තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 14:48

දුම්පානයෙන් අත්මිදිය හැකියි අවශ්‍ය වන්නේ සිතිවිල්ල පමණි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
දුම්වැටිය සහමුලින්ම සමාජයෙන් තුරන් කළ යුතු පාරිභෝගික භාණ්ඩයක් ලෙස හඳුන්වාදිය යුතු කාලය දැන් එළඹී තිබේ. සැබැවින්ම දුම්වැටිය තවදුරටත් පාරිභෝගික භාණ්ඩයක් නොවිය යුතුය.

 

 

දුම්වැටියක් පානය කිරීමෙන් අපගේ සිරුරට කිසිදු පෝෂණයක් හෝ වාසියක් නොලැබේ. දුම්පානය තුළින් අප සතු පෞරුෂය සහමුලින්ම විනාශකර දමයි. අප සතු ආකර්ෂණීය පෙනුම විනාශ කරන්නට මත්පැන් මෙන්ම දුම්පානය ද ඉවහල් වේ.

ඔබ දන්නවාද ? දුම්වැටිය නිසා පිරිමි පුද්ගලයන් මඳ සරුභාවයට පත්කරවන බව.

දුම්වැටියක් භාවිත කරන්නකුට එල්ලවෙන විශාලම අභියෝගය වන්නේ දුම්පානය නවතා දැමීමයි. දුම්පානය නැවැත්වීමට තීරණය කළ තැනැත්තකුªට ඒ පිළිබඳ විවිධ අපහසුතාවයන් මානසිකව ද, ශාරීරිකව ද බලපවත්වන්නේ මුල් දින කිහිපය තුළ පමණකි.

එහෙත් ඔබට දුම්පානයෙන් නිසැකවම අත්මිදිය හැකිය. මේ සඳහා වෛද්‍ය උපදේශන පවා ඔබට නොමිලේ ලබාගත හැකියි. මේ සඳහා ප්‍රබල වශයෙන්ම අවශ්‍ය වන්නේ ඔබේම මානසිකත්වය ජය ගැනීමයි.

දුම්පානය ඇත්හළ දිනයේ සිට ක්‍රමයෙන් ශාරීරික අපහසුතාවයන් ද ටිකෙන් ටික මඟහැරී යනු ඇත. ඔබේ නැතිවී ගිය පෞරුෂය පියකරු සිනාව ඔබට යළි ලැබෙනු ඇත. දුම්වැටියට ලොල් වූ ඔබේ මුවඟට රස පලතුරක සැබෑ ඉමිහිරි රසය යළි දැනෙනු ඇත.

තේ කෝප්පයක සුවඳ හා රසයට ඔබ වහා ලොබ බඳිනු ඇත. මේ සමඟම දුර්වර්ණ වී ගිය ඔබේ මුහුණට යළි ප්‍රසන්න පෙනුමක් ලැබෙනු ඇත.

කහ පැහැ වූ දත් දෙපළ යළි ක්‍රමයෙන් සුදෝ සුදු බවට හැරෙනු ඇත. කෙටියෙන්ම කියතොත් දුම්පානයෙන් ඉවත් වූ ඔබ සිගරට් දුමෙන් වහනය වන කටුක ගන්ධයට පවා පිළිකුලක් දක්වන බව නිසැකයි.

දුම්වැටියක් දල්වා ගත් අයකු තරම් මෝඩයෙක් මෙලොව තවත් නැතැයි සිතනු නිසැකයි. මේ තත්ත්වය සැබෑ ලෙස අවබෝධ කරගැනීමට නම් දුම්වැටිය තුªළ සැඟවී ඇති විෂ රසායනික පිළිබඳ ඔබ දැනුවත් විය යුතුය. සිගරට්ටුවක් ඉරීමෙන් ඔබේ සිරුරට ඇතුළුවන විෂ පිළිබඳ තොරතුරු මේ ලිපියෙන් සරලව විස්තර කරයි.

නිකොටින්

නිකොටින් ව්ඪජධබඪදඥ යනු දුම්කොළවල අඩංගු විෂ සහිත ඇල්කොලයිඩයකි. දුම්වැටියක ඇති ප්‍රධානම මාරාන්තික විෂ රසායනය වන නිකොටින් වේගයෙන් රුධිරයට එක්වී මොළයේ ස්නායු සෛල ආක්‍රමණය කරන ප්‍රබල ඇබ්බැහිකාරකයකි.

දුම්බීම ආරම්භ කළ මුල් කාලයේ දී සිගරට්වලින් ශරීරයට එක්වන නිකොටින් මඟින් විශාල උත්තේජනයක් ඇතිකරමින් ඇඟට “දැනෙන වෙනසක්” ඇති කළත් ටිකෙන් ටික ඔබ දුම්වැටියේ වහළෙකු වූ පසු ඔබේ රුධිරය තුළට ඇතුළුවන නිකොටින් නිසා වෙනදා ඔබ තුළ පැවැති ඔරොත්තුදීමේ හැකියාව හීනවී ඇති බව ඔබට දැනෙන්නට පටන් ගනී.

වෙනදා ඔබට ඇතිවන උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි සුළු අසනීප තත්ත්වයන් සුව අතට හැරුණත් දුම්වැටිය හා මිතුරුදම ඇතිකරගත්දා සිට ඔබට ඇතිවන බොහෝ සුළු අසනීප තත්ත්වයන් පවා සුව නොවීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යයි.

ඊට හේතුව වන්නේ ඔබේ රුධිරය තුළ එක්රැස්වන නිකොටින්

 වෙනත් ඖෂධවලට ප්‍රතිරෝධකයක් නොදක්වන අතරම එලෙස එක්රැස්වීම අඛණ්ඩව පවත්වා ගන්නට ඔබ දිගින් දිගටම දුම්වැටි ඉරීම කළයුතු තත්ත්වයට ඔබ දුම්වැටියේ වහලෙකු බවට නිරායාසයෙන්ම පත්වී සිටීමයි.

තාර

සිගරට්වල තාර ලෙස හඳුන්වන්නේ රසායන ද්‍රව්‍ය ගණනාවක මිශ්‍රණයකි.

මෙම තාර මිශ්‍රණය තුළ කැඩ්මියම් ආසනික්, නයිට්‍රජන්, ඇමීන් ආදී විෂ රසායන වර්ග හතළිස් තුනක් අඩංගුව පවතී.

දුම්පානය තුළින් ශරීරයට ඇතුªළුවන මෙම විෂ රසායන වර්ග පෙණහලුවල ගර්ත බිත්තිවල අභ්‍යන්තරයට ගමන්කර එහි ඇලී යයි. (තැන්පත්වෙයි) මෙලෙස ඇලෙන තාර ඉවත්කිරීමේ කිසිදු ක්‍රමයක් නොමැතිබව ඔබ දැන සිටිය යුතුමයි.

දුම්පානය තුළින් මෙලෙස ගර්ත බිත්තියක ඇලෙන/තැන්පත්වන තාර ක්‍රම ක්‍රමයෙන් ඝන ස්තරයක් බවට පත්වේ.

මෙම තාරවල ස්වභාවය දැනගැනීමට නම් (සිගරට් පානය කරන්නකුට) තමන් මුව තුළට ගත් සිගරට් දුම මුඛය හෝ නාසය තුළට ආඝ්‍රාණය නොකර දෙතොල් උල්කර ඔහුගේම නියපොත්තකට මුව ළංකර දුම විදීමට උපදෙස් දෙන්න.ඉන් පසු නිය මත ඇතිවන තද දුඹුරු පාට ලාටු වැනි ස්වභාවය හොඳින් පරීක්ෂාකර බැලීමට ඔබට හැකියි.

(දුම්පානය නොකරන ඔබ එවැනි පරීක්ෂාවක් කිරීම සඳහා කිසිම විටෙක සිගරට්ටුවක් දැල්වීම නොකළ යුතු බව ද මතක් කරන්නේ දැඩි අවධාරණයෙනි.)

ඔබ දන්නවා ද කිසියම් පුද්ගලයකු මාසයක් පුරා දිනපතා දුම්වැටි ඉරීම සිදුකරනවා නම් මෙලෙස පෙණහලුවල ගර්ත බිත්ති මත බැඳෙන තාර ප්‍රමාණය මිලිග්‍රෑම් 100 කටත් වඩා වැඩි බව.

මෙමඟින් පෙණහලු ආසාදනය වීමෙන් ස්වසන පද්ධතිය ද ආසාදනය වනු ඇත.

 

ඉන් ඇති වන භයානක පිළිකා තත්ත්වයන් මුඛය, පෙණහලු, අන්නශ්‍රෝත, බඩවැල් ආදී ඉන්ද්‍රීයන්ට සිදුකරන විනාශය අවසානයේ , ඔබ අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරු කරවීම නිසැකවම සිදුවේ.

කාබන්මොනොක්සයිඩ්

දුම්වැටියක් දැල්වූ විට ඉන් මතුවන උෂ්ණත්වය මඟින් රසායනික සංයෝග මත ඇතිකෙරෙන තාපය උරාගැනීමෙන් සිදුවෙන වියෝජනය වීමෙන් කාබන්මොනොක්සයිඩ් නම් අති උග්‍ර විෂ පිටකරයි.

දල්වාගත් දුම්වැටියක් උරන වාරයක් පාසා මෙය රුධිරයේ අඩංගු අම්ලකර වායු 15% ක් පමණ අඩුකරන අතර ඒ හා සමඟම හිමොග්ලොබීන් අණු සමඟ සම්බන්ධ වෙමින් සෛල තුළට පරිවහනය වෙයි.

මෙහිදී ශරීරයේ ඇති සියුම් පටක දැඩි ලෙස විනාශ වෙයි. ඔබ දන්නවා ද සිගරට් පානය තුළින් මෙලෙස ඇතිවන කාබන්මොනොක්සයිඩ් නම් විෂ රසායනිකය වැඩි වශයෙන්ම හානිකරන්නේ මොළයේ පටකවලට බව.

මොළය සතු සියලුම හැකියාවන් අවප්‍රමාණයට ලක්කරන බව. ඉන් මොළයට සිදුවන හානියත්, මොළයේ පිළිකා හට ගැනීමේ ප්‍රවණතාවයත් පැහැදිලිවම ඉහළ දමයි.

 

 රඹුක්කන කීර්ති එස් කුමාර

 (Health Visitor  ඇසුරෙනි)

241 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 14:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න