රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 31, අඟහරුවාදා 14:12

සිහින් උදරයක් සඳහා සිහින මවන්නකු නම්... විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
“මොනතරම් ඇඟ හැඩට තිබුණත් වැඩක් නැහැ, මේ බඩක් එක්ක. බඩ නම් බහින්නෙම නැහැ.” මේ වගේ මැසිවිලි ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම අසන්නට ලැබෙනවා.

 

උදරය එල්ලා වැටීම, උදරය ඉදිරියට නෙරා තිබීම, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න. සිරුර අවලස්සනයි. මොන ඇඳුම අන්දත් කිසිම හැඩයක් නැහැ. අවලස්සන පැත්තකින් තිබියදී භයානකම තත්ත්වය තරුණ අවධිය පසු කිරීමත් සමඟින් විවිධ රෝගාබාධ රැසකට මුහුණපාන්නට සිදුවීමයි. මේදය අධිකව තැන්පත් වුණු උදරයකින් මිදෙන්නට ඇත්නම් ඉන් අත්කර ගත හැකි සෞඛ්‍යමය වාසි බොහෝමයි. දියවැඩියාව, හෘද රෝග, ආතරයිටීස් වැනි හන්දි රෝගවලට පවා උදරය ඉදිරියට නෙරා ඒම වක්‍රාකාරව හෝ බලපායි.

ලෝක සෞඛ්‍යය සංවිධානය ඉදිරිපත් කර ඇති ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index)  නොහොත් උසට සරිලන බර පවත්වා ගෙන යන්නට අපි කවුරුත් උනන්දු විය යුතුයි.

උදරය අනවශ්‍ය පරිදි ඉදිරියට නෙරා විත් දැයි ඔබට ටේප් පටියක් ආශ්‍රයෙන් නිවෙසේදීම බලාගත හැකියි. එහිදී කාන්තාවන්ගේ නම් ඉණ අඟල් 35 ට (සෙන්ටිමීටර් 80) වැඩිනම්, පිරිමියකුගේ නම් අඟල් 40 ට වැඩිනම් ඔහු හෝ ඇය උදරමය ස්ථූලතාවයෙන් පෙළෙන අයකු ලෙස හඳුන්වාදීමට පුළුවන.

මෙසේ වීමට විශේෂිත රෝගාබාධ හැරුණු විට අප එදිනෙදා ගන්නා ආහාර රටාවන් හා දෛනික දිවිපෙවෙත සෘජුවම බලපායි. මෙය යහපත් අතට පත්කර ගැනීමේ වගකීම බොහෝදුරට පැවරෙන්නේ තමාටම ය. උදර ප්‍රදේශයේ මේදය ඉවත් කිරීම තරමක් අපහසු දෙයක් වුවත් එය කළ නොහැකි දෙයක් නොවේ.

ප්‍රෝටීන සහිත ආහාර වැඩිපුර ගන්න

 

බර පාලනය කිරීමේ කර්තව්‍යයේ දී ප්‍රෝටීන මනා මෙහෙවරක යෙදෙයි. ප්‍රෝටීන වැඩිපුර ගැනීමෙන් දිනකට ආහාර ලබා ගැනීමේ දැඩි ආසාව සියයට 60 කින් පමණ අඩු වේ. ඒ අනුව බිත්තර, මාළු ඇතුළු මුහුදු ආහාර, රනිල කුලයට අයත් භෝග වර්ග, ඇට වර්ග, මාංසමය ආහාර, කිරි නිෂ්පාදනයන් වැඩිපුර ගන්න. මෙවැනි දේ ලබාගැනීම තරමක් අපහසුනම් වෙළෙඳපොළේ නිසි ප්‍රමිතියකින් යුත් whey protein  එකක් ලබාගත හැකි වේ.

 

කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර අඩුකරන්න

උදරමය මේද දහනය කිරීමට කාබෝහයිඩ්‍රේට් හැකිතරම් අඩු කරන්නට සිදුවේ. පැණි බීම ගැනීමෙන් අක්මාව ප්‍රදේශයේ ද මේදය තැන්පත් වේ.

ජ්පභජබධඵඥ සහිත බීම ලබාගැනීමෙන් සැලකිය යුතු මේද ප්‍රමාණයක් වැඩිවන බව සමීක්ෂණ මඟින් හෙළි වූවකි. අධික සීනි සහිත ආහාරවලට වඩා පැණි බීම ශරීරයට බෙහෙවින්ම අහිතකර වේ.

සතියකට අවම පැය බැගින් දින 3 ක්වත් ව්‍යායාම කරන්න

ශරීරයේ බර පාලනය කිරීමේ ප්‍රධානම සාධකය ව්‍යායාම ය. ඉන් ලැබෙන ප්‍රතිලාභ අමිල ය. උදරය අවම කිරීමෙහිලා ව්‍යායාම සුවිශේෂී දායකත්වයක් දක්වයි.

මේ සඳහාම වූ ව්‍යායාමවල යෙදීම අපහසු නම් ඇරොබික් ව්‍යායාම වෙතින් ද සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිවේ.

දිවීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම් ද සුදුසු වේ.

ඇල්කොහොල් භාවිතය

සෑම ඇල්කොහොල් ග්‍රෑම් 1කම කැලරි 7ක් පමණ අඩංගු වේ.

එම නිසා පුද්ගලයකු මත් වීමේ දී ඉතා විශාල ද්‍රවමය කැලරි ප්‍රමාණයක් ලබාගනියි. බියර් සෑම අංශුවකම සීනි සහිත පැණි බීමක අඩංගු කැලරි ප්‍රමාණයක් ඇත. රෙඩ් වයින්වල මෙම ප්‍රමාණය දෙගුණයකින් වැඩිව පවතී. උදරය සිහින් කරගැනීමට නම් ඇල්කොහොල් භාවිතය සුදුසුම නොවේ.

තේ සහ කෝපි පානය

කෝපි සහ ගී‍්‍රන් ටී සෞඛ්‍යමත් පාන වර්ග දෙකක් ලෙස ලොව පිළිගනියි. කෝපි පානය කිරීමෙන් කැලරි ප්‍රමාණය සියයට 3 සිට 11 අතර ප්‍රමාණයක් දහනය කළ හැකි අතර ගී‍්‍රන් ටී පානය කිරීමෙන් මේද දහනය සියයට 17 ක් පමණ අඩු වේ. බ්ලැක් ටී වෙතින් ද ශරීරයේ මේදය දහනය වේ. එබැවින් කෝපි සහ තේ පානයෙන් ද සැලකිය යුතු ප්‍රමාණයකින් මේදය දහනය වේ.

ආහාර පිසින තෙල් වර්ග

උදරය නෙරා ඒමට ප්‍රධාන හේතුවක් වශයෙන් ආහාර පිළියෙල කිරීමේ දී යොදා ගන්නා තෙල් වර්ග හඳුන්වා දිය හැකි වේ. විවිධ තෙල් වර්ග වෙළෙඳපොළේ තිබුණත් දේශීය සම්පතක් වන පොල්තෙල් භාවිතය ඉතාම සුදුසු වේ. පොල්තෙල්වල අතිවිශිෂ්ට මේද අම්ල සංයුතියක් අඩංගු වේ. ඉණ පෙදෙස මේදය අඩුකිරීමට පොල්තෙල් බොහෝ විට ඉවහල් වේ.

ප්‍රමාණවත් නින්දක්

ප්‍රමාණවත් නින්දක් සුවබර නින්දකි. එය ශරීරයේ බර අඩු කිරීමට දායක වේ. වැඩිහිටි පුද්ගලයකු දිනකට අවම වශයෙන් පැය 5ක් හෝ ඊට වැඩි නින්දකුත් දරුවකු පැය 10 ක හෝ නින්දක් ආසන්න වශයෙන් නොලබන්නේ නම් එය ද ශරීරයේ බර වැඩිවීම කෙරෙහි බලපායි. සුවබර නින්දක් නොලබන පුද්ගලයින්ගෙන් සියයට 55 ක් පමණ තරබාරු වේ.

මානසික ආතතිය

අද සමාජයේ මානසික ආතතියෙන් හා

සාංකාවෙන් පසුවන පුද්ගලයන් බහුලය. මෙය ලෙඩ රෝග රැසකට මං පාදන්නකි. ආතතිය මගින් ශරීරයේ ජධපබඪඵධත හෝර්මෝනය නිපද වේ.

එමඟින් ආහාර රුචිය වැඩිවේ. ප්‍රමාණය ඉක්මවා ගිය ආහාර සංඝටක උදරයේ තැන්පත් වනුයේ ඒ අනුවය. ඉන් මිදීමට එදිනෙදා ජීවිතය සඳහා යෝග සහ භාවනා වැනි දේ එකතු කරගන්න.

ජලය පානය

 

නිසි ලෙස ජලය පානය කිරීම නිරෝගිමත් සමකට උරුමකම් කියනවා සේම උදරය අඩුකර ගැනීමට ද උපකාරී වේ.

සෑම ආහාර වේලකටම පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ගතහැක්කේ අඩු ආහාර ප්‍රමාණයකි.

මෙය මලබද්ධය සමනයට ද හේතු වේ. ඒ අනුව උදරය නෙරා ඒම හැකිතාක් අඩුවේ.

මෙවැනි ජීවන රටාවකට අනුගතවන්නට කෙසේ හෝ යත්න දරන්න.

උදරය නෙරා ඒම අඩුකර ගැනීමේ සිහිනය සඵල වනවා නොඅනුමානය.

 

 

උපදෙස්-'සවික්මෝ' කායවර්ධන මධ්‍යස්ථානයේ කායවර්ධන උපදේශක

රජිත් වර්ණකුලසූරිය

2027 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 31, අඟහරුවාදා 14:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න