තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූනි 12, අඟහරුවාදා 16:41

ලෙහෙසි පහසු බයිට්ස් නිෂ්පාදනය

Written by 
අගයන්න
(0 මනාප)
කවුරුත් වගේ කන්න ආසා කරන කෑමක් තියෙනවා. ඒ තමයි බයිට්. වයස් බේදයකින් තොරව කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා ම බයිට් කන්න දක්වන්නේ පුදුම කැමැත්තක්.

 

මීට ප්‍රධාන හේතුව වන්නේ බයිට්වල ආවේණික රසයට හැමෝම ප්‍රිය කිරීමයි. ඒ හින්දා ගමේ සිල්ලර වෙළෙඳසලේ ඉඳලා නගරයේ සුපිරි වෙළෙඳසල්වල සුපිරි භාණ්ඩ අතරත් බයිට්ස් තියෙනවා.  

බයිට්ස්වලට තියෙන මේ ඉල්ලුම හින්දා ස්වයං රැකියාවක් ලෙස බයිට් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අතමිට සරු කරගන්න හොඳ මාර්ගයක් වේවි. මෙම ව්‍යාපාරය අරඹන්න අවශ්‍ය වන්නේ ඉතා අවම වූ ප්‍රාග්ධනයක්. 

බයිට් හදන්න භාවිත කළ හැකි දේවල් බොහොමයි. මේ සඳහා දේශීියව ලබා ගන්නා මඤ්ඤොක්කා, බතල, කෙසෙල්, කොස්, දෙල්, හාල් පිටි, සෝයා, බිම්මල් වැනි ද්‍රව්‍ය යොදා ගත හැකියි. ඒ නිසා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකියි. 

ශරීරයට අහිතකර වන්නා වූ නොයකුත් රසකාරක හා වර්ණක භාවිත කරමින් නිෂ්පාදනය කරන ලද බයිට් වර්ග වෙළෙඳපොළෙහි සුළබයි. එබැවින් ගුණාත්මකබවින් ඉහළ, මිනිස් පාරිභෝජනයට සුදුසු බයිට් නිෂ්පාදනය කිරීම ඔබේ වගකීමක්. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදෙන්න කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්. 

කෙසෙල් පෙති 

(Banana Chips)

මේ සඳහා ඇඔුල් කෙසෙල් සහ ව්‍යාංජන සඳහා භාවිත කරන්නා වූ වර්ග වඩාත් යෝග්‍ය වේ. එම කෙසෙල් හොඳීන් මේරු අවධියේ  වුවද පැණි රස හෝ බාගෙට ඉදුණු ඒවා සුදුසු නැත. 

මෙහිදී කෙසෙල් ගෙඩි , පොල් තෙල්, මිරිස් කුඩු, කහ සහ ලුණු අමු ද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනේ.

කෙසෙල් ගෙඩි පළමුව හොඳීන් සෝදා ගන්න. පසුව මල නො බැඳෙන වානේ පිහියක් මගින් පොත්ත ඉවත්කර දුඹුරු පැහැවීම වැළැක්වීම සඳහා කලින් සාදා ගන්නා ලද කල් තබා ගැනීමේ ද්‍රාවණයක හෝ කහ ස්වල්පයක් දියකර ජලයේ ගිල්වා ගන්න. පසුව මෙම කෙසෙල් ගෙඩි ඉතා තුනීවට (4-5 ථථ) පෙති කපා ගන්න. මේවා ද කලින් පරිදි කල්තබා ගැනීමේ ද්‍රාවණයේ ගිල්වා තෙත මාත්තු වීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් මත තුනී කරන්න. දැන් මේවා ගැඔුරු තෙලෙහි රන්වන් පැහැ වන තුරු බැදගන්න. උණුසුම් තත්ත්වය යටතේම මිරිස් කුඩු සහ ලුණු තවරා ගන්න. කාමර උෂ්ණත්වයට පැමිණි පසු ඇසුරුම් කරන්න.

මඤ්ඤොක්කා පෙති 

(Manoic Chips)

මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශකර ඇති ඕනෑම ප්‍රභේදයක අල භාවිත කළ හැකියි. අලවල මේරු අවධිය පිළිබඳ සැලකීම ඉතා වැදගත්. වඩාත් නොමේරු නැවුම් දිගටි අල මේ සඳහා වඩාත් යෝග්‍ය වේ.

මෙහිදී මඤ්ඤොක්කා අල, පොල්තෙල්, මිරිස් කුඩු සහ ලුණු අමු ද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනේ.

මඤ්ඤොක්කා අල හොඳීන් සෝදා ඉතා තුනීයව (4-5 ථථ) පෙති කපා සුදු රෙදි කඩක අතුරා ජලය ඉවත් කර ගන්න. මේවා රන් පැහැය වන ගුරු ගැඔුරු තෙලෙහි බැදගන්න. තෙලෙන් ඉවතට ගන්නා  ලද කැබලි උණුසුම් තත්ත්වයේ තිබිය දී ම ලුණු කුඩු සහ මිරිස් කුඩු තවරන්න.

මිශ්‍ර බයිට්ස් (Bite Mixtures)

මෙහිදී පාන් පිටි, රතු ලූනු, කරපිංචා, රට කජු, ග්‍රීන්පීස්, කඩල පිටි, වියළි මිරිස්, පොල් තෙල්, කඩල  සහ ලුණු අමු ද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනේ.

පළමුව පාන් පිටි මිනිත්තු 15 පමණ හුමාලයෙන් තම්බා ගන්න. පසුව කරපිංචා සහ රතු ලූනු හොඳීන් අඹරා ගන්න. තම්බා ගන්නා ලද පිටි හා අඹරන ලද රතු ලූනු, කරපිංචා හොඳීන් මිශ්‍ර කරන්න. මෙයට අවශ්‍ය පමණ ලුණු, මිරිස් කුඩු හා කහ කුඩු එකතු කර උණු කර නිවා ගන්නා ලද ජලයෙන් මිශ්‍ර කරන්න. මිශ්‍රණයෙන් ටික ටික මුරුක්කු වංගෙඩියට දමා මිරිකා බැදගන්න. මිශ්‍ර කිරීම සඳහා අවශ්‍ය  රටකජු,  වටානා හා ග්‍රීන්පීස් පැය 6 ක් 8 ක් පමණ පෙඟෙන්නට තබන්න. හොඳීන් පෙඟුණු ඇට පිරිසුදු රෙදි කැබැල්ලක් මත තෙත බැසීමට තබා ගැඹුරු තෙලේ බැදගන්න. කරපිංචා සහ කරල් මිරිස් ද ගැඹුරු තෙලේ බැදගන්න. බැදගන්නා සියල්ල වට්ටෝරුවේ ආකාරයට මිශ්‍රකර ඇසුරුම් කරන්න.

ඇසුරුම්කරණය

සැකසූ ආහාර ඇසුරුම්කරණය ඉතා හොඳ අවබෝධයකින් යුතුව, නිවැරැදිව කළ යුතු කාර්යයකි. වර්තමානයේ දී ආහාර නිෂ්පාදකයන් ඇසුරුම්කරණය ගැන වැඩි අවධනායක් යොමු කරන්නේ තරගකාරී වෙළෙඳපොළ රටාව තුළ තම නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කිරීමේ දී ඇසුරුම්කරණය ද ප්‍රධාන අංගයක් වන බව දන්නා නිසාය. මේ අනුව නිෂ්පාදකයා සහ අවසන් පාරිභෝගිකයා අතර සම්බන්ධතාවය ඇති කරන ඒකකය ලෙස ඇසුරුම හැඳීන්විය හැකියි. යම් නිෂ්පාදනයක්  ආරක්ෂා සහිතව අවසන් පාරිභෝගිකයා අතට හොඳ ගුණාත්වයෙන් යුතුව පත් කිරීමට නිවැරැදි ඇසුරුම්කරණය උපකාරී වෙයි. එනිසා ඇසුරුම්කරණය ගැන නිසි අවධානයක් යොමු නොකළහොත් නිෂ්පාදනයේ  දී වැය කළ මුදලට උපරිම වටිනාකමක් නො ලැබි යාමට ඉඩ ඇත.

ඇසුරුම්කරණයේ කාර්යය

නිවැරැදි ඇසුරුම්කරණය මඟින් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණා කිහිපයක් ඇත. 

*  නිෂ්පාදනය අන්තර් ගත කිරීම

* ආරක්ෂාව සහ සංරක්ෂණය

* සන්නිවේදනය (ලේබල් මඟින්)

* ප්‍රවාහන පහසුව

* ආකර්ෂණීය ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම . ආදිය ඒ අතර වැදගත් වේ.

 අප මෙහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ බයිට් නිෂ්පාදන සඳහා උචිත අසුරුමක් තොරා ගැනීම සම්බන්ධවයි.

බයිට් වර්ගවල ඉහළ ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට නම් ඒවා නො පෙඟෙන පරිදි ඇසුරුම් කළ යුතුයි. මේ නිසා ජල වාෂ්පවලට හා වාතයට ප්‍රතිරෝධි ඇසුරුම්වල මේවා ඇසුරුම් කළ යුතුයි. මේ සඳහා පොලි ප්‍රොපිලීන් (ර්‍ථර්‍ථ) ගේජ් 300- 350 පමණ යොදා ගැනීම සුදුසුය. මීට අමතරව වැඩි දියුණු කළ පොලි ප්‍රොපිලීන් විශේෂයක් වන ඕර්‍ණර්‍ථර්‍ථ ඇසුරුම් ද මේ සඳහා යොදා ගත හැකියි. 

මිට අමතරව බයිට් වර්ග සෑදීමේ දී පොල්තෙල් හෝ එළවළු තෙල් යොදා ගනිමින් බැදීම සිදු කරන නිසා කාලයක් ගත වන විට තෙල් මුඩු වීම සිදු වේ . තෙල් මුඩු වීම යනු ඔක්සිකරණ ක්‍රියාවලියකි. එනම් වාතය සමඟ ගැටුණු විට මුඩු වීම ඉක්මනින් සිදු වේ. මේ නිසා වාතයට ප්‍රතිරෝධී ඇසුරුම් යොදා ගැනීම සුදුසුය. තවද වාතය ඉවත් කර ඇසුරුම් කළ හැකි නම් ඉතා සුදුසුය. ඒ සඳහා නයිලෝන් මිශ්‍ර විශේෂ  ඇසුරුම් වර්ග ඇති අතර විශේෂිත ඇසුරුම් යන්ත්‍ර ද යොදාගත යුතුය. මෙය තරමක පිරිවැයක් දැරිමට සිදු වන ක්‍රියාවලියකි.

ර්‍ථර්‍ථහා ඕර්‍ණර්‍ථර්‍ථ ඇසුරුම් හරහා ආලෝකයට ගමන් කළ හැකි නිසා නිෂ්පාදනයේ ගුණාත්මයට ආලෝකයෙන් සිදුවන හානිය වළක්වා ගැනීම අසීරුය. ඒ සඳහා ආලෝකයට ප්‍රතිරෝධී ඇසුරුම් යොදා ගත යුතුයි. මේ සඳහා ලැමිනේට් කරන ලද ඇසුරුම් යොදා ගත යුතුයි. නමුත් එවැනි ඇසුරුම් සඳහා වැඩි මිලක් යෙදවීමට සිදුවන අතර එමගින්  නිෂ්පාදන වියදම ඉහළ යාම සිදුවේ. එසේ වුවද නිෂ්පාදන අලෙවිකරණ වෙළෙඳපොළ අනුව මිලෙන් වැඩි එවැනි ඇසුරුම් යොදා ගත හැකියි. එම ඇසුරුම් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වුවත් නිෂ්පාදනයේ ගුණාත්මයබව වඩා හොඳීන් ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

අවශ්‍ය උපකරණ

ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දී භාවිත කරන උපකරණ පිළිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතුය. මෙහිදී යකඩ හා අලුමිනියම් වැනි ද්‍රව්‍යවලන් සාදන උපකරණ භාවිත කරන්නේ නැත. මෙයට ප්‍රධානම හේතුව වන්නේ මේවා අප නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල පවතින හා එකතු කරන්නා වු ඇසිඩ් සමඟ ක්‍රියාකර ආහාරයට නොයෙකුත් විස එකතු වීමට ඇති අවදානම ලෙස සඳහන් කළ හැකියි. මෙයට අමතරව එළවළු හා පලතුරු කැපීමේ දී සිදුවන්නා වු එන්සයිමය දුඹුරු පැහැ වීම යකඩ භාවිතයේ දී තව දුරටත් උත්ප්‍රේරණය  වීමයි. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් මළ නොබැඳෙන වානේවලින් නිපදවන ලද උපකරණ භාවිත කරනු ඇත.

බයිට්ස් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීමේ දී අපට මල නොබැඳෙන වානේ පිහි හෝ පෙති කපන යන්ත්‍රයක්, ගෑස් කුකර් එකක් සමඟ තෙල් තාච්චියක් හෝ ගැඹුරු තෙල් බදින යන්ත්‍රයක්, මල නොබැදෙන වානේ දැලක්, පොලිතීන් සීලරයක් අවශ්‍ය වේ.

 

අධ්‍යක්ෂ, තාක්ෂණික සේවා අංශයදුරකථන      : 011-2605278/2605326

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

ෆැක්ස් අංක  : 011-2623846 / 011-2607002

අංක: 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව 

ඊ-මේල්        :   This email address is being protected from spambots. You need JavaScript enabled to view it. , This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වෙබ්          : www.idb.gov.lk

 

ස්තූතිය - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ 

තාක්ෂණික සේවා 

මොහාන් ගුණසිංහ 

පාලිකා දිල්රුක්ෂි

 

2219 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 16:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න