රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 16:10

සැලෝන් ලස්සන මනාලි හැඩකරන පුලතිසිපුර වීණා

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
දි රිය කාන්තාවන්ගේ නිර්මාණාත්මක ශක්තිය විශ්ව මාතාවගේ සුන්දර පලඳනාවයි. මෙය යථාර්ථයක් බවට පසක් කරමින් තම කුසලතාව මඟින් ජීවිතය ජයගත් කාන්තා පරපුරේ තවත් එක් දිරිය කතක් පිළිබඳවයි; මේ දිග හැරුම.

 

ඇගේ තතු අප මෙලෙස සනිටුහන් කරනුයේ ඇයගේ ශිල්ප හැකියාව ඔබට පූර්වාදර්ශයක් වන බැවිනි.

ඇය වීණා නිරංජලා. පොළොන්නරු පුරවරයේ අංක 17, රෝහල් හන්දියේත් අංක 09, කෙලින් වීදිය අසලත් ඉදිකර ඇති සැලෝන් ලස්සන මනාලි ඇගේ අමිල හැකියාවේ තෝතැන්නයි.

ඇය හැඩ වැඩ කලාවට මුලින්ම පා තබා ඇත්තේ පද්මිණි රාමනායක, බර්නි බාලසූරිය ඇතුළු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් රැසකගේ ගුරුහරුකම් ලබා ගැනීමෙන් අනතුරුවයි. එසේම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇසුර තුළින් ද ඇය නවමු දැනුම ලබා ගෙන තිබේ. මෙසේ ඇය ආ ගමන පුරා දස වසරකි.

තමන් ලද දැනුමත්, සහජ හැකියාවත් මතින් ලියන්ගේ අලංකාරත්වය සුන්දරත්වය දෙගුණ, තෙගුණ කරමින් ලියන් මනාලියන් කිරීම, මනාලියන්ගේ යෙහෙළියන් මෙන්ම මල් කුමරියන් හැඩ ගැන්වීම, මල් කළඹ සැකසීම මෙන්ම ආකර්ෂණීය විලාසිතාවලට කොණ්ඩා මෝස්තර දැමීම, ඇහිබැම සැකසීම, ෆේෂල් කිරීම හා තරුණියන්ට රූපලාවණ්‍ය කටයුතුවලට උපදෙස් දීම ද ඇය අතින් සිදුවෙයි.

මනාලියන් හැඩගැන්වීමට අමතරව වීණා කේක් නිර්මාණ කිරීම, මංගල සාරි හැඩගැන්වීම ආදියත් හරි අපූරුවට සිදුකරයි. ඉදිරියේදී මනාලියගේ යෙහෙළියගේ මෙන්ම කාර්යාලීය සාරි හැට්ට මැසීමත් සිදු කිරීමට ඇය බලාපොරොත්තු වේ.

"උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ මම කවදත් කලාවට ඇල්මක් දැක්වූවා. වර්තමානයේ සෞන්දර්යාත්මක බවක් ගෙන දෙන රැකියා අතරින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට විශේෂ තැනක් හිමිවෙනවා. එබැවින් මමත් තව කෙනෙකුගෙ රුව අලංකාරය කිරීමට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් රැසක් යටතේ මේ පිළිබඳ අධ්‍යයනය කළා.

අද පොළොන්නරුව පුරවරයේ යුවතියන් බොහොමයක් මා අතින් හැඩවෙනවා. ඒ වගේම මගේ සේවාදායකයාට මුදලට වඩා වැඩි යමක් ලබා දීමටත් කටයුතු කරනවා. හොඳම දේ හොඳම ලෙසින් ඉටු කරමින් වෘත්තියේ ප්‍රවීණත්වයක් ලබන්නයි මගේ බලාපොරොත්තුව.

අද වන විට මා හොඳම රූපලාවණ්‍ය ශිල්පිනිය ලෙස වසර ගණනාවක්ම විවිධ ආයතනවලින් පවත්වන ලද රූපලාවණ්‍ය තරගවලදී ජයග්‍රහණය අත්පත් කරගෙන තිබෙනවා. 2016 වසරේදී රූපලාවණ්‍ය විශාරද රූපලාවණ්‍ය පාඨමාලා උපදේශිකා දිරිය ප්‍රසාදිනි සම්මානයෙන් ද මා පිදුම් ලැබුවා.

මේ සියලු කටයුතු සඳහා මගේ සැමියා ලසිත මනෝජ් නිබඳ සහයෝගයක් ලබා දෙනවා."

මෙවන් දක්ෂතාවන්ගෙන් සපිරි ඇයගෙන් හැඩ වන්නට පුලතිසිපුරවරයේ සිටින ඔබටත් හැකියි. ඇය ඔබ සැබෑම රුවැත්තියක් කරාවි.

සම්බන්ධීකරණය හා ඡායාරූප ජයන්තිපුර සමූහ හේමන්ත බණ්ඩාර

1202 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 16:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න