රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 මැයි 28, සඳුදා 12:39

සිරුර මෙන්ම මනසත් ලෙඩ විය හැකියි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
මනස වූ කලි පුද්ගලයා සුවපත් කරන ප්‍රධානතම ඉන්ද්‍රියයයි. එසේම පුද්ගලයන්ගේ කායික, මානසික, සමාජයීය යහපැවැත්ම පවත්වාගෙන යන්නේ ද මනසයි. මනස ලෙඩ වීම මේ සියල්ලේම ක්‍රියාකාරීත්වය නවත්වන්නට හෝ අඩපණ කරන්නට මුළුමනින්ම හේතුවක් වනවා. මනස ලෙඩවීම නිසා ලොව සිටින ඕනෑම මනුෂ්‍යයෙකුට තම කායික, මානසික සමබරතාවය මෙන්ම නිරෝගීකම පවත්වාගෙන යාමට ද විශාල අභියෝගයක් විය හැකිය.

නව යොවුන් වියේ දීම මනස ලෙඩ වන්නේ නම් එය ඉතා භයානක තත්ත්වයකි. මේ නිසා අපගේ සාමාන්‍ය ජීවන රටාව සහමුලින්ම අවුල් විය හැකිය. පාසල් යන වියේ පසුවන දරුවන්ට නම් විභාග වැනි ජීවිතයේ සුවිශේෂී වැදගත්ම සංසිද්ධානවල දී බිඳවැටීම් වලට ලක්වේ.

 

මනස ලෙඩ වූ විට ඔබගේ සමීපතමයන්ට එය වහා හඳුනාගත හැකියි. එලෙසින්ම ඔබට ද ඔබගේ මනස ලෙඩ වු බවට සංඥා නිකුත් වීමට පටන් ගනී. ඔබගේ මනස ලෙඩ වී ඇති බව බාහිර පුද්ගලයන්ට දැනගන්නට හැකිවන්නේ මෙවැනි ලක්ෂණ ඔබ තුªළින් දිස් වීමෙනි.

 

මනස ලෙඩ වූ බවට බාහිරට පෙනෙන ලක්ෂණ

* නින්ද නොයාම

* නින්දට පිවිසීමේ අපහසුතා

* නිදි ඇඳේ එහාට මෙහාට පෙරළෙමින් නිදා ගැනීමට දරන උත්සාහය

* නින්දෙන් පසු අවධි වීමට ඇති දැඩි කම්මැලිකම

* දැඩි ලෙස කේන්තියාම

* හේතුවක් ඇතිව හෝ නැතුව අනවශ්‍ය ලෙස හැඬීම

* නොසන්සුන්කම

* අපිළිවෙළ

* වේගයෙන් ළඟ ළඟ හුස්ම ගැනීම

* කිසිදු දෙයක් කිරීමට කැමැත්තක් නැතිවීම

* බෙල්ල පිටුපස හා උරහිස්වල ඇතිවන අහේතුක වේදනාව

* අනවශ්‍ය ලෙස අන් අය සමඟ ගැටුම් ඇතිකර ගැනීම

 

මෙවැනි ලක්ෂණ ඔබ තුළින් දිස්වන්නේ නම් ඔබගේ මනස රෝගී වී ඇති බව ඔබගේ සමීපතමයන් ඉක්මනින්ම හඳුනා ගනීවි.

 

මනස ලෙඩ වී ඇති බව ඔබටම තේරුම් ගියේ නම්

“මගේ මනස ලෙඩ වී ඇත. එය එතරම්ම හොඳ දෙයක් නොවේ.

හැකි ඉක්මනින් සුවපත් විය යුතුය. නැතිනම් එය මාගේ දිවියම අවුල් කරනු ඇත. “

මෙවැනි හැඟීම් ඇති කරගත යුතුමය. මේ සඳහා යථාර්ථවාදීව සිතීම ඉතා වැදගත් වේ. ප්‍රශ්න තියෙන්නේ මට විතරක් නෙවෙයි. මට වඩා ප්‍රශ්න තියෙන අය කොච්චර නම් ඉන්නවාද ? මම බොරුවට එක ප්‍රශ්නයක් මතම දුක් විඳින්නේ ඇයි? යනුවෙන් තමා පිළිබඳ විශ්වාසයෙන් ආත්ම අභිමානයෙන් සිතා මානසික ශක්තියක් ඇතිකර ගත යුතුය.

 ජීවන ක්‍රමය මඳක් වෙනස් කළ යුතුය

 ඒකාකාරී ජීවන රටාවක් ගෙවීම නිසා ඇතිවන මානසික රාමුව තුළ අපගේ මනස ලෙඩවීම පුදුමයක් නොවේ. මෙම ඒකාකාරී බවෙන් මිදීමට පුංචි හෝ උත්සාහයක් ගන්නේ නම් එය අපගේ මනසේ අසනීපයට දිව ඔසුවක් වේවි. ඒ සඳහා ඔබේ ඒකාකාරී ජීවන රටාවට පොඩි වෙනසක් එක්කරන්න. එක් දිනක හෝ විනෝද චාරිකාවක් යන්න. නිවෙසේ සැවොම එකතු වී නිවෙස තුළම සතුටු සාදයක් පවත්වන්න. විශේෂිත ආහාර වේලක් සාදා නිවෙසේ අයට පිළිගන්වන්න. ගෙදර අය සමඟ ඇළක, දොළක නාන්න යන්න. මෙවැනි සරල දෙයක් කිරීමෙන් මනස සැහැල්ලු වී පවතින අපහසුව, ආතතිය යටපත් වේ.

 සෞන්දර්යාත්මක වැඩවල යෙදීමෙන් මනස සන්සුන් වේ

 කලබලකාරී නොවන සංගීත සන්දර්ශනයක්, චිත්‍රපටයක් බැලීමට කාලය වෙන්කර ගන්න. මානසික සහනය ගෙන දෙන ප්‍රතිකාරාත්මක (ර්භඵඪජ බඩඥපචනර) සංගීතයකට සවන් දෙන්න. නිස්කලංක පරිසරයක රස විඳින්න. සිත නිවන මියුරු ගීතයකට සවන් දෙන්න. ඒ අතරේම ඔබගේ සාමාන්‍ය කටයුතුවල යෙදුන ද එතරම් ආතතියක් ඇති නොවේ.

 

ගත, සිත දෙකම නිරෝගි කරවන ශාරීරික අභ්‍යාසවල යෙදෙන්න

 යෝග වැනි සංයමය ගෙන දෙන ශාරීරික අභ්‍යාසවල යෙදෙන්න. ඉන් ශරීරය ඉහිල් වේ. ඒ තුළින් මනස වඩා නිරෝගී වේ. ඔබගේ සිරුරට සුදුසු ශරීරයෙන් දහදිය පිටවන ක්‍රියාකාරකමක් කිරීම තුළින් කායික මෙන්ම මානසිකව ද සහනයක් ඇති වේ. කායික රෝග සුවවීමට ද මෙය කදිම මඟකි.

විශේෂයෙන්ම ඔබ මතක තබාගත යුතු කාරණය වන්නේ ඔබ මානසික ඉහිල්භාවය ඇති කරගැනීමට ගන්නා ක්‍රියාමාර්ගවලට ඇබ්බැහි නොවිය යුතුයි. එසේ වුවහොත් එය ඔබේ එදිනෙදා සිදුකරන ප්‍රධාන කාර්යයන්වලට බාධාවක් විය හැකිය.

  

උපදෙස්

ලියනගේ නිහාල් ශාන්ත (අධාපනපති)

ප‍‍්‍රකට මනෝ විද්‍යා දේශක හාගුරු උපදේශක (උපදේශනය)

කටුගස්තොට අධ්‍යාපන කලාපය

1081 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 28, සඳුදා 12:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න