රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 15:43

ලස්සන වෙන්න නිරෝගී වෙන්න වැඩි වැඩියෙන් වතුර බොමු විශේෂාංග

ලිව්වේ  හෙන්රි බෙම්මුල්ල
අගයන්න
(0 මනාප)
මිනිස් සිරුරක ලේ (රුධිර) වලට වඩා වැඩි ප්‍රමාණයක් වතුර (ජලය) ඇත්තේය. එදිනෙදා වැඩකටයුතු කිරීමෙන් හෝ ව්‍යායාම මඟින් සිරුරෙන් පිටවන දහදිය ජලයේ අපද්‍රව්‍යය වේ.

 

කිසිදු ව්‍යායාමයක් නොකර, දවසේ වැඩි කාල පරාසයක්ම සිටීමෙන් එක තැන වාඩිවී වැඩකිරීම නිසා ද සිරුරෙන් දහදිය පිටවීමක් සිදු නොවේ.

වත්මන් යාන්ත්‍රික සමාජ රටාව තුළ කෙනකු නිවෙසේ සිට වාහනයකින් පිටත්ව රාජකාරි කරන ස්ථානයේ ඇති පඩි පෙළ, පියගැට පෙළින් නොනැඟ ඉහළට යන්නේ විදුලි සෝපානයෙනි. වායුසමීකරණය කළ කාමරයක් තුළ පැය අටකටත් වැඩි කාල පරාසයක් තුළ සිටීමෙන් දහඩිය බින්දුවක්වත් සිරුරෙන් පිට නොවේ. දහඩිය මඟින් පිටවන ලවණ කොටස් වකුගඩු තුළ ක්‍රමයෙන් තැන්පත් වනු ඇත්තේ ඒවා බැහැර කිරීමට අවශ්‍ය වන ජලය පානය නොකිරීම නිසාය. හෘද නාළ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීමෙන් හෝ අතිශය ස්ථූල වීමේ ආබාධ තත්ත්වයක සිටින අය ජලය පානය සීමා කළයුතු බැව් වෛද්‍ය උපදේශයකි.

සිරුර තුළ එක්රැස්වන අපද්‍රව්‍ය බැහැර වීම සඳහා ජල පරිභෝජනය දිරි ගැන්වීමක් වන බව පැහැදිලි කරුණකි.

ජලය මිනිස් සිරුර ඇතුළත ඉතාම වැදගත් සංරචකයක් වෙයි. නොයෙකුත් ජීව රසායන ක්‍රියාවන් ඉටුකෙරෙන මාධ්‍යයක් පමණක් ම නොව සිරුරේ අභ්‍යන්තරික ක්‍රියාකාරකම්වලට ද බලපානු ලැබේ. ආහාර මඟින් ගන්නා ජලය ඇතුළුව ලීටර් 2 කට වැඩි ප්‍රමාණයක් පුද්ගලයකු එක් දිනකදී ගතයුතු වේ. ජලය අඩුවෙන් ගැනීම නිසා විවිධ ආබාධවලට සිරුර නතු වේ. සම ගොරෝසු වීම, චර්මාබාධයන් ඇතිවීම, සිරුරේ පැහැපත් බව නැතිවී වියළි බව ඇතිවීම හටගන්නේ ජලය පානය නොකිරීම නිසාය. සමහර අය ආහාර ගැනීමෙන් පසු වතුර කෝප්පයක් පමණක් පානය කරයි. උදරය කුඩා බඩවැල් හා මහ බඩවැල්වලට ජලය අවශ්‍ය වේ. බඩවැලේ තැවරී ඇති ආහාර දිරවන මියුකස් මැලියම් වියළී යෑම නිසා ශරීර පෝෂණයට අයහපත් වන බැව් පැහැදිලිය.

විශේෂයෙන්ම තරුණ කාන්තාවන් වැඩිපුර ජලය පානය කළයුතුයි. සමේ පැහැපත් බව නැතිවී ගියහොත් ඡවි කල්‍යාණය අඳුරු වේ. ගර්භණී මවුවරුන් සැමවිට පිරිසිදු ජලය පානය කිරීම අනිවාර්ය වන්නේ කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යය රැකගැනීම උදෙසාය. තව ද දරුවා චලනය වන ජල තටාකයක රැඳී සිටීමට උපකාර වන්නේ ජලයයි.

උදෑසනම අවදි වූ විට හිස්බඩ පිරිසුදු වතුර බඳුනක් බීම ශරීරයට හිතකර වන අතර මල බද්ධය ඇති නොවේ. උදේ කාලයේ සක්මන් භාවනාවේ යෙදෙන ඇතැම් වැඩිහිටි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පිරිසුදු ජලය පානය කරන්නේය. එයින් දවසේ වැඩකටයුතු කාර්යක්ෂම ලෙස කරගැනීමට ඉමහත් රුකුලක් වනු ඇත.

 

ප්‍රධාන වශයෙන් කැෆේන් ඇතුළු තේවල ඇතුළත් ක්ෂාරීය ද්‍රව්‍ය මොළයේ රුධිර නාළ ප්‍රසාරණය කරන නිසා හිසේ වේදනාවන්ට මහඟු ප්‍රතිකාරයකි. තේ කහට ඉතාම ස්වල්පයක් උණුවතුරට දමා සීනි රහිතව පානය කිරීම ද යහපත් වේ. පැරැණි කාලයේ උදේට දරුවන්ට ලුණු කැඳ බීමට දුන්නේ පණුවන් හීනවිමටයි. විවිධ ශාක වර්ගවලින් සකසා ගන්නා ලද කැඳ වර්ග වැඩිපුර ජලය මිශ්‍රකර බීම අතිශයින්ම ගුණදායක වේ. ලුණුවිල කෝමාරිකා වැනි ඖෂධ වර්ග ජලයට මිශ්‍රකර අලුයම් කාලයේ බීමෙන් දවසේ ප්‍රබෝධය ඇති වේ.

ලස්සනම ලස්සන තරුණියක් වූ ඔබ තව තවත් ලස්සන වෙන්න කැමැති නම් පංච කල්‍යාණිය වීමට ඔබට මිතුරන් දෙදෙනකු උදවු කරයි. පළමුවැන්න ජලය වන අතර දෙවැන්න මුහුණ බලන කන්නාඩියයි. තරුණියකට නැතුවම බැරි ලස්සන මිතුරන් දෙදෙනා මේ දෙදෙනායි.

640 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 15:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න