රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 10, අඟහරුවාදා 16:32

ඇඟට පණ නෑ ඔබත් යකඩ ඌනතාවයෙන් පෙළෙන්නේද...? විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
අනේ මගේ ඇඟට නම් පණ නෑ වගේ . . හරිම අමාරුයි . . . කලන්තේ වගේ මෙලෙස කවුරුන් හෝ කියනවා ඔබත් අසා ඇති. ඇතැම් විට ගෙදර දොර වැඩපළ කරන කොට ඔබටත් අනන්තවත් මෙහෙම අමාරුකම් දැනිලා ඇති.

 

ඒ කියන්නේ ඔබත් ඇඟ සුදුමැළි විම, වැඩ කිරීමේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික මහන්සියක් දැනීම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල යන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේද? එසේ නම් ඔබත් යකඩ ඌනතාවයෙන් (Iron Deficiency Anemia) පෙළෙනවා විය හැකියි.

යකඩ

යකඩ (Iron) මිනිස් දේහයේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයකි. ප්‍රධාන වශයෙන් ඔබගේ රුධිරයේ රතු රුධිර සෛල (රක්තාණු) තුළ පවතින හිමොග්ලොබින් (HB) නමැති වර්ණකයේ මූලික සංඝටකයක් ලෙස ක්‍රියාකරනු ලබයි. මෙම හිමොග්ලොබින් නම් වර්ණකය දේහය පුරා පටකවලට අවශ්‍ය ඔක්සිජන් පරිවහනයට දායක වේ. ඒ අනුව රතු රුධිර සෛල නිපදවීම සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. නිරෝගී පුරුෂයකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැලකෙන්නේ 12-14g/dl  අගයයි. එය නිරෝගී කාන්තාවකගේ නම් 11.5-13.5 g/dl  අගයක් ගත යුතු වෙනවා. කාන්තාවකගේ මෙලෙස හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමට බලපාන්නේ මාසික ඔසප් රුධිර වහනයයි.

මෙම අගයයන්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය නැතහොත් නීරක්තිය (Anaemia) ලෙස හඳුන්වනවා. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවිමක් සිදු වන නිසා රුධිරය මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩු වී යයි.නීරක්තියේ වර්ග ගණනාවක් තිබෙනවා. නමුත් බෙහෙවින් හඳුනාගත හැකි වර්ගය නම් යකඩ මද විම නිසා ඇතිවන නීරක්තිය (Iron Deficiency Anaemia)  විටමින් B  අඩුවීම නිසා සහ වෙනත් පිළිකා වැනි සංකූල රෝග හේතුවෙනුත්, ජානමය හේතු නිසා ඇතිවන නීරක්ති විශේෂත් තිබෙනවා. නමුත් අපි මෙහිදී සලකා බැලෙන්නේ බහුල වශයෙන් පවතින යකඩ ඌනතාවයි.

රෝග ලක්ෂණ

* අධික වෙහෙස සහ ශක්තිය මදකම, නිදිමත හෝ අලස බව

* ස්වසන අපහසුව නැතහොත් ඉක්මනින්ම හති වැටීම-

* සුදුමැලි බව

* හදවත ගැහෙන බව තමන්ට දැනීම

* නිතර ඇතිවන හිසරදය

* නිතර නිතර අසාධන තත්ත්වයන් හට ගැනීම

* හිසකෙස් ගැලවීම-

* ගිලීමේ අපහසුතා

* මුඛයේ ඇතිවන තුවාල

* නියපොතු හැන්දක ආකාරයට හැඩය වෙනස් වීම

* අසාමාන්‍ය ආහාර පුරුදු හට ගැනීම මෙහිදී අඟුරු, සබන්, අමු හාල් වැනි ආහාර වර්ග ප්‍රිය කරයි. -

* මතකය දුර්වල වීම හැදෙන වැඩෙන දරුවකුගේ අධ්‍යාපනයට මෙය විශාල බලපෑමක් ඇති කරයි.

යකඩ අඩු නීරක්තියට හේතු මොනවාද?

 

 

 

ඉතිරි කොටස ලබන සතියේ

2054 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 16:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න