රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 23, සඳුදා 13:17

ඔබේ සුන්දරත්වය ඔප් නංවන Ever sha Bridal හි උදේනි විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
ජීවිතය ජය ගැනීමේ ඉලක්කය ඇයටත්, ඔහුටත් අභියෝගයක් නොවීය. ඒ ඔවුන් ඔවුනට රිසි, හැකියාව ඇති වඩාත් නිවැරැදි දේම තෝරාගැනීමෙනි. අද ඔවුන් කොළොම්තොටේ ජනප්‍රිය නාමයක් රැන්දූ ඡ්මඥප ඉඩච බ්‍රයිඩ්ල් හෝම් හි හිමිකරුවෝයි.

 

ඒ අන් කවරකු නම් නොව උදේනි ඉඳුරුවගේ සහ සංජය ප්‍රසාද් ඉඳුරුවගේ යි.

යුවතියකගේ ජීවිතයේ සොඳුරුතම දිනය මංගල දිනයයි. අමතක නොවන අමතක කළ නොහැකි ඒ දිනය අන් අයගේත් මතකයේ රැඳෙන සේ සැමරීමට ඔවුන් උත්සාහ දරයි. ඒ උත්සාහයට ජීවයක් දෙමින් මනාලියගේ සුන්දරත්වය ඔප් නංවන්නට වෙහෙස දරන උදේනි දක්ෂතා සපිරි රූපලාවණ්‍ය ශිල්පිනියකි.

ඇයට සැබැවින්ම ඇත්තේ සහජ හැකියාවකි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ඇය විශේෂ පාඨමාලාවක් හදාරා නොමැත. තරුණී පුවත්පතේ ඇසුරත් දෙස් විදෙස් සඟරා පරිහරණය ඔස්සේත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් පැවැත්වූ රූපලාවණ්‍ය වැඩමුළු සඳහාත් සහභාගි වෙමින් තම දැනුම වැඩි දියුණුකර ගෙන තිබේ.

ඒ අනුව අංක 354/ඒ පැපිලියාන, බොරලැස්ගමුව ඡ්මඥප ඉඩච බ්‍රයිඩ්ල් හෝම් වෙත පිය නගන ඔබව ඇය වඩාත් සොඳුරු රුවැත්තියක් කරයි. මනාලියන් හැඩ ගැන්වීමට ප්‍රමුඛස්ථානයක් ලබා දෙයි. එයට අමතරව කොණ්ඩා මෝස්තර දැමීම, ෆේෂල් කිරීම, නේල් ආට්, මෙනික්‍යු, පෙඩික්‍යූ ඇතුළු රූපලාවණ්‍ය සත්කාර ගණනාවක් සිදුකරනු ලැබේ.

මේ කර්තව්‍ය වඩාත් සාර්ථකවීම උදෙසාත් ඡ්මඥප ඉඩච වෙත පිය නගන ඔබට විවාහ මංගල්‍යයේ සියලු දෑ එකම වහලක් යටින් සිදුකර ගැනීමේ පහසුවටත් ඇගේ සැමියා සංජය ප්‍රසාද් ඉඳුවරගේ ඡ්මඥප ඉඩච වෙඩිං ඩිසයිනර් නමින් ආයතනයක් එම ස්ථානයේම පවත්වාගෙන යයි. එමඟින් පෝරුව, සෙටිබැක්, පොල්තෙල් පහන, ටේබල් ඩිසයින්, මංගල කේක් එක, මල් කළඹ, මංගල රථය සැරසීම ඇතුළු සම්පූර්ණ උත්සව ශාලාව සැරසීම ආදී කටයුතු වඩාත් සිත්ගන්නාසුලු අන්දමින් සිදු කරනු ලැබේ.

ඔහු මේ සියල්ල සිදුකරනුයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාණකරණ සඳහා අධ්‍යයන කටයුතු කරන අතරතුරයි. එබැවින් ඡ්මඥප ඉඩච වෙත පිය නගන ඔබට වඩාත් අලංකාරවත්ව විවාහ මංගල්‍යයේ සියල්ල එකම වහලක් යටින් සිදුකර ගැනීමේ අපූරු හැකියාව පවතී.

"මගේ ගම මහනුවර, පේරාදෙණිය මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ. මම උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරුවේ. ප්‍රසාද් සමඟ විවාහ වීමෙනුයි කොළඹට ආවේ. ඔහුගේ සහය ඇතිවයි මා රූපලාවණ්‍ය ශිල්පිනයක් ලෙස කටයුතු කරනුයේ. එසේම ඔහුත් ඒ හා සමගාමීව කටයුතු කරන වෘත්තීයක නියැළීම තුළින් මා වෙත පැමිණෙන සේවාදායකයාට උපරිම සාධාරණත්වයක් ඉටුකිරීමේ හැකියාව අප සතුයි.

වෙනස්වන විලාසිතා ලෝකයේ සැරසරමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තරගකාරිත්වයට මුහුණ දෙමින් සාර්ථක ගමනක් යාම මගේ අභිලාෂයයි.

මෙවන් දක්ෂතා සපිරි ඇයගෙන් හා ඔහුගෙන් ඔබේ විවාහ මංගල්‍ය ආකර්ෂණීය ලෙස හැඩකර ගන්නට දැන් ඔබටත් හැකියි.

1316 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 23, සඳුදා 13:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න