම, ඊර්ෂ්‍යාව, කුහකත්වය සිතෙන් ඈත්කර ගැනීමට මනස සකස්කර ගැනීම අතිශයින්ම වැදගත් ය. සිත පවිත්‍රකාරක වන විට මුහුණ තව තවත් ලස්සන වේ. හැඩ වේ

“සිනහවෙන්නට අකමැති කෙනෙකු වෙළඳ සැලක් පටන්ගන්න එපා” යැයි චීන කියමනක් ද තිබේ.

ලොව වැඩියෙන් අලෙවි වාර්තාවක් තබන ලද “ඩේල්කානනගිගේ සිත් ගැනීම” පොත පුරාම දක්වා ඇත්තේ සතුටින් සිනහ වී සිටීම නිසා ලස්සන සිරුරක් ලැබෙන බවකි.

කොතරම් රුව වඩවන විවිධ ආලේපන වර්ග මිත්‍ර කරගත්තත් ඔබේ සිත සතුරෙක් කරගත්තොත් ඔබේ ලස්සන සදහටම මුහුණෙන් තුරන්වී යනු ඇත.

අවුරුදු පනහ, හැට පසුකළ දෙගොඩ හරි වසයේ ඇතැම් කාන්තාවන්ගේ මුහුණු ලස්සනයි. ඇඟපත හරිම හැඩයි. රහස ඔවුන් සතුටෙන් දෛනික ජීවිතය ගෙවීම බව ඔප්පු වී ඇත. දෙගොඩ හරි, මැදිවයසේ කාන්තා රූ සපුව රැක ගැනීමේ රහස ඉදිරි තරුණී කලාප තුළින් දැනගනිමු.

1447 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 01, අඟහරුවාදා 11:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න