රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 10, අඟහරුවාදා 16:26

ඔබ සොඳුරුතම මනාලිය කරන සැලෝන් කුමාරි හි කුමාරි දිසානායක විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
දිනෙක සොඳුරු මනාලියක ලෙසින් හැඩ වී පතිකුලයට යාම සෑම යෞවනියකගේම පැතුමයි. ඒ සොඳුරු බව ඉස්මතු කිරීමට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ඇති ශිල්පිනියකගේ සහය අවැසිමයි.

 

මේ වන විට ඔබේ නගරයේ රූපලාවණ්‍යාගාර ඕනෑ තරම්. ඒත් එයින් ඔබ තෝරා ගත යුත්තේ වඩාත් ආකර්ෂණීයම රූපලාවණ්‍යාගාරය නම් නොවේ. රූපලාවණ්‍ය අත්දැකීම් ලත් ඔබේ අතේ ඇති මුදලට ඔබට සෑහීමකට පත්වන සේවාවක් සපයන රුපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියවයි තෝරාගත යුත්තේ.

ඇය කුමාරි දිසානායක. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 15 ක අත්දැකීම් ඇය සතුයි. දන්න කියන කාලෙක ඉඳන්ම හැඩ වැඩ කලාවට ළෙන්ගතුකම් පෑ කුමාරිට මුලින්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ගුරුහරුකම් ලැබී ඇත්තේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ආදරණීයම ගුරුතුමා වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්ගෙනි. ඉන් අනතුරුව දෙස් විදෙස් රූපලාවණ්‍ය පාඨමාලා ගණනාවක්ම ඇය ඉතා සාර්ථක ලෙස හදාරා තිබේ. න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවත් වඩාත් නිවැරැදිව උකහා ගත් ඇය ඇගේ සහජ දක්ෂතාවයත් සමඟින් ඉදිරියට පැමිණ තිබේ. අද වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විළිගත් එකම සහතිකය වූ ඔබ සොඳුරුතම මනාලිය කරන සැලෝන් කුමාරි හි කුමාරි දිසානායක

 

දිනෙක සොඳුරු මනාලියක ලෙසින් හැඩ වී පතිකුලයට යාම සෑම යෞවනියකගේම පැතුමයි. ඒ සොඳුරු බව ඉස්මතු කිරීමට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ඇති ශිල්පිනියකගේ සහය අවැසිමයි.

මේ වන විට ඔබේ නගරයේ රූපලාවණ්‍යාගාර ඕනෑ තරම්. ඒත් එයින් ඔබ තෝරා ගත යුත්තේ වඩාත් ආකර්ෂණීයම රූපලාවණ්‍යාගාරය නම් නොවේ. රූපලාවණ්‍ය අත්දැකීම් ලත් ඔබේ අතේ ඇති මුදලට ඔබට සෑහීමකට පත්වන සේවාවක් සපයන රුපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියවයි තෝරාගත යුත්තේ.

ඇය කුමාරි දිසානායක. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 15 ක අත්දැකීම් ඇය සතුයි. දන්න කියන කාලෙක ඉඳන්ම හැඩ වැඩ කලාවට ළෙන්ගතුකම් පෑ කුමාරිට මුලින්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ගුරුහරුකම් ලැබී ඇත්තේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ආදරණීයම ගුරුතුමා වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්ගෙනි. ඉන් අනතුරුව දෙස් විදෙස් රූපලාවණ්‍ය පාඨමාලා ගණනාවක්ම ඇය ඉතා සාර්ථක ලෙස හදාරා තිබේ. න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවත් වඩාත් නිවැරැදිව උකහා ගත් ඇය ඇගේ සහජ දක්ෂතාවයත් සමඟින් ඉදිරියට පැමිණ තිබේ. අද වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විළිගත් එකම සහතිකය වූ NVQ Level  - 4 සහතිකයත් ඇය සතුයි.

මේ අයුරින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් දැනුමක් උරුමකර ගත් ඇය අංක 834/1, කඩුවෙල පාර, මාලඹේත්, 11/ඒ, ඉංගිරිය පාර, පාදුක්කෙහිත් පිහිටි සැලෝන් කුමාරි රූපලාවණ්‍යාගාර දෙකෙහිම සාඩම්බර හිමිකාරිණිය වෙයි.

"කාන්තාවකට ලස්සන කියන්නේ ඇත්තටම ආභරණයක්. උපතින්ම උරුම වූ රුව තව තවත් ඔප් නංවාගන්න අපේ කාන්තාවන් හරි උනන්දුයි. මගේ රූපලාවණ්‍යාගාර දෙකේදීම මේ කර්තව්‍ය 100% ක්ම සිදු කෙරෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පිරිමි පාර්ශ්වයට ද අවශ්‍ය සියලුම රූපලාවණ්‍ය සද්කාර සිදු කෙරෙනවා. ෆේෂල් ක්‍රම, ක්ලීන් අප්, මෙනික්‍යු, පෙඩික්‍යූ, ටැටූ මෝස්තර ඔවුන් සඳහාත් විවෘතයි. මෙම රූපලාවණ්‍යාගාරයෙන් හැඩවන ඕනෑම යුවළකට ආදර්ණීය පැකේජ කිහිපයක්ම අප සතුයි."

මනාලියන් හැඩ ගැන්වීමට මුල්තැනක් ලබා දෙන ඇය එහිදී උඩරට, පහතරට, බටහිර, ඉන්දියන් ක්‍රමවලට ඔබේ රුචිකත්වය පරිදි හැඩ ගැන්වීම සිදු කරනු ලබනවා. එයට අමතරව විශේෂිත ෆේෂල් ක්‍රම, වැක්ස්, නවීන පන්නයේ කොණ්ඩා මෝස්තර දැමීමත් ඇතුළු හෙයාර්, බියුටි, බ්‍රයිඩ්ල් යන අංශ තුනම සිදු කෙරේ.

තවද මංගල සාරි නිර්මාණය, කෘත්‍රිම හා ස්වාභාවික මල් කළඹ සැකසීමත් සිදු කරයි.

සැලෝන් කුමාරි රූපලාවණ්‍යාගාර දෙකෙහිම නිපුණත්වයෙන් සපිරි රූපලාවණ්‍ය කාර්ය මණ්ඩලයක් සිටී. ඒ අනුව මෙහි පිවිසෙන ඔබට වඩාත් සුහදශීලී, නිවැරැදි, විශ්වාසනීය සේවාවක් සපයනු නියතය.

ගැහැනු, පිරිමි භේදයකින් තොරව හැඩවිය හැකි සැලෝන් කුමාරි මේ වන විටත් ජනප්‍රිය වී ඇත්තේ තම අත්දැකීම් බෙදා හදාගන්නා සේවාදායක දායිකාවන් ගේ ගුණ ප්‍රචාරයෙනි. සැබවින්ම ඇගේ ප්‍රතිභාව හෙට දිනයේ ඔබ ලස්සන කරාවි.

ප්‍රතිභා සම්පන්න ඇය ආදරණීය බිරියක්, මවක් ලෙස ගත කරන දිවිය ද ප්‍රශංසනීයයි. ආදරණීය සැමියා සමන් දිසානායකත් රෝමින්, ඩිනෝද් පුතුන් දෙදෙනාත් ඇගේ ගමන්මගේ ආශීිර්වාදයයි.

එසේ වී නම් ඇගේ නිසඟ හැකියාවෙන් වර්ණවත් වීමට සැලෝන් කුමාරි ඔබ වෙනුවෙන් විවෘතව ඇත.

1300 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 16:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න