රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 17, අඟහරුවාදා 11:55

රෝ බිය දුරුකරන අපූරු ප්‍රතිකාරය ආදරය විශේෂාංග

ලිව්වේ  සුපුන් ජයසිංහ
අගයන්න
(0 මනාප)
ආදරය ලබන්නට, විඳින්නට අකැමැති වෙන්නේ කවුරු ද? ආදරය කරන්නට අකැමැති කිසිවෙක් මේ ලෝකය තුළ නැහැ. මිනිසුන් පමණක් නොවේ, තිරිසන් සතුන් පවා ආදරයට ලෝභයි.

 

ආත්මයම සුවපත් කළ හැකි සුන්දර හැඟීමක් ආදරයේ දැවටී තිබෙනවා. ආදරය විටෙක රසවත් ආහාරයක් මෙන් කුස පුරවනවා. විටෙක සැඩ මාරුතයක් මෙන් තළාපෙළා දමනවා. තවත් විටෙක කඳුළින් ඇස් පුරවනවා. අපූරු හැඟුම් ගොන්නක අවසන ආදරය සිත පුරවනවා. සතුට ගෙනෙනවා. ආදරයේ මේ වෙස් පෙරළිය ඔබගේ සෞඛ්‍යයටත් සම්බන්ධ බව ඇසුවොත් ඔබ පුදුම වේවි. බලන්න ඔබේ ආදරයත් මේ වගේද කියලා.

වේදනාවන් නිදහස් කරගැනීමේ ස්වභාවික ක්‍රමයක්

ආදරය කිරීමේදී, ඔබට පහසුවක් සහ සතුටුදායක හැඟීමක් ඇතිවෙනවා. ඔක්සිටොක්සින් කියනනේ සිරුරේ වේදනාවක් පහකිරීමට සමත්වෙන මනස නිශ්චල කරන රසායනිකයක්. මෙම රසායනිකය නිපදවෙන්නේ ඔබේ මොළය තුළය. හිසේ කැක්කුම් වැනි වේදනාවන් සමනයට මෙය උපකාරී වේ.

දෙදෙනකු ආදරයෙන් වැළඳගෙන සිටීමේදී මිනිත්තු 10 - 20 ක් ඇතුළත රසායනිකය නිපදවේ. ඔබ ආදරය කරන අයෙකුගේ ඡායාරූපයක් දෙස බැලීමේදී ඔබේ වේදනාවන් අඩු වී යනු ඇත. (සාමාන්‍ය වේදනාවන් 40% කිනුත්, බරපතළ වේදනාවන් 15% කිනුත් අඩුවේ.) ඔබේ මොළය ඔබේ සහකරුගේ ඡායාරූපය වේදනා නාශකයක් ලෙසත්, සිත එකඟකර ගැනීමට උපකාරී වන මාධ්‍යයක් ලෙසත් හඳුනාගැනේ. නිදන්ගත රෝග නිසා ඇතිවන වේදනාව, ආතරයිටීස්, කෙණ්ඩා පෙරළීම නිසා ඇතිවන වේදනාව සමනයට ආදරය කිරීම සහ ලිංගික සබඳතා පැවැත්වීම උපකාරි වේ.

ආදරය ඔබේ හදවත ආරක්ෂා කරයි

මනසට පීඩාකාරි දේවල් සිදුවන විට ඔබේ හදවතට හානි සිදුවේ. නමුත් ආදරය ලැබීම ඔබේ හදවත අවදානම් තත්ත්වයන්ගෙන් මුදවයි. ආදරය කිරීමේ දී ඔබේ සිරුර තුළ නිපදවෙන රසායනිකයන් විසින් මානසික පීඩාවන් අතුරුදන්කර රුධිර පීඩනය අඩුකර, ආත්ම ශක්තිය වැඩිකර, මානසික ආතතියට එරෙහිව සටන් කෙරේ.

සිරුරේ රෝගවලට එරෙහිවීමේ ශක්තියක් ආදරණීය හැසිරීම් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා. යමෙකුගේ රෝගවලට එරෙහිව සටන්කිරීමට ඇති ශක්තිමත්ම අවිය ආදරයයි. බෙහෙත්වල ගුණය නිසිලෙස ලැබීමට ආදරය උපකාරී වේ.

නින්ද නොයෑමට ප්‍රතිකාරයක්

ආදරය කිරීමේදී නිපදවෙන හිතකර හෝමෝන මඟින් සිරුරේ ආතතිය පාලනය කෙරේ. ආතතිය පාලනයෙන් රාත්‍රියේදී හොඳින් නින්ද ලැබීමට උපකාරී වේ.

අහිතකර ඇබ්බැහිවීම්වලින් මුදවාලයි

අබිං, කොකේන්, නිකොටින් සහ මත්ද්‍රව්‍ය වැනිදේ වලට ඇබ්බැහි වීමෙන් සිතට සතුට ඇතිකරවන හෝමෝනයට බලපෑම් කෙරේ. ආදරය මඟින්ද සිරුරේ සතුට ඇතිකෙරේ. මේ නිසා ආදරය ඔබේ ඇබ්බැහිවීම්වලින් ඔබව මුදවාලයි. වෙනත් වචනවලින් පැවසුවොත් ආදරය ඔබේ සිත තුළ විශාල සතුටක් ඇතිකෙරේ. එයිනුත් අහිතකර ඇබ්බැහිවීම්වලින් ඔබේ සිත තුළ ජනිත වන සතුට පරාජය කෙරේ.

ආයුෂ වර්ධනය කිරීම

සමීක්ෂණවලට අනුව ආදරණීය සබඳතාවයක් තුළ දිවි ගෙවන්නන්ගේ ආයුෂ වැඩියි. ඔවුන්ගේ රෝගාබාධවලට ගොදුරුවීමේ ප්‍රතිශතය, මානසික ආතතින්ට ගොදුරුවීමේ ප්‍රතිශතය ඉතා අඩුයි. මේ නිසා ඔවුන්ගේ ආයුෂ වර්ධනය වේ.

ආදරය ප්‍රතිකාරයක්

ප්‍රතිකාරයක් ලබාගැනීමට මිනිසුන් වෙහෙසෙනවා. නමුත් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය වන්නේ, ඔවුන්ට සවන්දීමට සහ ඔවුන්ව තේරුම් ගැනීමට කැමැති පුද්ගලයන් ඇසුරු කිරීමටයි. එය ඔවුන්ව සතුටට පත්කරවනවා. ආදරය ලැබීම මිනිසකුගේ මානසික සහ කායික රෝග රැසක් දුරුකරවනවා.

 

814 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 17, අඟහරුවාදා 11:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න